IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


ලියාපදිංචි නොවූ ඖෂධ කිහිපයක් ගාල්ලෙන් සොයාගනී

(ඩී.ජී.සුගතපාල)

ගාල්ල නගරයේ ඖෂධ ශාලා පරික්ෂාවකදී ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොවු බවට සැකකරන ඖෂධ වර්ග කිහිපයක් සොයාගත් බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත ජීවරත්න මහතා පැවසීය.

එම ඖෂධ පිළිබඳ වාර්තාවක් ලබා ගැනීම සඳහා  ඒවායේ සාම්පල් ඖෂධ නියාමන අධිකාරිය වෙත යැවීමට කටයුතු කළ බවත් ඔහු කීය.

මෙසේ සොයාගත් ඖෂධ වර්ග අතර හෝමෝන වර්ග සහ ලිංගික උත්තේජන ඖෂධ රැසක් තිබූ බවත් ඖෂධ නියාමන අධිකාරියේ වාර්තාව ලැබුණූ පසු එම ඖෂධ ශාලාවලට විරුද්ධව නීතිමය කටයුතු කරන බවත් ජීවරත්න මහතා ප්‍රකාශ කළේය.

මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා මෙසේ ද පැවසිය.

“ලංකාවේ අලෙවි කරනු ලබන සියලුම ඖෂධ වර්ග ඖෂධ නියාමන අධිකාරියේ ලියා පදිංචි කළ යුතු ඒවා විය යුතුයි. එසේ ලියාපදිංචි නොකරන ලද ඖෂධ අලෙවිය තහනම්. නමුත් ඖෂධ ශාලාවක නොමැති  ඖධයක් හදිසි රෝගියකුට අවශ්‍ය වන්නේ නම් වෛද්‍යවරයාගේ නිර්දේශය මත ඖෂධ නියාමන අධිකාරිය මගින් ගෙන්වා ගැනීමට පුලුවනි.

දැනට දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඖෂධ ශාලා 200 පමණ සංඛ්‍යාවක් තිබෙන අතර ඉදිරියේ දී ඒවා සියල්ලම පරික්ෂාවට ලක් කරනවා. එයට අමතරව බලපත්‍ර නොමැතිව පවත්වා ගෙන යන ඖෂධශාලා වැටලීම ද සිදුකරනවා.“

හම්බන්තොට දිස්ත්‍රික් ආහාර සහ ඖෂධ පරීක්ෂකවරුන් වන කේ.එච්.ජයරත්න ඩී.එස්.පී.ගුණසේකර යන මහත්වරුන්ගේ සහාය ඇතිව ගාල්ල දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂක එස්.එස්.හපුආරච්චි මහතා විසින් මෙම පරීක්ෂාව සිදු කරන ලදී.



අදහස් (0)

ලියාපදිංචි නොවූ ඖෂධ කිහිපයක් ගාල්ලෙන් සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 436 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 456 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site