(නිමල කොඩිතුවක්කු)

කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය කාලය තුළ තාවකාලිකව නතර කර තිබූ ජනතා සන්තක බස් සමාගම්වල සේවා නියුක්තව සිටි කොටස් හිමියන් සඳහා වන්දි මුදල් ගෙවීම යළි ආරම්භ කර ඇති බව ශ්‍රීලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසයි.

එම වන්දි මුදල් ගෙවීම ජූලි 31 වන දා දක්වා සිදුකරන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

මෙම වන්දි මුදල් ගෙවීම සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු තමන්ට අදාළ ඩිපෝවෙන් දැනුවත් විය හැකි බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.