(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ පාතාලයට සම්බන්ධ පුද්ගලයෙකුගේ බිරිඳක් බොරැල්ල මැගසින් පාර ප්‍රදේශයේදී අද (02) අත්අඩංගුවට ගත්බව බොරැල්ල පොලිසිය කියයි.
එම සැකකාරිය සමඟ මත්කුඩු ග්‍රෑම් 52 යි මිලිග්‍රෑම් 500 ක් පොලිසිය භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරියගේ සැමියා පාතාලයට සහ මහ පරිමාණ මත්කුඩු ජාවාරමට සම්බන්ධව දැනට රිමාන්ඩ් භාරයේ සිටින අයෙකු බව පොලිසියි කීය.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් විසින් මෙම සැකකරියට මත්කුඩු ලබාදෙන බවත් එම මත්කුඩු සිල්ලර විකිණීමේ ස්ථාන වෙත මෙම සැකකාරිය සපයන බවත් පොලිසිය කීය.
වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකාරිය වෙනත් කාන්තාවකට මත්කුඩු ලබාදෙමින් සිට ඇතැයි පොලිස් නිලධාරියෙකු පැවසීය.
බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර සැකකරියව අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාරියගේ දුරකතනයට ලැබී ඇති අංක ඔස්සේ විමර්ශන සිදුකර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අනෙක් පුද්ගලයන් කවුරුන්ද යන්න සොයා පරීක්ෂණ පවත්වන බව පොලිසිය කීය.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලක්ෂ 7 ක හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට
කපුරුහාමි Sunday, 02 February 2020 01:08 PM
කුඩු නම් අල්ලනවා. එව්වට මොකද වෙන්නේ? කුඩු කියන්නේ නිකම්ද?