
(රංජන් කස්තුරි)
බැංකු සේවකයන්ට වැටුප් වැඩවීමක් සහ අනෙකුත් ප්‍රතිලාභ ලබාදීම සඳහා වන සාමූහික ගිවිසුම් වසරකට ආසන්න කාලයක් තිස්සේ අත්සන් කර නැතැයි ලංකා බැංකු සේවක සංගමය චෝදනා කරයි.
රාජ්‍ය බැංකු හත සඳහා වසර තුනෙන් තුනට සාමූහික ගිවිසුම් අත්සන් කළ යුතු අතර සාමාන්‍යයෙන් ජනවාරි මාසයේදී එම ගිවිසුම් අත්සන් කළ යුතු නමුත් මේ දක්වා එවැන්නක් සිදුව නැතැයි ද ලංකා බැංකු සේවක සංගමයේ ලේකම් රන්ජන් සේනානායක මහතා පවසයි.
බැංකු සේවකයන් වැටුප් වැඩකිරීම සඳහා ඒ ඒ බැංකුවල අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමි වී ඇති අතර අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන පවා වෙන්කර ඇතැයි ද ලේකම්වරයි කීය.
COMMENTS
වැඩි පඩි මොන කෙන්ගෙඩියකටද? අපිට ලැබෙන පොලිය වැඩිකරන්න. දැන් මිනිස්සු බැංකුවල සල්ලි දමන්නේ නැහැ ඉඩම් ගන්නවා. දෙන දීමනා පහසුකම් මදිද?
වැඩි පඩි අඩුම පොළියට ණය, විශ්‍රාම වැටුප් ඔය ඔක්කෝම ඔබලාට ලැබෙන්නේ ගිනි පොලියට... අහිංසක ජනතාවට දෙන ණයවලින්...
රටේ වැඩිම වැඩ කරන පුද්ගලික අංශයට පඩි ගෙවන්න සල්ලි නැතුව පොලියට අරගෙන ගෙවන සමාගම් පවා තියෙන කාලේ ලංකාවේ වැඩිම පඩි ගන්න බැංකුවල සේවකයෝ රටට තව බරපතල ගැටලු දෙන්න හදනව. මේකද මහජනතාව ගැන හිතන සමිතිවල හැසිරීම. මෙයට මහජන සහය නැත. සාපය පමණක්ම ලැබේ.
ඔබතුමාල වැඩි පඩි ඉල්ලනව, අපිට තිබ්බ පඩියත් නෑ.