(ටී.කේ.ජී.කපිල)
රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා අයිස් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ ඉන්දීය ජාතිකයකු අද (27) ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධිකාරී ලාල් වීරකෝන් මහතා පැවසීය.
මෙම ඉන්දීය ජාතිකයා නිතර නිතර ගුවන් මගින් ව්‍යාපාරික කටයුතු කරන තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි පුද්ගලයෙකි.
මෙම ගමන් මල්ල පිළිබඳව සැක සිතූ රේගු නිලධාරීන් එය ස්කෑන් පරීක්ෂණයකට ලක් කර ඇති අතර එහි පැත්තක, දුඹුරු පැහැති කඩදාසි කොළවල ඔතා සාරි කිහිපයක් තුළ ඉතා සූක්ෂම ලෙස සගවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ගෙන තිබේ.
මෙහි ග්‍රෑම් 500 කට අධික බරකින් යුතු මත්ද්‍රව්‍ය තොගයක් ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකයෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයිස් ටිකෙන් විනාශ වෙන්නේ ලංකාවේ පොඩි කොල්ලෝ. ඇබ්බැහි වුනාට පස්සේ ජීවිත කාලෙම දුක් විඳින්නේ ලංකාවේ පොඩි කොල්ලෝ, කුඩු වලට ඇබ්බැහි වුනු ළමයෙකුට කතා කරලා බලන්න එයාලා ගෙවන ජීවිතේ ගැන අපි සරදමට "කුඩ්ඩා" කියල කීවට ජීවිතේ නොසැලකිල්ල නිසා හෝ නොදැනුවත්කම නිසා හෝ මෝඩකම නිසා හෝ පළමු වරට කුඩු විකුනන්නේකුගේ දැලට අහුවුණු එකේ පාපය මැරෙන කල් මේ අය විඳින්න ඕනේ. මේ කුඩු ගෙන්වන, බෙදා හරින , එහෙම කරලා ඒ අයව එල්ලන්න ඕනේ