(නිමන්ති රණසිංහ)

බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුථාපන කටයුතු හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වරදක් කර ඇත්නම් ඔහුට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ‘ලංකාදීප’යට ඊයේ (16) පැවසීය.

යම් අයකුට බලපත්‍ර සහිත ගිනි අවියක් සන්තකයේ තබා ගත හැකි නමුත් එය වැරදි ආකාරයට පරිහරණය හෝ අවභාවිත කිරීමේ කිසිදු අයිතියක් නැතැයි ද අමාත්‍යවරයා සදහන් කළේය.

කිසියම් අයකු වරදක් සිදුකර ඇත්නම් රටේ නිතිය අනුව කටයුතු කළ යුතු බවත් එසේ කටයුතු කිරීමේදී අමාත්‍යවරයකු වූ පමණීන් විශේෂයක් දැක්විය නොහැකි බවත් වීරසේකර මහතා කීවේය.

යම් සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම නම් ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණීල්ලක් ඉදිරිපත් විය යුතු බව සදහන් කළ අමාත්‍යවරයා එම පැමිණීල්ල අදාළ පාර්ශ්වයක් විසින්ම කරනු ලැබිය යුතු බවත් පැවසීය.

සරත් වීරසේකර මහතා මෙසේ පැවසූවේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා බන්ධනාගාර දෙකකට අයුතු ලෙස ඇතු`ථ වී සිදුකළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අප කළ විමසුමකදීය.