IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


ලේඛන - ඩී.වී.ඩී. විත්ති පාර්ශවයට දෙන්නැයි නියෝග

(මනෝප‍්‍රිය ගුණසේකර)

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ පවුලේ ඥාතීන් පදිංචිව සිටින කොල්ලූපිටියේ ‘මොනෑක්’ නිවාස සංකීර්ණයේ නිවස පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමෙන් මුදල් ගෙවා රවී කරුණානායක මහතාගේ බිරිඳ සහ දියණිය අධ්‍යක්‍ෂධූර දරණ සමාගමට ලබා දුන් බව බැදුම්කර කොමිසම හමුවේ හෙළි කළ අනිකා විජේසූරිය මහත්මියගේ සහෝදරයාට තර්ජනය කළ බවට චෝදනා ලැබ සිටින විත්තිකාර ශනිල් නොත්තිකුමාර නමැත්තාට ලබාදිය යුතු ලේඛන හා ඞී.වී.ඞී. තැටි විත්ති පාර්ශවයට බාරදී අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතා පැමිණිල්ලට අද (17) නියම කළේය.

විත්තිකාර නිල් නොත්තිකුමාර නමැත්තා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සජික ජයවර්ධන මහතා අධිකරණය අමතමින් විත්ති පාර්ශ්වයට බාරදුන් ලේඛණ හා ඞී.වී.ඞී. තැටි අපහැදිලි බව දැනුම් දෙමින් කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.

2015 ඔක්තෝම්බර් මස 14 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී ජයන්ත විජේසුරිය නමැත්තාට තර්ජනය කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා තුනක් යටතේ නඩු පවරා ඇත.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර ශනිල් නොත්තිකුමාර නමැත්තා අධිකරණයේ පෙනී සිටියේය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සජිත් ජයවර්ධන මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයාට එරෙහි අධිචෝදනා පත‍්‍ර බාරදුන්  අවස්ථාවේදී පැමිණිලි පාර්ශ්වයෙන් විත්ති පාර්ශවයට බාරදුන් ලේඛණ හා ඞී.වී.ඞී. තැටි අපහැදිලි යැයි පැවසීය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ලක්මිණි ගිරිහාගම මහත්මිය කරුණු ඉදිරිපත් කරමින් විත්ති පාර්ශවයට බාරදුන් ලේඛණ හා ඞී.වී.ඞී. තැටි වල මුල් පිටපත් අධිකරණය බාරයේ ඇතැයිද කෙසේ නමුත් පැහැදිලි ලේඛණ හා ඞී.වී.ඞී. තැටි විත්ති පාර්ශවයට කඩිනමින් බාරදීමට කටයුතු කරන්නේ යැයිද පැවසුවාය.

ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරුවරයා ලේඛණ හා ඞී.වී.ඞී. තැටි විත්ති පාර්ශවයට බාරදී අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස නියම කළේය.

 

 

 

 

 

 

 



අදහස් (0)

ලේඛන - ඩී.වී.ඩී. විත්ති පාර්ශවයට දෙන්නැයි නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 422 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 453 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 410 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site