
ලෝක නායකයන්, දේශපාලකයන්, ප්‍රකෝටිපතියන් ඇතුළු ලොව ප්‍රබලයන්ගේ බොහෝ දෙනකුගේ අයථා මුදල් රැස් කිරීම්, බදු පැහැර හැරීම්, මුදල් විශුද්ධිකරණ කටයුතු ඇතුළු රහස්‍ය ධනය සහ රහස් මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් අනාවරණය වූ 'පැන්ඩෝරා පේපර්ස්' (පැන්ඩෝරා පත්‍රිකා) අතරේ, ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ නම ද සඳහන් වෙයි.
'පැන්ඩෝරා පේපර්ස්' අනාවරණය සිදු කළේ විමර්ශන මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයයි. ලොව ප්‍රධන පෙළේ මාධ්‍ය ආයතන නියෝජනය කරන ගවේෂණාත්මක මාධ්‍යවේදීන් 650 කට වැඩි පිරිසක් මෙම අනාවරණය සිදු කිරීමට දායක වී ඇත.
ඒ, වසර 7 ක් තිස්සේ ගෝලීය මූල්‍යායතන 14කින්එක්රැස් කරගත් මූල්‍ය ලේඛන පාදක කර ගනිමිනි. ඒ අනුව ඊයේ (3) පැන්ඩෝරා පෙපර්ස් හරහා ප්‍රසිද්ධියට පත්වුණු වාර්තා සහ ලිපි ගොනු ගණන මිලියන 12 ඉක්මවයි. ලෝක ඉතිහාසයේ මහා පරිමාණයෙන් මූල්‍ය වංචා අනාවරණයක් සිදුවුණු පළමු අවස්ථාව මෙයයි.
නිරූපමා රාජපක්ෂ සහ ඇගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් සමග එක්ව ඇය ව්‍යාජ සමාගමක් පවත්වාගෙන ගිය බවත් ඒ හරහා ලන්ඩන් සහ සිඩ්නි නගරවල නිවාස මිලට ගැනීම සහ වෙනත් ආයෝජනවල යෙදීම සිදුවූ බවත් පැන්ඩෝරා පත්‍රිකා අනාවරණය කර තිබේ.
'පැන්ඩෝරා පේපර්ස්' හරහා මූල්‍ය අකටයුතුකම්වලට සම්බන්ධ වූ බව අනාවරණය වූ රාජ්‍ය නායකයන් සහ පුබලයන් අතර ඉදිරියෙන්ම පසුවන්නේ ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජුය. දෙවැනි අබ්දුල්ලා රජු, බ්‍රිතාන්‍ය සහ අමෙරිකා එක්සත් ජනපදයේ පවුම් මිලියන 70ක් දේපළ රහසිගතවරැස් කර තිබේ.
බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් සහ බිරිඳ චෙරීගේ නම 'පැන්ඩෝරා පේපර්ස්' අනාවරණයට ඇතුළත් වෙයි. දෙදෙනා පවුම් මිලියන 6.45 ක මුදලක් ගෙවා දේපල මිලදී ගත් අවස්ථාවේදී ඒ වෙනුවෙන් ගෙවිය යුතු පවුම් තුන් ලක්ෂ දොලොස් දහසක මුද්දර ගාස්තු නොගෙවා ඇති බව 'පැන්ඩෝරා පේපර්ස්' අනාවරණය කර ඇත.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අයත් මොනාකෝ රාජ්‍යයේ රහසිගත දේපළ ඇති බව 'පැන්ඩෝරා පේපර්ස්'අනාවරණය කරයි. මහ මැතිවරණයකට මුහුණ දීමට සූදානමින් සිටින චෙක් අග්‍රාමාත්‍යඇන්රේච් බබීස් පවුම් මිලියන 12 ක මුදලක් ගෙවා දකුණු දිග ප්‍රංශයෙන් මන්දිර දෙකක් මිලදී ගෙන ඇත.
සිය රටේ දේපල කොල්ලකන බවට චෝදනා ලැබ සිටින අසර්බයිජානයේ ජනාධිපති ඉලාම් අලියෙෆ් ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් එක්සත් රාජධානියෙන් ලබාගෙන ඇති දේපලවල වටිනාකම ඩොලර් මිලියන 400 කට අධිකයැයි 'පැනමා පේපර්ස්' අනාවරණය පෙන්වා දෙයි. ජනාධිපති ඉලාම් අලියෙෆ් සිය 11 හැවිරිදි පුතුටද ලන්ඩනයෙන් ඩොලර් මිලියන 30 ක ගොඩනැගිල්ලක් මිලදී ගෙන ඇතැයි පැවැසෙයි.
ඊට අමතරව, චෙක් අග්‍රාමාත්‍යඇන්රේච් බබීස්, කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා, ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්, සුපිරි පොප් ගායිකාෂකීරා, නිරූපිකා ක්ලෝඩියා ෂිෆර් මෙන්ම ප්‍රකට ඉන්දීය ව්‍යාපාරික අනිල් අම්බානි ඇතුළු තවත් බොහෝ දෙනකු අයථා මුදල් එක් රැස් කිරීම් සම්බන්ධයෙන් 'පැන්ඩෝරා පේපර්ස්' අනාවරණය කර ඇතැයි පැවැසෙයි.
අනාවරණයෙන් පසු ෂකීරා සහ තෙන්ඩුල්කාර්ගේ නීතීඥවරුන් පවසා ඇත්තේ ආයෝජන පිළිබඳ අදාල බලධාරීන් දැනුවත් කර ඇති බවය. ෂකීරාගේ නීතීඥයා පවසා ඇත්තේ ඇයට එම ආයෝජනවලින් කිසිදු බදු සහනයක් නොවන බව ය. ෂකිරා පදිංචි වී සිටින්නේ මහා බ්‍රිතාන්‍යයේය. ඇය නියමිත පරිදි බදු ගෙවීම් සිදු කර ඇති බව ඇගේ නියෝජිතවරයා මාධ්‍ය වෙත දන්වා තිබේ.
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේකැබිනට් අමාත්‍යවරුන්, හමුදා ප්‍රධානීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සතු රහසිගත සමාගම් පිළිබඳ විස්තර සහ ඩොලර්මිලියන ගණනක මුදල් රැස් කිරීම් පිළිබඳ විස්තර ද ප්‍රසිද්ධියට පත් වී ඇත. අග්‍රමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල වී නොමැති අතර, අග්‍රාමාත්‍යවරයා එම චෝදනා සම්බන්ධයේව ඊයේ (4) සවස විශේෂ ප්‍රකාශයක් ද කළේය.
පැන්ඩෝරා පත්‍රිකාවල නම් සඳහන් සියලු දෙනා සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ පවත්වන පබව අග්‍රාමාත්‍යවරයා එම ප්‍රකාශය හරහා අවධාරණය කර තිබේ. පාකිස්තාන මුදල් අමාත්‍යවරයා සහ ජල සම්පත් අමාත්‍යවරයාගේ නම් අයථා මුදල් රැස් කිරීමේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම ඇති බව ද පැවැසෙයි.
(ඩේලිමිරර්)
COMMENTS
ලෝකයේ වැසී පවතින සැබෑ මායාව එළිකොට, හොරෙන් මුදල් හා දේපළ උපයා ලෝකෙට පෙනෙන්නට සුදනන් සේ ජීවත්වෙන මිනිසුන්ගේ හැටි ලෝකයාට පෙන්වීමට මුල්වූ මාධ්‍යවේදීන් පිරිසට අපගේ ප්‍රණාමය... මේ උත්සාහය තව තවත් ශක්තිමත් කොට ලොවපුරා ව්‍යාප්ත කිරීමට ඉඩ ප්‍රස්ථා ලැබේවා.
අපේ තාත්තත් වැඩිහිටි දීමනාව 2000ක් දෙනවා. තව පොඩ්ඩෙන් අහු වෙනවා.
විරුද්ද පාක්ෂිකයන්ගේ මෙවන් දෙයක් අනාවරණය වුනානම් සද්දේ බලන්න තිබුනා
අපේ සර්ලගේ, මැඩම්ලගේ? ඉතින් අපි සදා ණයගැතියි.
