( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය කියා සිටී.
පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය පද්ධති අඩපණ වීමේ අවදානමක් පවතින බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය පෙන්වා දේ.
සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය සහ පුද්ගල සංචරණයන් ඇතුළු කරුණු එම තත්ත්වයට හේතු වී ඇති බව එම කාර්යාලය වැඩිදුරටත් සදහන් කර සිටී.
මේ අතර ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තය හේතුවෙන් පසුගිය සතියේ තුළ පමණක් ලොව පුරා රටවලින් කොවිඩ් -19 ආසාදිතයින් මිලියන 04ක් පමණ වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටේඩ්රෝස් ගේබ්‍රියේසස් මහතා සඳහන් කර සිටී.
මේ හේතුවෙන් ලොව පුරා සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව නුදුරේදීම මිලියන 200 සීමාව පසු කරනු ඇති බව ඔහු පෙන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd