(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හෙරොයින් මත්කුඩු ජාවාරමකට සම්බන්ධ අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනෙකු රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා මත්කුඩු සමඟ අද(07) කලුතර - උතුර නාගස් හන්දියේදී අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාසය අපරාධ විමර්ශන අංශය කියයි.
එම පුද්ගලයන් සමඟ මත්කුඩු ග්‍රෑම් 500ක් හා ත්‍රිරෝද රථයක්ද පොලිසිය බාරයට ගෙන ඇත.
කලුතර බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයකු වන ජෝශප් හෙවත් ජොශා නමැත්තා ලබාදෙන දුරකතන ඇමතුම් අනුව, මෙම සැකකරුවන්ට මත්කුඩු තොගය ලැබී ඇතැයි පොලිස් නිලධාරියෙක් කීය.
ඔවුන් ලද මත්කුඩු කලුතර උතුර නාගස් හන්දිය කන්ද පහළ නිවස කරා ත්‍රි රෝද රථයකින් රැගෙන එන බවට කලුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ලද තොරතුරක් අනුව දින ගණනාවක් රැක සිටි පොලිස් නිලධාරීන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
තොග වශයෙන් ලැබෙන මත්කුඩු ග්‍රෑම් 1 සිට 100 දක්වා විවිධ බර ප්‍රමාණ ලෙස පැකැට් කරන බවද, ලැබෙන ඉල්ලුම අනුව මොවුන් කලුතර හා දකුණු පළාතේ ප්‍රදේශ ගණනාවකට බෙදා හැර ඇතැයිද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු අඹු සැමි යුවළගේ සහෝදරයකු බවත් ඔහු බාල වයස්කාරයකු බවත් පොලිසිය කියයි.
COMMENTS