
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ 75 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් 15,20,000 ක මුදලක් සමඟ රාගම තේවත්ත පාරෙ නිවසක් වටලා පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුර පවසයි.
එම සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 750ක් පොලිසිය බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාරදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd