IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ලොවම කම්පාකළ ව්‍යාසනයට වසර 17යි

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාව සුනාමි ව්‍යසනයට මුහුණ පා අදට (26) වසර 17 කි. ඉන් මියගිය අය සිහිපත් කරමින් විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙහි ප්‍රධාන සැමරුම් උත්සවය සීමිත ජනතා සහභාගීත්වයකින් ගාල්ල “පැරෑලිය සුනාමි ස්මාරකය” අභියස දී අද (26) පෙරවරු 8.30 සිට 10.30 දක්වා පැවැත්වීමට නියමිතය.

රාජ්‍ය නිළධාරින්, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මෙන්ම සුනාමි ව්‍යසනයයෙන් මියගිය අයගේ පවුල්වල ඥාතීන්ද මෙම අවස්ථාවට එක්වන අතර ඔවුන් විසින් ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමට නියමිතය.

සුනාමි ව්‍යසනයට හසුව හානි වූ අංක 50 දුම්රිය එන්ජිම සහිත දුම්රියක් ද මෙම අවස්ථාවේදී පැරෑලිය වෙත පැමිණෙන අතර ව්‍යසනයෙන් මියගිය අයගේ ඥාතීන් පිරිසක් ද මෙහි පැමිණ සැමරුම් වැඩසටහන හා එක්වීමට නියමිත බව වාර්තා වේ.

එමෙන්ම අද (26) පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක කාලයක නිහඬතාවයක් ආරක්‍ෂා කරමින් සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

තෙල්වත්ත පැරෑලිය සුනාමි ස්මාරක කමිටුව හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව සංවිධානය කර ඇති මෙම උත්සවයේදී ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමද සිදුකෙරේ. සුනාමි ව්‍යසනය 2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා උදෑසන සුමාත්‍රා ආසන්නයේ සිදු වු භුමි කම්පාවක් නිසා හටගත් සුනාමි රළ ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ලගා වූ යේ භුමි කම්පාව සිදුවී පැය 01 කුත් විනාඩි 32කට පසුව වන අතර ශ්‍රී ලංකාවේ මුහුදුබඩ දිස්ත්‍රික්ක 14 කට එහි බලපෑම් ඇතිවිය.

සුනාමි ව්‍යසනය නිසා මිය ගිය සංඛ්‍යාව ආසන්න වශයෙන් 35,000 ක් පමණ වන අතර අතුරුදන් වූ සංඛ්‍යාව 5000 ක් පමණ වේ.

මීට අමතරව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 34 ක පවුල් 235,145 කට අයත් 502,456 පිරිසක් මින් අවතැන් වූහ.

 



අදහස් (0)

ලොවම කම්පාකළ ව්‍යාසනයට වසර 17යි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 145 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 764 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site