IMG-LOGO

2025 දෙසැම්බර් මස 02 වන අඟහරුවාදා


ලාදුරු යළිත් පැතිර යාමේ අවදානමක්

(තිලකරත්න දිසානායක)

ලාදුරු රෝගය යළිත් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් ජනතාව මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුව බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. 

දිවයින පුරා වසරකට ලාදුරු රෝගීන් 1700 - 2000 අතර පමණ  හමුවන බවත්  මින් වැඩිම පිරිසක් බස්නාහිර පළාත තුළ සිටින බවට හඳුනාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ ක්‍රිශාන්ත සමරවීර මහතා පැවසීය. 

ජනගහනය අධික ප්‍රදේශවලින් රෝගීන් හමුවීම සිදුවන බව හඳුනාගෙන තිබේ.

මේ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 16 අනුව මෙම වසරේදී 54 ක් වන රෝගීන් වැඩිම පිරිසක්  මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් ද, වත්තල කොට්ඨාසයෙන් රෝගීන් 29 ක්, කටාන රෝගීන් 23 ක්, ජාඇල රෝගීන් 21 ක්, කැලණිය 21 ක්, දිවුලපිටිය 14 ක් සහ ගම්පහ කොට්ඨාසයෙන් රෝගීන් 9 දෙනෙකු ද සෙසු කොට්ඨාස 9 හි සුළු වශයෙන් රෝගීන් සිටින බව වෛද්‍ය සමරවීර මහතා කීය.

2018 වසරේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමුව ඇති ප්‍රතිකාර ලබන ලාදුරු රෝගීන් අතරින් ළමයින්  27 දෙනෙකු සහ කාන්තාවන් 79 කු ඇතුළු රෝගීන් 223 දෙනෙකු වන බව වෛද්‍යවරයා පැවසීය.

ලාදුරු රෝගය ස්වසන මාර්ගයෙන් බෝවන බව පැහැදිලි කළ වෛද්‍යවරයා යම් පවුලක අයෙකු හට රෝග ලක්ෂණ පවතින බවට හඳුනාගත හොත් එම පවුලෙහි සැවොම පරීක්ෂාවකට භාජනය කෙරෙන බවත් සමාජයේ 90% ක් පිරිසකට ලාදුරු රෝගයෙන් වැළකී සිටීමේ ස්වභාවික ප්‍රතිශක්තිකරණයක් පවතී.

මෙම රෝගය බෝවීමක් වුවද පැතිරීම විශාල වශයෙන් සිදු නොවන බවත් කුඩා දරුවන් සහ වයස්ගත අයට මෙන්ම ක්ෂය රෝග තත්ත්වයෙන් පසුවන අයට බෝවීම වැඩියෙන් සිදු විය හැකි බවද කීය.

සමෙහි සංවේදනය නොමැති ලප කැළැල්  තැනින් තැන ඇතොත් වහාම චර්ම රෝග පිළිබඳ වෛද්‍යවරයෙකු හෝ රජයේ රෝහලකින් පමණක්  ප්‍රතිකාර ලබාගැනීමට යොමු විය යුතු වේ.

කිසියම් අයකුගේ සිරුරෙහි එවැනි ලප කැළැල් පහකට වඩා අඩු නම් මාස හයක කාලයක් තුළද , ලප කැළැල් පහකට වඩා වැඩි නම් මාස 12 ක කාලයක් ද නිසියාකාරව ප්‍රතිකාර ගැනීමෙන් රෝගය නිට්ටාවටම සුවකර ගැනීමේ හැකියාව පවතින බව වෛද්‍ය සමරවීර මහතා කීවේය.

ලාදුරු රෝගය නිට්ටාවටම සුවකළ හැකි බැවින් සැකසහිත රෝග ලක්ෂණ ඇති වුවහොත් වහාම ප්‍රතිකාර සඳහා යොමු වියයුතු බවත් නියමිත කාලය තුළ වෛද්‍ය උපදෙස්  පරිදි ප්‍රතිකාර ලැබිය යුතු බවත් රෝගීන් සමාජයෙන් වෙන් කර තැබීමකින් තොරව ප්‍රතිකාර  කළ හැකිය.

මෙම රෝගය සම්බන්ධයෙන් අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද වැඩිදුරටත් කීය. 

ලාදුරු රෝගීන් සිටින බවට වාර්තාවන ප්‍රදේශ ආශ්‍රිතව රෝගීන් වේදැයි හදුනාගැනීමට චර්ම රෝග  ජංගම සායන පැවැත්වීමට ද අදාළ සෞඛ්‍ය අංශය මගින් පියවර ගෙන තිබේ.  



අදහස් (0)

ලාදුරු යළිත් පැතිර යාමේ අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 249 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 298 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1217 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site