IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ලෝක බාලදක්ෂ දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

(ඩයනා උදයංගනී)

ලෝක බාලදක්ෂ දින සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  ජනාධිපති කාර්යාලයේ දී  අද (23) පස්වරුවේ පැවැත්විණි.

ජනාධිපති බාලදක්ෂ සහතිකපත් ප්‍රදානය ද මෙහිදී සිදුකෙරිණි.

ලෝකයේ ළමුන් වෙනුවෙන් ඇති විශාලතම ස්වේච්ඡා සංවිධානය බාලදක්ෂ ව්‍යාපාරය වන අතර රටවල් 172ක මිලියන 52ක් ළමුන් එහි සාමාජිකත්වය දරති.  

ඊට සම්බන්ධ වන බාලදක්ෂයෙකුට ලබාගත හැකි ඉහළම සම්මානය වන්නේ ජනාධිපති බාලදක්ෂ පදක්කමයි.

ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා විසින් උත්සව සභාවට පැමිණි ශ්‍රී ලංකාවේ  ප්‍රධාන  බාලදක්ෂ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බාලදක්ෂ කරලේන්සුව පළඳවා පිළිගනු ලැබීය.

බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවල් සාමිවරයාගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්වීම, සෑම දිස්ත්‍රික්කයකින්ම එක් අයෙකු නියෝජනය වන සේ තෝරාගත් බාලදක්ෂයන්ට ජනාධිපති බාලදක්ෂ සම්මානය පිරිනැමීම ජනාධිපතිවරයා අතින් මෙහිදී සිදු කෙරිණ.  

ජනාධිපති කාර්යාලයේ පැවති වැඩසටහනට සමගාමීව පළාත් මට්ටමින් වැඩසටහන් 09ක් පැවති අතර ජනාධිපති බාලදක්ෂයින් 700 දෙනෙකුට එහිදී සහතිකපත් ප්‍රදානය කෙරිණි.

සියලු පළාත් අන්තර්ජාලය ඔස්සේ සජීවීව සම්බන්ධ කෙරෙමින් වැඩසටහන පැවැත්වීමට ද පියවර ගෙන තිබූ අතර පැළ ලක්ෂයක් සිටුවීමේ ජාතික බාලදක්ෂ ක්‍රියාන්විතය සාර්ථකව නිම කළ බව දැනුම් දීමේ වාර්තාව සහාය ප්‍රධාන කොමසාරිස් ප්‍රභාත් ගුණරත්න මහතා අතින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

සෑම බාලදක්ෂයෙකුගේම නිවසක හරිත ගෙවත්තක් ඇති කිරීමේ වැඩසටහන සංකේතවත් කරමින් පැළ බෙදාදීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ.

හිටපු ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා අතින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම ද මෙහි දී සිදු විය.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, බාලදක්ධ නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්.එෆ්.එස්. මුහීඩ් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (0)

ලෝක බාලදක්ෂ දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 104 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site