(යොහාන් භාසුර)

මිල්කෝ සමාගමේ හිටපු සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා ලංකා පොහොර සමාගමේ සභාපති ධූරය භාරනොගැනීමට තීරණය කර තිබේ.

ලංකා පොහොර සමාගමේ සභාපති ධූරයට තමන් පත්කළ බව මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ලිපියක් යොමුකර තිබූ බව කී වික්‍රමසිංහ මහතා නොවැළැක්විය හැකි හේතුවක් මත එම සභාපති ධූරය බාරගත නොහැකි බව ලිපියක් මගින් ලේකම්වරයාට දැනුම් දුන් බව ද ලසන්ත වික්‍රමසිංහ මහතා ‘ලංකාදීප’යට සඳහන් කළේය.