(රංජන් කස්තුරි)
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ආහාර එතුම් කොළ (ලන්ච් ෂීට්) නිෂ්පාදකයින් සඳහා නව නීති හඳුන්වා දී තිබේ.
ඒ අනුව ආහාර එතුම් පැකට්ටුවේ සන්නම් නාමය, උපරිම සිල්ලර මිල,නිෂ්පාදකයාගේ නම ලිපිනය,නිෂ්පාදිත දිනය හා ආයු කාලය ,භාවිතා කරන ලද ද්‍රව්‍ය,භාවිත ද්‍රව්‍ය පිළිබඳ ප්‍රකාශනය , මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි අංකය , එතුමක ප්‍රමාණය පැකට්ටුවක හෝ බණ්ඩලයකට අඩංගු එතුම් සංඛ්‍යාව භාෂා තුනෙන්ම සැකසූ ලේබලයක් ඇතුළත් කළ යුතුය.
මෙම නව නීතිය 2020 වර්ෂයේ ජූනී මස 01 වැනිදා සිට බලපැවැත්වේ.
COMMENTS
මම යෝජනා කරනවා ඔය ඔක්කොම දාපුවහම ඉඩ මදි නිසා ලන්ච් ෂීට් එක වර්ග මීටරයක් විතර එකක් විය යුතුයි කියලා. අනික, හදිසියේම අවදි වුණු පාරිභෝගික අධිකාරියේ ලාංඡනය, රාජ්‍ය ලාංඡනය, වෙළඳ ඇමතිගේ නම, පෞද්ගලික ලේකම්ගේ නම්, වාහන අංක හා පැමිණිලි කිරීමේ දුරකථන අංක ආදියද මුද්‍රණය කරන ලෙස නියම කල යුතුයි.
ලංකාවේ පරිසරයට එකතුවෙන අපද්‍රව්‍ය වලින් 90% කට වඩා තියෙන්නේ එක වරක් පමණක් පාවිච්චි කරලා විසිකරන, ප්ලාස්ටික් වතුර බෝතල්, ප්ලාස්ටික් බීම බෝතල්, කිරිපැකට් සහ ටොපි/බිස්කට් ආවරණ, මේවා දැන්ම තහනම් කලේ නැත්නම් අපේ රටේ දැනට වෙලා තියන පරිසර විනාශය කවදාවත් ආපහු ආපස්සට හරවන්න ලැබෙන්නේ නැහැ. අනාගත පරපුරට පරිසරය කියල ඉතුරු වෙන්නේ ප්ලාස්ටික් කුණු ගොඩවල් පමණයි.
ඔය විස්තර ලයිස්තුවට අර හලාල් සහතිකෙකුත් ගැහුවනම් සර්වසම්පුර්ණයි.
Mahee... උඩින් පල්ලෙන් බලන්නේ නැතිව හරියට කියවලා අදහස් දානවානම් හොඳයි.
අන්න හොඳ වැඩ. අපේ ආණ්ඩුවක්ම එන්න ඕන ලන්ච් ශීට් එක ගැන බලන්නත්.
මෙය තහනම් කරන්න...
මොන පිස්සු වැඩක්ද ? මීට වැඩිය පිළිගත් ක්‍රමවේදයක් හදුන්වා දෙන්න. මහලොකුවට නීතියක් ගෙනාවා. ඒක හරියට ක්‍රියාත්මක උනේ නෑ. ඒකෙන් උනේ මේවගේ මිල වැඩිවුන එක විතරයි. හදන්නේ පරණ අමුද්‍රව්‍ය දාලා. ඔය පාරිභෝගික අධිකාරියද මොකද්ද කියන එක නිදාගෙනද හිටියේ ?