
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
රුපියල් ලක්ෂ තිස් හතක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් පොල්ගස්ඕවිට වෑතර දිසා රෝහලට පරිත්‍යාග කිරීමේ උත්සවයක්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) දා සිදු කෙරිණි .
වෑතර දිසා රෝහලේ විශාල අඩුපාඩුවක්ව පැවති, රෝගීන්ගේ හෘද වස්තුව පරික්ෂා කිරීමේ යන්ත්‍රයක් ඇතුළු උපකරණ තොගයක්, වෑතර දිසා රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්ත වික්‍රම මහතා වෙත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙහිදී ප්‍රදානය කෙරිණි .
මෙම වෛද්‍ය උපකරණ තොගය ඉකුත් ජුනි 23 දා රෝහලට බාරදීමට නියමිතව තිබුණත් මැතිවරණ කොමසාරිස්වරයාගේ මැදිහත් වීමෙන් එය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබුණි .
මේ අතර එම භාණ්ඩ තොගය වෑතර දිසා රෝහලටම ලබා ගැනීම සඳහා හිටපු පළාත් සෞඛ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් අභය ගුණරත්න මහතා හා හෝමාගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක රංග අබේසිංහ මහතා ඇතුළු රෝහල් කමිටුවේ ඉල්ලීමක් මත නැවත වරක් මෙම රෝහලට ලබාගැනීමට මෙසේ පියවර ගෙන තිබුණි .
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ,හිටපු සෞඛ්‍ය අමාත්‍ය පී දයාරත්න, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන නලීන් ප්‍රදීප් උඩවෙල, රොඩ්නි ප්‍රෙෂර්, ලක්ෂ්මන් අභයගුනරත්න,හෝමාගම ආසනයේ සමගි ජන බලවේගය ප්‍රධාන සංවිධායක, නීතීඥ එරන්ද වැලිඅංගගේ , හෝමාගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක රංග අබේසිංහ මහතා,ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

COMMENTS
යහපාලන රජය සමයේ ඕස්ට්‍රේලියාවෙන් බණ්ඩාරවෙල රෝහලට පරිත්‍යාග කල ලක්‍ෂ 100කට වඩා වටිනා වෛද්‍ය උපකරණ හොරකම් කලේ කවුද?
ජීවිතේට රැකියාවක් නොකරපු, සදාකාලිකව මහජන මුදලින් යැපුණු අය ලැබූ පින් නැවත පූජාකරති... අපි සාදුකාර දෙමු...
ඔබගේ ත්‍යාගය ගැන අගය කිරීමයි....
කොහෙන්ද අම්මපා මෙතරම් සල්ලි මෙයාට?
දේශපාලනයෙන් තොරව මෙම සද්ක්‍රියාව අගය කළයුතුයි...
ජීවිත කාලේටම අනුන්ගෙන් යැපුණු සිටුවරුන්ගෙන් දුප්පතුන්ට දානයක්... පින් සිදුවේවා..!!!