(***සියඹලාණ්ඩුව සරත් ඩී. අධිකාරි, *** මොණරාගල අතිරේක කේ.එම්.පී. බණ්ඩාර)
ලාදුරු රෝගය වැළඳුන වනගත රිළවකු සියඹලාණ්ඩුව – ඇතිමලේ ප්‍රදේශයේදී ඉකුත් 8 වැනිදා සොයාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
මෙම රෝගය වැළඳුන සත්වයකු ශ්‍රී ලංකාවෙන් හමුවූයේ ප්‍රථම වතාවට බවද කියති. ප්‍රදේශයේ බිම වැටී සිටි රිළවකු ගම්වැසියකු විසින් වනජීවී නිලධාරීන්ට භාරදී ඇති අතර, ඔවුන් පසුව මේ පිළිබඳව සෞඛ්‍ය අංශ දැනුවත් කර තිබේ.
මොණරාගල ලාදුරු මර්දන ඒකකයේ නිලධාරීන් පැමිණ පරික්ෂණ කීපයක් කර ඇති අතර එහිදී සතාට ලාදුරු වැළඳී ඇති බවට තහවුරු කරගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.
මෙම රිළවා එදිනම මියගොස් ඇති අතර, උගේ සිරුරේ කොටස්, ලාදුරු වැළඳුණු රෝගියකුගේ මෙන් ශරීරයෙන් ගැලවී යන අයුරුද දක්නට ලැබී ඇත.පසුව සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා කොළඹ ප්‍රධාන ලාදුරු මර්දන ඒකකය වෙත යැවූ බව එම නිලධාරීහු කීහ.
මේ අතර, අවට සිටි රිළවුන්ද ඔවුන් පරීක්ෂා කර ඇති අතර, ඔවුන්ගෙන්ද එම රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව මොණරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරියෙක් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඌව ගෙදර ගිහිල්ලා හදාගන්න ලැහැස්තිවෙන්න එපා...
මෙය භයානක තත්වයක්, මේ සතුන් හරහා ලාදුරු රෝගය මිනිසුන්ට සම්ප්‍රේෂණය විය හැක.
මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්... විමලේ පොඩ්ඩක් අප්සට් එකේ ඉන්නේ මේ දවස්වල...