
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් ප්‍රේමතිලක)
පානදුර හිරණ තැඹිලි උයන නිවසකට දොරගුලු කඩා ඇතුළු වූ නාදුනන පිරිසක් නිවෙස් හිමි ව්‍යාපාරිකයාට පහරදී පැහැරගෙන ගොස් ඇතැයි හිරණ පොලිසිය කියයි.
නිවසට කඩාවැදුණු පිරිස නිවසේ තිබූ රූපවාහිනි යන්ත්‍ර දෙකක් සිසිටිවි කැමරා පද්ධතියේ (ඩ් වි ආර්) ගබඩා පද්ධතිය ද රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
ව්‍යාපාරිකයා පැහැරගත් දිනම ඔහුගේ මවගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාදී තිබු නාඳුනන පුද්ගලයකු ඇයගේ පුතු තිස්සමහාරාම ප්‍රදේශයේ රඳවා ගෙන ඇති බවත් මුදාහැරීමට රුපියල් ලක්ෂ 50 ක් ලබා දෙන ලෙසත් පවසා තිබූ බව පොලිසිය කියයි.
පැහැරගත් බව කියන ව්‍යාපාරිකයා තිස්සමහරාම ප්‍රදේශයට ගොස් ගොවීන්ගෙන් කුළුබඩු මිලදීගෙන ඒවා විකිණීමේ ව්‍යාපාරයක් සිදු කරන අයකු බවත් ඔහු විසින් ලබාගත් මුං ඇට ඇතුළු කුළුබඩු තොගයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 75 ක මුදල ගෙවීම පැහැර හැරීම නිසා මෙම පැහැර ගැනීම සිදුකර ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ව්‍යාපාරික පැහැර ගැනීමට පැමිණි පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා හිරණ පොලිසියට අමතරව විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය හා නීතිය කාර්යක්ෂම නැති වුණාම මිනිස්සු අසරණ වෙනවා. එතකොට තමයි නීතිය අතට ගන්න හිතන්නේ...
යකඩෝ... මුං ඇටෙත් කුළු බඩුවක් වෙලා නොවැ...
පොල්ලක් මේ තරම් වටිනා බව දැනගත්තේ අදයි... එහෙනම් රත්තරන් එකක් වෙන්න ඕනෑ...
අපේ රටේ තියෙන්නේ ඇල් මැරිච්ච නීතිනේ... නීති විශාරදයෝ කියන අය වැහිවැහැලා... හැබැයි ඔවුන්ගෙන් එකෙකුටවත් කිසිම වුවමනාවක් නැහැ... එවැනි අඩුපාඩු හරි ගස්සලා වර්තමානයට ගැලපෙන පරිදි යාවත්කාලීන කරන්න. බොරු කයිවාරු විතරයි තියෙන්නේ...