(අජන්ත කුමාර අගලකඩ)
අනුරාධපුර සහ වැලිකඩ බන්ධනාගාරවලට,බීමතින් සිය මිතුරන් පිරිසක් සමඟ අයුතු ආකාරයෙන් ඇතුළු වු බවට චෝදනා එල්ල වී ඇති, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මධ්‍යම විධායක කමිටුව රැස්වී, සාකච්ඡා කර සුදුසු පියවරක් ගන්නා බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය .
ඉතාලියේ සංචාරයක් සඳහා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ සති අන්තයේ දිවයිනට පැමිණීමට නියමිත බැවින්, අගමැතිවරයා පැමිණි පසු පක්ෂයේ මධ්‍යම විධායක කමිටුව රැස්වීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය .
අනුරාධපුර සහ වැලිකඩ බන්ධනාගාර වලට බීමතින් ඇතුළුවී අයුතු ආකාරයෙන් හැසිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ලොහාන් රත්වත්තේ මහතා එහි වගකීම භාර ගනිමින් ,ඔහු එතෙක් දැරූ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉකුත් බදාදා ඉල්ලා අස්විය
ඔහු එක් රාජ්‍ය අමාත්‍ය ධුරයකින් ඉවත් වූ නමුත්, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරය තවදුරටත් කටයුතු කරයි.
ලොහාන් රත්වත්තේ මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් කර ,නිති ය ක්‍රියාත්මක කරන ලෙසට පොලිසියට පැමිණිල්ලක් ද ලැබී ඇති අතර ඔහුගේ අනෙක් රාජ්‍ය අමාත්‍ය ධූරයද ඉවත් කරන ලෙස විවිධ පාර්ශව රජයෙන් ඉල්ලා ඇත .
COMMENTS
උරුමක්කාර කුමාරයා කියන්නෙ අස්වුනේ තාවකාලිකව කියලා අපිට හිතන්නෙ කැබිනට් ඇමතිකමකුත් ලැබෙනවා කියලා එහෙම බැරිම නම් ඉහලම රාජ්‍ය ඇමතිකමක් දෙන්න ජයවේවා.!
මේ වගේ කෙනෙක් ඇමති කෙනෙක් වුනාම මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.
සාමාන්‍ය මිනිහෙක් මේ වැඩේ කරා නම්, මෙලහකටත් වැඩේ හරි. ඒත්, මොකද මේ කෙකෙර ගගා ඉන්නේ. කියවන්න හා කතා කරකර ඉන්න වේලාව මෙය නෙමෙයි. වහාම නිසි පියවර ගන්න.
අපිත් බලාගෙන ඉන්නවා මෙයාට දෙන දඩුවම මොකක්ද කියලා. අවුරුදු කීයකට විතර හිරේ යයිද?
දැනටමත් ප්‍රමාද වැඩියි. මින් ඉදිරියට කිසි පියවරක් ගන්න එකක් නැහැ.
මොකක්ද? තව ඇමති කමක්වත් දෙන්නද කල්පනාව.
දැන් නේ මෙයා එලියට ඇවිත් තියෙන්නේ. අර ගම්මන්පිලට එරෙහිව දගලපු දැගලිල්ල කොහේ ද? පක්ෂ විනය පරීක්ෂණ එහෙම. ගන්න හදන සුසුදුසු පියවර රට්ටු දන්නවා. නිකන් විහිලු සපයන්න එපා.
සුදුසු පියවරක් කිව්වේ සියලු වැරදිවලින් නිදොස් "කොට" නිදහස් කරන ලදී වෙන්න ඇති.
එන්න ඉක්මනින් විසර්ජනය සහ තවත් ඇමති තනතුරක් !!!!!
සුදුසු නීතියක් නැතුව ඇති. ඒක නිසා තමයි සුදුසු පියවරක් ගන්නේ.
සුදුසු පියවර තමා ආපහු ඇමතිකම දීම .මොකද කිසිම සාක්ෂියක් නැහැනේ ඇමති පිස්සු නැටුවා කියලා
මේකට නිසි පියවරක් ගත්තොත් එදාට සුනඛයන් අසූචි නොකාවි. අනේ ඔයගොල්ලනගෙ පියවර, සී සී ටී වී කැමරා නැහැ, ඉතිරි සාක්ෂි නැති කරන එක මහ වැඩක් නොවෙයි. මෙක ටික දවසක් ඇදගෙන ගිහින් වෙන නාඩගමක් කරලියට ගත්තම වැඩේ ගොඩ, කෝ අර නැව ,වන්දි , කැස්බොන්ගෙ මරණ පරීක්ෂණ වාර්තා, ඒවගේ තමයි හැබැයි මේව සදාකල් මතක තියෙන බුද්ධිමත් ජනතාව ඉන්න බව අමතක කරන්න එපා.
රාජ්‍ය අමාත්‍යකමින් අයින් කරලා කැබිනට් අමාත්‍ය ධුරයක් දෙන්න...
ඔයගොල්ලෝ ගන්න තීරණ අපි දන්නේ නැද්ද ඉතින්. මෙහෙම ගියොත් ලබන සැරේදී චන්ද දායකයෝනම් හොඳවැයින් තීරණයක් ගනී. එදාට සමහරු නම් 2015 කළා වගේම ඒගොල්ලන්ගේ රටවල් වලට පැනගනී. ඔහෙලට තමයි කන්න වෙන්නේ.
ගම්මන්පිලටදුන්නා වගේ එකක් දෙන්න.
මේ රට කිසිම දවසක හැදෙන රටක් නොවේ. හැකි සෑම අවස්ථාවකම මේ රටින් පිටව යාමට උත්සාහ කරන්න...
සුදුසු පියවරක් ගන්න පස් මහ බැලුම් බල බලා ඉන්නවා ඇති... රතුපස්වල වතුර ඉල්ලපු අයට වෙඩි තියලා ගත්තු පියවර නම් ලෝකෙම දන්නවා...
ඇත්තට මොකද මේ තරම් පරක්කු? කාලකන්නියෙක් රටම අවලාදයට ලක්වන වැඩක් කරත් මෙයාලා නෙවෙයි කටක් අරින්නේ. එ්කට දේශ ප්‍රේමය, ජාතිආලය කරලා නම් මෙලහටත් කරලා... හොඳම දේ මේ රට දාලා සෝමාලියාවට හරි යන එක... එතකොට රාජපක්ෂලයි, රත්වත්තේලයි, වික්‍රමසිංහලායි, ප්‍රේමදාසලයි ඉතිරි ටිකත් කයි. ගෝඨාභයට දුන්නු ඡන්දය ආපහු ගන්න බැරිද?
මෙහෙ තියන්න බැරි නම් ලොකු රටක තානාපති තනතුරකට පත් කරලා යැව්වානම් හොඳයි නේද.?
ලේකම්තුමා පුලුවන්නම් අර විමල්ට ගම්මන්පිලට දාපු සෙල්ලම් මෙයාටත් දාලා බලන්න.
මේගොල්ලෝ ඔක්කොම යාලුවෝ මල්ලි .එක වල්ලේ පොල්
යකඩයක් විනාශ වෙන්නේ යකඩෙන් ඇතිවන මලකඩ නිසයි.
රටේ තියෙන ලොකුම ප්‍රශ්නය මේක නොවයි. මට හිතෙන්නේ මේකත් අවධානය වෙනතකට යොමු කරන්න කරපු දෙයක් කියලා ඩොලර් ප්‍රශ්න, උද්ධමනය, කොරෝන, ගුරු සටන් (අසාධාරණ) ඒ මදිවට මානව හිමිකම් කෞන්සිලේ ප්‍රකාශය, මහා බැංකුව දේශපාලනීකරණය ආදිය අද යට ගිහින් ...
සර් ලා ... හොදට ම කරනවා, ප්‍රීති... පාලන අධිකාරියේ අවශ්‍යතාවක ට මිස ... කොයි බබා ද හරියට ඇතුලට ගිහිල්ලා මුළු කාලේ ම ඉඳලා අවේ.
ඔය පියවර කියන්නේ තමන් ඇවිදින කොට ගන්න පියවර වෙන්ට ඇති.
ඔහු උඩරට සිංහල බෞද්ධයෙක්. උඩරට රජු වෙනුවෙන් කළ දේ මෙන් උඩරට මිනිසුන් නැවත වැරැද්දක් කරනු ඇතැයි මම නොසිතමි.
කාන්තා කටයුතු ඇමතිකම වගේ. සුදුදු පියවරක් ගත්තොත් හොඳයි.