
(තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකාව හා ලිච්ටෙන්ස්ටයින් රාජ්‍ය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරිමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.
මේ සම්බන්ධ යෝජනාව ඇතුලත් කැබිනට් පත්‍රිකාවක් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉකුත් සතියේ දී කැබිනට් මණ්ඩලයට යොමු කළ අතර ඊට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබුණු බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.
බටහිර යුරෝපා කලාපයට අයත් ලිච්ටෙන්ස්ටයින් රාජ්‍යය ස්විස්ටර්ලන්තය හා ඔස්ට්‍රියාව අතර පිහිටා ඇති අතර කුඩා ජනගහණයක් සහිත රටකි. මෙම රාජ්‍යය ඉතා ඉහළ ආදායම් සහිත යුරෝපා රටක් ලෙස සැලකේ.
වර්ෂ 1961 අප්‍රේල් 18 වැනි දින අත්සන් කෙරැණු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබද වියානා සම්මුතිය පදනම් කර ගනිමින් දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරිමට කැබිනට් අනුමැතිය හිමිවූ බවද විදේශ අමාත්‍යාංශය සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරකද ඔය රටේ තානාපතිකමක් උදයංගට හදලා දුන්නා නම්...
මේකෙන් ලැබෙන ලාභයට වඩා රටට වියදමක් යන බව නම් පැහැදිලියි.
කළු සල්ලි සුදු කරන රටක් හැටියට මේ රට ලෝකේ හරිම ප්‍රසිද්ධයි. අපේ සර්' මොකටද දන්නෑ හදිස්සියේම මෙයාලත් එකක් සම්බන්ධකම් හදාගන්නේ... සමහර විට සීනි බදු වංචාවෙන් ගහපු අයට එයාලගේ කළු සල්ලි සුදු කරගන්න ඉඩ දෙන්නද දන්නෑ...?
කාලෝචිත තීන්දුවක්. අර සීෂෙල්ස් වල කළා වගේ වහාම ලංකා බැංකු ශාඛාවකුත් ආරම්භ කළානම් වැඩේ සම්පූර්ණයි.
ලෝකයේ ඇති පොහොසත්ම රටවලින් එකක්...
කවුද තානාපති කරලා යවන්නේ?
අනිවාර්යයෙන්ම රාජපක්ෂලාගේ සල්ලි හංගන්න පුළුවන් රටක් වෙන්න ඇති. ඕකට දාගනියි පවුලේ කෙනෙක් තානාපතිකමට...
ඊට කලින් මාලදිවයිනට හරිහමන් තානාපති කෙනෙක් පත් කරන්න.
කාගේ කවුද දැන් මේකට යවන්නේ?
හොඳ තීරණයක්. දැන් ඉතින් ඔය වගේ අපේ රටේ අනාගත අභිවෘද්ධිය සඳහා නොමඳව ආධාර උපකාර ලබාගන්න පුළුවන ලෝකයේ ප්‍රබල රටක් සමඟ තානාපති සම්බන්ධතා ඇතිකර ගන්නට සමත්වීම ඉවසා දරාගන්න බැරි සමහරු " යුරෝපයේ තියෙන කුඩාම කුඩා රටක්, රටේ ජනගහනයට වැඩියෙන් ලෝකයේ ධනවතුන්ගේ සමාගම් ලියාපදිංචි කරලා තියෙන රටක්, ලෝකයේ සුපිරි ධනවතුන් සහ දූෂිත පාලකයින් මුදල් විශුද්ධිකරණය සඳහා තෝරාගන්නා රටක් " වගේ කට කැඩෙන කතා පතුරුවල හරි ඔන්න...
කුඩා වුණත් ලස්සන, මුදල් තියෙන රටක්...