(ඩයනා උදයංගනී)
කෑම එතීම සඳහා භාවිතා කරන දිරාපත් නොවන පොලිතීන් (ලන්ච් ෂීට්) නිෂ්පාදනය හා බෙදාහැරීම ලබන 1 වැනිදා සිට තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණයට සහය දැක්වීමට මෙරට සුපිරි වෙළෙඳසැල් ජාලයේ සියලු නියෝජිතයන් එකඟතාව පළ කර ඇත.
මේ සම්බන්ධ සාකච්ඡාවක් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ මෙරට දැනට ක්‍රියාත්මක සියලු සුපිරි වෙළෙඳසැල්වල නියෝජිතයන් අතර පරිසර අමාත්‍යාංශයේ දී පැවති අතර එහිදී මෙම එකඟතාව පළ වී ඇත. දිරාපත් වන ලන්ච්ෂීට් අලෙවිය රට වෙනුවෙන් කරන සේවාවක් බැවින් ලාභය නොසලකා ඊට සහයෝගය දෙන්නැයි අමාත්‍යවරයා සුපිරි වෙළෙඳසැල් නියෝජිතයින්ගෙන් ඉල්ලීමක් කළ අවස්ථාවේ ඔවුහු ඊට එකඟතාව පළ කළ බව පරිසර අමාත්‍යාංශය පවසයි.
2017 දී පොලිතීන්වලින් නිෂ්පාදිත නොදිරණ ලන්ච්ෂීට් තහනම සම්බන්ධව ගැසට් නිවේදනයක් පළ කර තිබුණත් එම තහනම මෙතෙක් විධිමත් ලෙස ක්‍රියාත්මක වී නැතැයි ද මහින්ද අමරවීර මහතා පැවසීය. නොදිරන ලන්ච්ෂීට් තහනම ලබන 1 වැනිදා සිට අනිවාර්යයෙන් ක්‍රියාත්මක බව කී ඇමතිවරයා ජනතාවට ඒ වෙනුවෙන් විකල්ප හඳුන්වා දීමට පියවර ගෙන ඇතැයි ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෑම පාර්සලයකට වඩා ගණන් ටේක් අවේ බෑග්ස්... කොළ ඇතුළු අනිකුත් දේවල්, ඉතින් කොහොමද කෑම විකුණන්නේ..?
ලන්ච් ශීට් වෙනුවට.. නෙළුම් කොළ, කෙසෙල් කොළ, කැන්ද කොළ, හල්මිල්ල කොළ භාවිතා කළ හැකියි..
ඊට කලින් එයාලගේ පොලිතීන් ටික නවත්තල දා ගන්නවා නම් ලොකුම උදව්වක්..
ප්ලාස්ටික් බෝතල් ,ශොපින් බෑග් තහනම් කල යුතුයි .කානු අවහිර වෙලා මදුරු කීට පොල් කුඩු වගේ ලක්ෂ ගණනින්