
(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය අමාත්‍ය මණ්ඩල තීරණවලට සහ කළමනාකරණ සේවා චක්‍රලේඛයට පටහැනිව කාර්ය මණ්ඩල සඳහා පමණ ඉක්මවා වැටුප් සහ දීමනා ගෙවා ඇතැයි කියන සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය තොරතුරු අනාවරණය කරගෙන ඇත.
මණ්ඩලය එලෙස නීති විරෝධී ආකාරයට වැටුප් සහ දීමනා සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි හාරදහස් පන් සිය එකොළහකට (4511) වැඩි බව එම විගණන කාර්යාලය පවසයි.
මණ්ඩලය පාඩු ලැබීමට මෙවැනි නාස්තිකාර වියදම්ද හේතුවී ඇතැයි විගණන නිලධාරීහු පෙන්වා දෙති.
ලංකා විදුලිබල මණ්ඩලය අමාත්‍ය මණ්ඩල තීරණවලට සහ කළමනාකරණ සේවා චක්‍රලේඛයට පටහැනිව 2019 වර්ෂයේදී ගෙවනු ලැබ ඇතැයි පැවසෙන කාර්ය මණ්ඩලයේ දීමනා සහ අනිකුත් වියදම්වල වටිනාකම රුපියල් කෝටි 171කි.
මේ අතර අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව 2009 වැටුප් සංශෝධනය යටතේ සේවකයන්ගෙන් අයකර ගත යුතුව තිබූ උපයන විට ගෙවීම් බදු එසේ අය නොකර ඒ වෙනුවෙන් රුපියල් කෝටි 491 ක මුදලක් මණ්ඩලය 2010-2019 අතර කාලයේදී අතිරේක වියදමක් ලෙස දරා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මෙයට අමතරව විදුලිබල මණ්ඩලයේ සේවකයන් සඳහා CA/WRIT/193/2015 දරණ උසාවි තීන්දුවට පටහැනිව 2019 වර්ෂයේදී රුපියල් කෝටි 3850 ක පමණ මුදලක් වැටුප් ලෙස ගෙවා ඇතැයි කියන සිද්ධියක් පිළිබඳවද විගණන අංශ තොරතුරු හෙළි කරගෙන ඇත.
මේ අතර විදුලිබල පනතට පටහැනිව රජයේ ප්‍රසම්පාදන නීති අනුගමනය නොකර ගි.වො පැය 2165ක විදුලිය වෙනුවෙන් රැපියල් කෝටි 5400ක් වැයකර ජනන බලපත්‍ර නොමැති බලාගාරවලින් 2019වර්ෂයේදී හදිසි මිලදී ගැනීම් කර ඇතැයි කියන සිද්ධියක් පිළිබඳවද විමර්ශනවලදී තොරතුරු අනාවරණය වූ බව විගණන කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් තමයි ලොකුවටම හොරා කන්නේ...
තව තවත් සොයා බැලුවොත් විදුලි කණුවක් මිල දී ගැනීමේ හෝ නිෂ්පාදනය කිරීමේ සිටම හොරකම් කරන හැටිද, පිරී ඉතිරී යන ජලාශ ඉක්මනින් ම හිස් වී පෞද්ගලික බලාගාර වලින් විදුලිය මිලට ගෙන කොමිස් ගන්න හැටිද ආදී මහා වංචා සොයාගත හැකිවෙයි. ඔවුන් වෘත්තිය සමිති දාගෙන කරන්නේ හොරකම් වලට පාරවල් කපාගන්න එක තමයි.
විදුලිබල මණ්ඩලයේ බවුසර්වලින් ගහන ගැහිල්ල ගැන වෙනම හොයන්න ඕනේ. බවුසර්වල වැඩකරන රියදුරන්ගේ මාසෙකට වැටුප කීයද කියලා බැලුවා නම් තේරුම් ගන්න පුළුවන් මණ්ඩලේ පාඩු ලබන්නේ කොහොමද කියලා...
රටේ මුදල් මේ තරම් නාස්ති කරන්න පුළුවන් කාගේ හයියකටද කියා තමයි හිතන්නට තියෙන්නේ. ඒ වගේම මේ තරම් අති විශාල මුදල් සම්භාරයක් අයථා ලෙස පාවිච්චි කළ අයට විරුද්ධව වහාම දැඩි දඬුවම් නියම කළ යුතුයි නේද?
