( දයාසිලී ලියනගේ )
ලංකා බැංකුවේ සියලුම ශාඛාවල හෙට ( 6) සංකේත වර්ජනයක් පැවැත්වීමට තීරණය කර ඇතැයි ලංකා බැංකු ශාඛා සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අනුරාධ නිරාජ් පීටර් මහතා සඳහන් කරයි.
ලංකා බැංකුවේ මහ කළමණාකාර තනතුර පත් කිරීම සඳහා වසර 80 ක කාලයක් අනුගමනය කළ ක්‍රියා පිළිවෙත නොසලකා අමාත්‍ය මණ්ඩල සංදේශයකින් අඩු සුදුසුදුකම් ලැබූ අයෙක් පත් කිරීම පිළිබඳව විරෝධය දක්වා හෙට සංකේත වැඩවර්ජනයක් පවත්වන බව අනුරාධ මහතා කීය.
ලංකා බැංකුවේ මහ කළමණාකාරවරයා වශයෙන් කටයුතු කළ පූර්ණ සුදුසුකම් ඇති කීර්තිමත් නිලධාරියෙකු වූ සෙනරත් බණ්ඩාර මහතා ඉවත් කර ඔහුට වඩා අඩු සුදුසුකම් ඇති පුද්ගලයෙකු අමාත්‍ය මණ්ඩල තීන්දුව මත පත් කිරීම පිළිබඳව මෙම විරෝධය පැවැත්වෙයි.
රට පුරා ලංකා බැංකු ශාඛා 637 ක 10,000 ක පමණ බැංකු සේවක පිරිසක් සේවය කරති.
COMMENTS
ජ්‍යෙෂ්ඨත්වය, සුදුසුදුකම් (කොල කෑලි සුදුසුකම්), සීනියර් , ජුනියර්, වගේ දේවල් යල්පැනගිය ක්‍රමයන්ය. මේ රටේ ලොකුම හෙනය නම් සේවකයන් පරිපාලනයට ඇගිලි ගැසීමය. සුදුසුකම් අනුවනේ කරලා දැන් ඔය කරලත් පාඩුවෙන් දුවන්නේ. ඉතින් කොහොමද කියන්නේ සුදුසුකමෙන් කෙරු දේවල් හරි කියලා. මේ හදන්නේ තමන්ට හරියන පබ නායකයෙක් පත්කරගන්න. ඔය කව්රුහරි කියන්න මේ වැඩවර්ජනයෙන් මේ ලංකා බැංකුවට වෙන හොද මොකක්ද කියලා. වෙන්නේ රටේ ආර්ථිකයට අගතියක් වීම පමණකි. රජයේ බැංකුවල ඉන්න සෙනගට ඉක්මනට සේවයක් දෙන්න බැරි සේවකයෝ කියනවා පරිපාලනය කරන්න ඕනේ හැටි.
මේක නිතීඥ සංගමයට හොද ආදර්ශයක්.
ඒකාධිපතියෝ පත් කරගත්තම ඔහොම තමා.
හරියට මහා බැංකුවේ අධිපති පත් කරා වගේ වේවි. වෙච්ච හරිය මදිද?
මේ උඩම wca, කියලා කොමෙන්ට් කරලා තියෙන කෙනා දන්නෙ නැතුව ඇති ලංකා බැංකුව තමයි රාජ්‍ය හා පෞද්ගලික ආයතන සියල්ලම අතරින් ලංකාවෙ වැඩිම ලාභය වාර්තා කරන ආයතනය කියන එක. එහෙම ලාභ ලබන්න, ලෝකයේ හොඳම බැංකු 1000 තුල ලංකාවේ ඉහලම තැන ඉන්න දේශපාලන බලපෑම් වලින් තොර මහා කළමණාකරුවෙක් අවශ්‍යයි. ඒකයි හැම වසරෙම ලංකාවෙ ඉහලම ලාභය ලැබුවේ.. මේ වගේ ආයතනයක් පඹයෙක්ට කරන්න බෑ. ඒකයි වැරදි විදියට ජි එම් ඇයින් කලාට සේවකයින් සටන් කරන්නෙ.. සේවකයෝ මේ විදියට නොකලොත් ලංකාවේ මහා භාණ්ඩාගාරයට විශාලම ලාභය උපයල දෙන ආයතනය බංකොලොත් වෙන්න වැඩි දවසක් යන්නෙ නෑ. එහෙම උනොත් අනෙක් බැංකු ටික වැටෙන එක නිකන්ම වෙයි..
රාජ්‍ය ආයතන වලට සුපුරුදු දේශපාලන අතපෙවීම රාජපක්ෂවරුන් විසින් නැවතත් ආරම්භ කර ඇති බවට හොඳම උදාහරනයකි. කෙසේ වෙතත් සෙනරත් බණ්ඩාර මහතා මෙම තනතුරට පත්වූයේද මේ ආකාරයෙන් සුදුසුකම් ඇති තවත් නිලධාරියකු කපාදමමිනි. තවද මොහු බැංකුවට අවංකව සේවය කල, වඩා සුදුසුකම් ඇති නිලධාරීන්ට මොහුගේ පරිපාලනය යටතේ උසස්වීම් ලබා නොදෙමින් ඔහුට හිතවත් අයට උසස් වීම් ලබා දෙමින් කටයුතු කල අයෙකි. එම නිලදාරීන්ට කල අසාධාරනයන් දිට්ඨධම්මවේදන කර්මයක් ලෙසින් මොහුට ලැබී තිබේ. එම නිලධාරීන්ව ඇද දැමූ අසරණ භාවයට අද මොහු මුහුණ දෙමින් සිටී. සුගත් ගුණසේකර මහතාද සිතට ගත යුත්තේ සුදුසුකම් ඇති නිලධාරීන් අකටයුතුකම් නොකර සාධාරණ ලෙස තම පරිපාලන කටයුතු සිදුකිරීමයි. නැතහොත් එම කර්මයට මුහුණදීමට සිදුවන බව සිතට ගත යුතුය.
ඔය වැඩ වර්ජනේ කරන්න සුදානම් 1000ගෙ අඩුව කොම්පුටෙර් 2කින් සපුරන්න පුළුවන්.
හැම තැනකටම තමන්ගේ කෙනෙකුව දා ගත්තාම ඒවාට වැඩ දෙන්න ලේසියිනේ..!!
කල දුටු කළ වල ඉහගන්නවා කියන්නේ මේකට..