IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ලෙබනන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දිනපතා විවෘතයි

 

( තිළිණි ද සිල්වා )

ලෙබනනයේ බීරූට් හි පිපිරීම්වලින් එහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සහ නිලධාරීන්ගේ නිල නිවාසවලට සිදුව ඇති හානි ප්‍රතිසංස්කරණය කරමින් පැවතියද, පිපිරුමෙන් පීඩාවට පත් ලාංකිකයින්ට සහන සැලසීම සඳහා, තානාපති කාර්යාලය දිනපතා විවෘතව පවතින බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

මෙම පිපිරීම් වලින් තුවාල ලැබූ ලාංකිකයින් සංඛ්‍යාව 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් තිදෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද එම තානාපති කාර්යාලය වැඩිදුරටත් කීය.

මෙම හදිසි ආපදා තත්ත්වය තුළ තානාපති කාර්යාලය හා නිරන්තරයෙන් සම්බන්ධ වෙමින් එහි සේවාවන් හා උපදෙස් ලබා ගැනීමට විශාල ලාංකිකයන් පිරිසක් යොමුව ඇතැයි ද තානාපති කාර්යාලය කියා සිටී.

මෙම පිරිස් වෙත වියළි සලාක බෙදාහැරීමේ වැඩසටහන අඛණ්ඩව සිදුවන අතර, තවත් විශාල පිරිසක් වියළි සලාක ඉල්ලා සිටින බැවින් සවිස්තරාත්මක තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර් බළකායේ සාම සාධක භටයන් හා ලෙබනන් බලධාරීන් සමඟ ද ඉතා සමීපව කටයුතු කරන බවද තානාපති කාර්යාලය පෙන්වා දේ.

ලෙබනනයේ මෙම පිපිරීමෙන් මේවනවිට  මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 137 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, තුවාල ලැබූවන්ගේ මුළු සංඛ්‍යාව 5,000 ඉක්මවා ඇතැයි ද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

 



අදහස් (1)

ලෙබනන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දිනපතා විවෘතයි

Nimal Saturday, 08 August 2020 04:30 PM

පුදුමයි අපේ කට්ටිය මේකත් ගෝඨාභය මහත්තයාගේ වැඩක් කියපු නැති එක.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site