IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ලංගම බස් දේශපාලන වැඩට නොදෙන්න’යි ප්‍රවාහන ඇමැතිගෙන් උපදෙස්

 
(ඩයනා උදයංගනී)

            
දේශපාලන කටයුතු සහා නොමිලයේ ලංගම බස්රථ ලබානොදෙන ලෙස ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට තමන් උපදෙස් දී ඇතැයි ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.


ඕනෑම අයෙකුට මුදල් ගෙවා එම බස්රථ ලබාගත හැකි බව ද ඇමැතිවරයා කීය.


එමෙන්ම කිසිම පොදු දේපලක් දේශපාලන කටයුතුවලට යොදා නොගන්නැයි තමන් සියලූ දේශපාලන පක්‍ෂවලින් ඉල්ලා සිටින බව ද ඇමතිවරයා සඳහන් කළේය.


පසුගිය වසර තුනක කාලයක් තිස්සේ මූල්‍ය වශයෙන් වර්ධනයක් ලැබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තුළට නැවත දේශපාලනය සම්බන්ධ කරගෙන යළිත් එය අගාධය කරා ගෙන නොයන ලෙස තමන් එම මණ්ඩල සේවකයින්ගෙන් ඉල්ලා සිටින බව ද ඇමැතිවරයා කීවේය.



අදහස් (7)

ලංගම බස් දේශපාලන වැඩට නොදෙන්න’යි ප්‍රවාහන ඇමැතිගෙන් උපදෙස්

rohan Sunday, 11 November 2018 10:14 AM

ඔයාලගේ කට්ටියම තම පිනට බස්රථ අරගෙන දේශපාලනේ කෙරුවේ 2015, තවම ඒවාට ගෙවන්න තියනවානේද ඇමතිතුමෝ?

:       0       0

shan saudi Sunday, 11 November 2018 10:37 AM

අනේ සිරිපාල ඔබලාගේ කියුම් අපට දැන් අහලා එපා වෙලා ඉන්නේ... 2015 මැතිවරණයටත් කලේ ඕකමනේ.. රෙදි ඇඳගෙනද කතා කරන්නේ?

:       0       0

පෙරුමාල් Sunday, 11 November 2018 11:02 AM

පොහොට්ටුවෙන් ඉල්ලුවොත් ණයට වුනත් දෙන්න..

:       0       0

V.warnakulasuriya Sunday, 11 November 2018 11:03 AM

මීට පෙර හිටපු දේශපාලකයන් දේශපාලන කටයුතුවලට නොමිලයේ යොදාගෙන තිබෙනවා නම් එයත් අපි දැන ගැනීමට කැමැත්තෙමු. කව්ද? කොපමණ මුදලක්ද? නැවත ඒවා අයකර ගත්තාද? යන්න...

:       0       0

maal Sunday, 11 November 2018 11:35 AM

එදා සිරිසේන සහ මහින්ද පාර්ලිමේන්තුවට කළ මොකක්ද ජන මහිමයකට ගෙන්වපු සියලුම ලංගම බස් රථ නොමිලේ දීපු නිසා ලංගමයට කෝටි ගාණක් පාඩුයි. ඒවා කාගේ එකවුන්ට් එකටද දාන්නේ...?

:       0       0

Janathawa Sunday, 11 November 2018 02:31 PM

කාගේ කාලේද දන්නේ නැහැ ලංගමට ලක්ෂ ගණන් පොලු තියලා බලෙන් සෙනඟ ඇද්දුවේ?

:       0       0

සුනිමල් Sunday, 11 November 2018 03:09 PM

නමුත් ලංගම කියන්නේ මම දැකපු දූෂිතම ආයතනයක්. පක්ෂ මාරුවුණු ගමන්ම ඉහළ නිලධාරින් මාරුවෙනවා. කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැති මිනිස්සු සේවක සංගම් බලතල මත ඉහළ තනතුරුවලට පත්වෙනවා. සරලම උදාහරණයක් ලෙස මම පුද්ගලිකවම දන්නවා කම්කරු ආපු මිනිස්සු ඉන්නවා කළමනාකරණ තනතුරු වල... කිසිම හැකියාවක් හෝ සුදුසුකමක් නැතිව තනිකරම දේශපාලන බලයෙන්. ඉතින් මේ ආයතන දියුණුවෙයිද? රට දියුණු වෙයිද? මේ විදිහට පත්වෙන මිනිස්සු බලන්නේ තමන් ඉන්න කාලය තුල පුළුවන් තරම් හම්බ කර ගන්න. ඉතින් ආයතනය දුෂණ වංචා අතින් අන්තිම ඉහළයි. මේ විදිහට පුටු මාරු වෙනකොට අතිරික්ත සේවකයන් වැටුප් ලබමින් නිකන් ඉන්නවා. සෑමවිටම එක අයෙක් සේවයේද අනෙකා නිකන්ද වශයෙන් එකම තනතුර සඳහා සේවකයන් දෙදෙනෙකුට ආයතනය වැටුප් ලබා දියයුතු වෙනවා. මේක අලාභ ලබන ආයතනයකට දැරිය නොහැකියි. මෙවරත් අගමැති ඇතුළු ආණ්ඩුව මාරුවීමත් සමග මේ දේම සිදුවුණා. පුද්ගලිකවම මම දන්නා කරුණක් තමයි මෙහෙම අලුතින් ආපු සමහර අයට හිටපු අයට තරම් කිසිම සුදුසු කමක් නැහැ. ඉහළම ලාභ ලැබිය හැකි ආයතනයක් ඉතාම කණගාටුදායක ලෙස පාඩු ලබන තත්වයට පත් වීමෙන් ජනතා මුදල් ලක්ෂ ගණනින් නාස්ති කරන ආයතනයක් ලංගම...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 7 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 594 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site