(නිපුන් ගරුක)

මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ  කේරළ ගංජා කිලෝ 17කට අධික ප්‍රමාණයක් නාවික හමුදා බාරයට ගෙන ඇත.

එහි වීදි වටිනාකම රුපියල් ලක්ෂ 50ක් පමණ වන බව ගණන් බලා ඇත.

පාර්සල් 08ක අසුරන ලද කේරළ ගංජා කිලෝ 17 ග්‍රෑම් 700ක පමණ තොගයක් මෙලෙස හමුදා භාරයට ගත් බව නාවික හමුදාව සඳහන් කරයි.

නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් විනයාරක්‍ෂක අංශයේ අධීක්‍ෂණය යටතේ ගිනි තබා විනාශ කිරීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.