දැන් කළු සල්ලි සුදු කරන රටවල් අතරට ඉන්නේ ලංකාවද ? ඔස්ට්‍රේලියාව, ඩුබායි ,ස්විට්සර් ලන්තය ,එංගලන්තය ද ?
මෙයාලත් එක්ක බලනකොට අපි කොච්චර දුප්පත්ද ?
මම අහලා තියන විදිහට ලන්ඩන්, සිඩ්නි කියන්නෙ ලෝකෙ දේපල මිල වැඩිම නගර දෙක.
දුවමු මිතුර දුවමු. බොහෝ දෑ සිතා ගත හැක. ප්‍රතිඋත්තර වලින් පලක් නැත. අපි හැංඟෙමු.
කියනකොටම මම බය වුනා.
මේ පෙනෙන්නේ හිම කන්දක මුදුන පමණයි
ගැරඬින්ට භූමිතෙල් ගහල වගේලූ නේද හෝ ගාලා දඟලනවලු
දුවන්න මිතුර දුවන්න
විදේශ කුමන්ත්‍රණ කියලා කියයි අපේ මිනිස්සු
හැමෝම එකතු වෙලා හොරකම් කරපුවා ආයෝජනය කරලා තියෙන හැටි දැන් පැහැදිලියි.
කොහොමද ඉන්න කට්ටිය
නම් ගැවිලත් ඇති
පැන්ඩෝරා පේපර්ස් නෙමෙයි... ටොයිලට් පේපර්ස් ආවත් අපේ ලොක්කො කිරි මෙන් පිරිසිදුයි, ට්‍රිලියන වලින් ණය අරන්, මිලියන වලින් රට සංවර්ධන කරපු උත්තමයින් ඉන්නේ අපේ රටේ...
සුනාමි, මිග් යානා, සිල් රෙදි, යකඩ බට, ලිත්, චීන්නුන්ගෙන් ගත් ණය, කෝවිඩ් අරමුදල්,... තව සියගණනක් යටිකූට්ටු වැඩවල පොඩි හෙළිදරව්වක් තමයි මේක...
අපේ කට්ටිය මොල කාරයෝ... මොන ලෝකෙ ජගතෙක්ටවත් අපේ අයගේ නම් එළියට ගන්න බෑ... මොකද ඔක්කොටම හොර පාස්පෝර්ට්, හොර හැඳුනුම්පත් හදලා තියෙන්නේ..
රාජ්‍ය නායකයින් ලෝක හොරු බව ඔන්න සහතිකවම ඔප්පු වුණා.. ගියසැරේ වගේ ආයෙත් ඔය හොර වැඩේ කළ බව ප්‍රසිද්ධ වුණා.. ලංකාවේත් ඉන්න නායකයෝ පට්ට හොරු.. දීපල්ලා මුන්ට ඡන්ද...
පිටිනුත් එහෙම නම් අපේ වාහෙලා ගැන මොන කතාද කොල්ලෝ?
සුද්දෝ කියපු ගමන් ඒක හරි ඇත්ත කියලා හිස් මුදුනෙන් පිළිගන්න එපා. ඔය ලැයිස්තුවේ කිසිම සුදු දේවතාවකුගේ නමක් නැහැ නේද? සුද්දෝ රටවල් අස්ථාවර කරන්න ඔයවගේ දේවල් කරනවා.
අපේ මාධ්‍යවේදීන් මේ වගේ දේවල් කියන්ඩ ගිහින් වෙච්ච් දේවල් ලෝකෙම දන්නවා
69 ලක්ශේ සද්දයක් නැහැනේ
හැබැටම අපේ රටේ අර නැව ගිලුන එකේ සල්ලි කාගේ ගිනුමේද ඇත්තේ?
අපේ රටේ නායකයෝ අපේ ගෙවල් වලට පැනල බත් මුට්ටිය උස්සාගෙන ගියත් උන් හොරු වගේ අපිට පේන්නෙ නෑ. ඕක මේ රටේ ජනතාව දැනගත්තා කියලා කිසි වෙනසක් වෙන්නේ නෑ. කොහොම උනත් ඒ මාධ්‍යවේදීන් කරපු කැපකිරීම අගය කල යුතුයි.