(යොහාන් භාසුර)
ලාෆ් ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් සැපයුම අත්හිටුව හොත් ලංකා ඛනිජ සංස්ථාවේ සම්පූර්ණ ගෑස් නිෂ්පාදනය ලිට්‍රෝ ගෑස් සමාගමට ලබාදෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥා සුමිත් විජේසිංහ මහතා පවැසීය.
ලාෆ් ගෑස් සමාගම ගෑස් ආනයන අත්හිටුවීමේ සූදානමක් පවතින බවට විවිධ මාධ්‍යවල පළවී තිබීම පිළිබඳව ඛනිජ තෙල් සංස්ථාවේ අවදානය යොමු වී ඇති බවත් එවැනි තත්වයක් ඇති වුවහොත් සිය ආයතනයට කිසිඳු පාඩුවක් නොවන බවත් සුමිත් විජේසිංහ මහතා කීය.
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සැළකිය යුතු ගෑස් ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බව කී සභාපතිවරයා පැවසුවේ එම නිෂ්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යන බවත්ය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ලාෆ් ගෑස් නැවැත්වුවහොත් සම්පූර්ණ ගෑස් නිෂ්පාදනය ලිට්‍රෝ ගෑස් සමාගමට
දිසා.....ගම්පහ. Tuesday, 20 July 2021 05:47 PM
වලිගයට, බල්ලා නැටවීමට නොහැකි බව පෙන්වා දිය යුතුයි.
WCA Tuesday, 20 July 2021 05:49 PM
පාරිභෝගික සේවා අධිකාරිය බුදිද? මේවා හොයා බලන්නේ නැද්ද? මිනිස්සු අමාරුවේ වටෙන කල්ද බලන් ඉන්නේ?
dhamneth Tuesday, 20 July 2021 05:53 PM
ගෑස් අලෙවියෙන් පාඩුයි කියමින් අලුතින් ලීටර ක්‍රමයට ගෑස් සිලින්ඩර වර්ගයක් නිෂ්පාදනය කර තිබෙන්නේ විෂයය බාර ඇමැතිතුමාගේ අනුදැනුම ඇතිවද?
Koka Wednesday, 21 July 2021 11:17 AM
ඒ වුනාට කහපාට මුදලාලි ඡන්දෙදි ගෑස් හිඟයක් ඇතිකරලා ගොඩක් උදව් කළා නේද?