
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම කඩයාමොට්ට ප්‍රදේශයේ දි නාවික හමුදා බුද්ධි තොරතුරකින් රුපියල් ලක්ෂ 30 කට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 12 ක් පුත්තලම මුලස්ථාන පොලිසියේ දුෂණ මර්ධන අංශයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
නාවික හමුදා නිළධාරින් හා පුත්තලම මුලස්ථාන පොලිසියේ දුෂණ මර්දන අංශයේ නිළධාරින් පොල් ඉඩමක කළ සෝදිසි මෙහෙයුමක දී මෙම කේරල ගංජා තොගය හා පොලිස් බාරයට ගෙන තිබේ.
කේරල ගංජා තොගය ඉතා ආරක්ෂීතව පොහොර උරවල බහා පොල් ඉඩමේ ස්ථානයක වල දමා තිබියදි සොයා ගෙන තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
අත්අඩංගුවට ගත් සැකරුවන් අවුරුදු 30 හා 40 වයස්වල පසුවන්නෝ වෙති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd