
( රොමේෂ් මධුෂංඛ)
මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක රුපියල් ලක්ෂ 40 කට ආසන්න වටිනාකමින් යුත් වියලි කහ කිලෝ 946 ක් සමඟ සැකකරුවෙකු යුද හමුදාවේ කොමාන්ඩෝ බලකා සෙබලුන් පිරිසක් විසින් අද (29) දින අත්අඩංගුවට ගනු ලැබීය.
සිලාවතුර කැලෑබද ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක නිරත වූ මන්නාරම යුදහමුදාවේ 54 සේනාංකයට අයත් සිලාවතුර කොමාණ්ඩෝ බලකා කඳවුරේ සෙබලුන් පිරිසක් විසින් කැලෑවේ සඟවා තිබූ අදාල කහ තොගය සොයාගෙන ඇති අතර එම කහ තොගය වෙනත් ප්‍රදේශයකට ප්‍රවාහනය කිරීම සඳහා පැමිණි සැකකරුවෙකුද අත්අඩංගුවට ගනු ලැබීය.
අදාල කහ තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් නීති විරෝධීව රැගෙනවිත් වෙනත් ප්‍රදේශයකට ප්‍රවාහනය කිරීමට සැලසුම් කොට තිබූ බවටද අනාවරනය වී ඇත.
සැකකරු සිලාවතුර ප්‍රදේශයේම පදිංචි කරුවෙකු වන අතර කොමාණ්ඩෝ බලකා භාරයට ගත් අදාල කහ කැබලි තොගය හා සැකකරු සිලාවතුර පොලීසියට භාර දීමට පියවර ගෙන ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd