
(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල-මාතලේ ප්‍රධාන මාර්ගයේ දඹුල්ල ලෙනදොර පාසල අසළදී අද(11) ලොරි රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයි.
මියගොස් ඇත්තේ ලොරි රථයේ රිය සහයක ලෙස ගමන් කරමින් සිටි, දඹුල්ල කිරලගොල්ල ලෙනදොර ලිපිනයේ පදිංචි බී. ජී. හේරත් බණ්ඩා (55 ) අයෙකි.
අනතුරින් ලොරි රථයේ රියදුරු නිහාල් ධර්මදාස නැමැති අයෙකු බරපතල තුවාල ලබා ඇති බව පොලිසිය කියයි. ටිපර් රථයේ රියදුරු එම ස්ථානයෙන් පලාගොස් ඇත.
දඹුල්ල දෙසින් හුණුගල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයක් සහ කොන්ත්‍රාත් සමාගමකට අයත් ලොරි රථයක් ගැටී මෙම අනතුර සිදුවී ඇතැයි දඹුල්ල පොලිසිය කියයි. ලොරි රථය දෙකට කැඩී වාහන දෙකම මාර්ගයෙන් ඉවතට පැන නැවතී ඇත.
සිද්ධිය ඇසින් දුටුවන් කියා සිටියේ වාහන කිහිපයක්ම නවතා ඔවුන්ව රෝහල්ගත කිරීමට ඉල්ලා සිටිය ද අනෙකුත් රථවාහන හිමියන් නොනවත්වා ධාවනය කළ බවය. මාර්ගයේ ගමන් කරමින් තිබූ තවත් වාහන රියැදුරන් කිහිපදෙනෙකුට කතාකර තුවාලකරුවන් දඹුල්ල රෝහලට රැගෙන යෑමට කටයුතු කළ බව ඔවුහු පැවසූහ.

2025 දෙසැම්බර් මස 30
56
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලොරි - ටිපර් රථ අනතුරින් අයෙක් මරුට-අයෙක් රෝහලේ