වීරයෙක් පත්කරගෙන අවුරුදු 2කටත් වැඩියි. මොන මගුලක් කරනවද මන්දා තාම? විරයගේ බලය 20වැනි සංශෝධනයෙන් වැඩිකරගත්තු එක විතරයි හරියට කළේ...
රටේ සාමාන්‍ය පුරවැසියෙක් විදියට මම ගැනම දුකයි.
සභාපතිවරු මොකද කළේ.?
මහජනතාවට සපයන සේවාවන් අතුරින් විදුලියට ප්‍රමුඛත්වයකි. ආලෝකය ලබාගැනීමට පළමු තැන හිමිවන අතර කර්මාන්ත/ සේවා දෙවැනුවයි. ලංවිමහි විදුලි විද්‍යාර්ථයින්ට එම මණ්ඩලයේ ඉහළම පිළිගැනීමයි. නමුත් ලංවිම ආරම්භයේ සිටම එහි විද්‍යාර්ථයින්, දේශපාලුවන් හා සම්බන්ධ වී හෝ නොවී හෝ මණ්ඩලය රැගෙන ගොස් ඇත්තේ අවගමනයකට බව සනාථව ඇත. ලංකා විදුලි පෞද්ගලික සමාගමේ සභාපති, නීතීඥ අතුල ද සිල්වා මහතා මෑතකදී තම අදහස් දක්වමින් කියා සිටියේ විද්‍යාර්ථයින් නිවැරැදිව කටයුතු කරන අය බවයි. අධිකරණයට සම්බන්ධ නීතීඥවරුන්ටද වරදින බවට මෙය හොඳ නිදසුනකි. එහි සාපය භුක්ති විඳින්නේ සමස්ත ජනතාවමයි... ඔය කියන විදුලි විද්‍යාර්ථයින් විදුලිය සම්බන්ධ කිසියම් හෝ නව නිර්මාණයකට පේටන්ට් හිමිකරගෙන සිටිත්ද? අපූරුව නම් 13913 විදුලිය සඳහා වූ නව නිමැවුමකට පේටන්ට් හිමිකරගෙන ඇත්තේ පාසල දරුවෙකු වීමයි. තවත් එවැනිම විදුලිය සඳහා වූ නව නිමැවුමකට 2009 සිට පේටන්ට් නොගෙන ඕනෑම අයෙකුට ඊට පේටන්ට් ගැනීමට වසර 20ක කාලයක් ඉඩතබා ඇත්තේ මේ කියන දූෂිත විදුලි විද්‍යාර්ථයින්ට සිතීමට හෝ ඉඩ තබමින්මය.
මෙබඳු දෙයක් අපේ රටේ වීම ගැන කණගාටු වීමට තරම් කාරණා නැත. ඒ මෙසේ නොවුණා නම් පුදුමයට කාරණයක් නොවන බැවිනි. අනාගතය පුරෝකථනය ඉංජිනේරුවන් සතු කාර්යයක්... වැඩේ හරි නම්, අවශ්‍ය කටයුතු ඉටුවෙලා තියෙනවා නම් මෙලෙස කරන එක සාධාරණයි. වැරදි ලෙස ගෙවන ලද මුදලුත් ඊට අදාළ පොලියත් සියල්ල නැවත අයකර ගත යුතුවෙනවා. එසේ නොමැති නම් දේපළ රාජසන්තක හරි, එම මුදල අය කර ගන්න වෙනවා.
මේක අපේ කරුමෙට ඇතිවෙච්ච හොර ගුහාවක්. පෙට්‍රෝලියම් ගත්තත්, ජල සම්පාදනේ ගත්තත් හොර ගුහාවල්. මේ සියලු දෙනාට ජාතික පඩි ප්‍රතිපත්තියක් දෙන්න බැරි ඇයි? ඒකට එකඟ වෙන්න බැරි අය මේ රටට එපා. සෙන්ට්‍රල් බැංකුව වෙනම ගමනක. ජනාධිපති කාර්යාලය තවත් ගමනක් යනවා. දොස්තරලා අමුතුම කාල සටහනක. දුම්රියේ කට්ටියට කොච්චර දුන්නත් මදි. මේ රට හැදෙන්න අලුත් බලවේගයක අවශ්‍යතාවය දැන් නම් පැහැදිලියි. අනේ මන්දා අපේ කාලේ ඉවරයි. අපේ දරුවන්ට මොනවා වෙයිද? තනිව මේවා කල්පනා කරන්න කාලේ හොඳයි.
මේවා හෙළිදරව් කරන්නේ දේශපාලකයින් නොවෙයි, ජාතික විගණන කාර්යාලය...