(නිමල කොඩිතුවක්කු)
ලංකා විදුලි බල මණ්ඩලය මේ වසර සඳහා ඇස්තමේන්තුගත අලාභය රුපියල් කෝටි අටදහසක් බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.
එසේ වුවද විදුලි බිල වැඩි නොකරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
තලංගම ලංකා විදුලි බල මණ්ඩලයේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට අද (30) එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
විදුලි බල මණ්ඩලය වාර්ෂික අලාභය මහවැලිය ඉදිකිරීමට යන වියදමට සමාන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
ලංකා විදුලි බල මණ්ඩලය මෙතරම් පාඩු ලැබීමේ වගකීම දේශපාලඥයන් බාර ගත යුතු බවද ඔහු පැවැසීය.
කොතරම් පාඩු ලැබුවද ලංකා විදුලිබල මණ්ඩලය කිසිම දිනෙක පෞද්ගලීකරණය කිරීමට තමන් ඉඩ නොතබන බවත් කී අමාත්‍යවරයා නිවැරදි තීන්දු තීරණ මගින් එම ආයතනය ලාබ ලබන ස්ථානයක් බවට හැකි ඉක්මනින් පත් කරන බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මපා මේ ගොයියා දැක්ක කල්... හැබෑවට කොහෙද වසන් වෙලා හිටියේ... නිකම් ලැබුණු ගේ ගැන අමතක ගොයියට ඉතින් උන්හිටි තැන් අමතක වෙන එක අරුමයක්යැ... ඒ එක්කම සතොසට, මහා බැංකුවට වෙච්ච දේ මතක් වෙනකොට " විදුලි බෝබිලොන්ටත් " දෙයියන්ගේම පිහිට ආරක්ෂාව ලැබේවා...!!!
අයියේ එන පොට හොඳ නැහැ. හොරු නැති, සල්ලි වාෂ්ප වෙන රටේ දේශපාලකයින් කියන්නේ එකක් කරන්නේ තවත් එකක් බව මුළුරටම දන්නවා...
ඔයා ඉතින් ආසියාවේ හොඳම මුදල් ඇමතිනේ... ඒ නිසා මේ ප්‍රශ්නය ඔයාට ලොකු දෙයක් නොවේ. ඉක්මනින් ආසියාවේ හොඳම බලශක්ති ඇමැතිවෙලා, තවත් සුපිරි නිවසක් තෑගි ලබා ගන්න.
රවී අයියේ කරුණක් අසමි. සතොසද හොඳ? බැංකුවද හොඳ? බැංකුවද හොඳ? විදුලියද හොඳ? සතොස හොඳයි කිව්වත් වැරදියි. බැංකු හොඳයි කිව්වත් වැරදියි. විදුලි හොඳයි කිව්වත් වැරදියි. එබැවින් නංගියේ මල්ලියේ පවසමි... ඔක්කොම ගොඩය කියා..
නමුත් අපි හැමෝම හොඳින්ම දන්නවා.. පාඩු ලබන ඕනෙම රාජ්‍ය ආයතනයක හිඟ මුදල් සොයා ගැනීමට වෙන ආකාරයකින් මහජනයා මත බදු පටවන්නට සිදුවන බව. එබැවින්, පාඩු ලබන රාජ්‍ය ආයතන ඇත්නම්, ඒවායේ හිඟය මහජනයා මත නොපැටවීමට ඇති හොඳම විකල්පය නම් එවැනි ආයතන පෞද්ගලීකරණය කිරීමයි.
පළාත් සබා චන්දෙ. ඉවර වෙනකම්. නේද. .
බැඳුම්කර සල්ලි වලින් පාඩුව පියවනවා. ජනතාවට බරක් දෙන්නේ නෑ..
බිල වැඩි නොකරන්නේ කොපමණ කාලයකටද? විදුලි මණ්ඩලයේ වැටුප් සහ අනිකුත් දීමනා ගැනත් ජනතාව දැනුවත් කොරන්නකෝ. දැන් රජයට බදු හැරෙන්නට කිසිම ආදායම නැත. ඔබේ ඔය කතාව ළඟදීම විදුලි බිල වැඩි වීමේ ඉඟියක්.
සූර්ය පැනලා හරහා විදුලිය උත්පාදනය කරන බලාගාර හොදට අව්ව තියෙන පැතිවල ආන්ඩුවෙන් කරා නම් ඔය ජලය සහ ඩීසල් බලාගාර වලට යන වියදම් සම්පුර්ණයෙන් අඩු කරගන්න පුලුවන්. ඒත් මෙවා වෙන්නේ නැත්තේ පුද්ගලික ඩීසල් බලාගාර අයිතිකරයෝ නිසා. එයාලගේ පදේට තමයි නිලධාරීන් වැඩ කරන්නේ.
ඔතරම් පාඩු ලබන්නේ දුෂණය නාස්තිය නිසා වෙන්න බැරිද?