IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 125 ක්

පළාත් හයක කුඩා ගොවීන් 470,000ක් ඉලක්ක කරගනිමින් කෘෂිකර්මාන්තයේ ඵලදාව සහ නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වීම වර්ධනය කිරීම සඳහා ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 125ක මුදලක් ලබාදීමට එකඟතාව පළ කර ඇත. 
 
දේශගුණික විපර්යාසවලින් වැඩිම බලපෑමක් සිදුවන පළාත් මේ සඳහා තෝරාගෙන තිබෙන අතර එම පළාත් සියල්ල වියළි කලාපයට අයත් බව ද පැවසේ. 
 
ශ්‍රී ලංකාව ගංවතුර සහ නායයෑම් ආදී දේශගුණික විපර්යාසවලට සම්බන්ධ ස්වාභවික ව්‍යවසනවලට ගොදුරුවීමේ වැඩි අවදානමක් තිබෙන රටක් යැයි ද ලෝක බැංකුව කියයි. 
 
මෙරට කෘෂිකාර්මික රටේ ආර්ථික ක්ෂේත්‍රයට  7.7%ක දායකත්වයක් ලබාදෙන අතර රටේ ජනගහනයෙන් 27%ක් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වී සිටිති. එම පිරිසෙන් 38%ක් කාන්තාවන් බවත් දේශගුණික විපර්යාස සහ ස්වභාවික ව්‍යවසන නිසා වැඩි වශයෙන් පීඩාවට පත්වන්නේ ඔවුන් බවත් ලෝක බැංකුව සඳහන් කරයි. 
 
මෙම ලෝක බැංකු ව්‍යාපෘතිය යටතේ ජල සම්පාදනවලට ප්‍රවේශ වීම සහ  ජල සම්පත් කළමනාකරණය වැඩි කිරීමට ද ඔවුන්ට සහාය හිමි වේ. 
 
කෘෂිකාර්මික නිෂ්පාදනවල ඵලදායීතාව ඉහළ නංවමින් වෙළෙඳපොළවලට ප්‍රවේශ වීමට ඇති හැකියාව වර්ධනය කිරීම මේ ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ. 
 
කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සහ අදාළ පළාත් සභා හය එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. 
 
දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 140ක් වන අතර ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සංවිධානයෙන් ඒ සඳහා ඩොලර් මිලියන 125ක ණය මුදලක් ලැබෙන අතර ශ්‍රී ලංකා රජය ඒ සඳහා ඩොලර් මිලියන 10ක මුදලක් වැය කරයි. ඉතිරි ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක මුදල ව්‍යාපෘතියේ ප්‍රතිලාභ ලබන්නන්ගෙන් දායකත්වයෙන් සපුරා ගැනේ. 
 
 
055
 



අදහස් (3)

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 125 ක්

rasika Tuesday, 12 March 2019 08:27 AM

මේ අය ණයගත්තහම ගෙවන්න ඕනේ අපි.

:       1       10

Raveendra Tuesday, 12 March 2019 10:42 AM

හුරේ..... අදාල ආයතන භාර " ඇමතිට සහ නිලධාරීන්ට " ජය මංගලම් ..

:       28       159

Sumith Tuesday, 12 March 2019 03:37 PM

ගොවියාට ලංකාවේ දෙන විශ්‍රාම වැටුප රුපියල් 1200. ලෝක බැංකුව දැනගත්තොත් හිනා වෙයි.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 552 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 489 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site