(මනෝප‍්‍රිය ගුණසේකර)
රුපියල් ලක්‍ෂ 20 ක් පමණ වටිනා දැව තොගයක් ත‍්‍රිකුණාමලයට රැගෙන යමින් සිටි ලී මෝල් හිමියකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් සමත්වූහ.
රජයේ කැලෑවලින් දැව කපා ‘අත්‍යවශ්‍ය සේවා’ පුවරුව සවිකළ ලොරි රථ යොදාගෙන දැව ජාවාරමක් කරන බවට කුරුණෑගල අඩවි වන නිලධාරී ජයන්ත විමලසිරි මහතාට ලැබුණු තොරතුරකට අනුව කුරුණෑගල දඹුල්ල මාර්ගයේ කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
කුරුණෑගල දිසා වන නිලධාරී ලලිත් ගමගේ මහතාගේ උපදෙස් මත සැකකරුවන්ගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී රජයේ කැලෑවලින් බලපත‍්‍ර නොමැතිව කැපු දැව විවිධ ප‍්‍රදේශවලට ප‍්‍රවාහනය කිරීම දීර්ඝ කාලයක් තිස්සේ කර ඇති බවට තොරතුරු හෙළි වී තිබේ.
‘අත්‍යවශ්‍ය සේවා’ පුවරුව සවිකළ ලොරි රථ පොලිසිය හෝ වෙනත් රජයේ නිලධාරීන් පරීක්‍ෂාවට ලක් නොකීරීමෙන් නීතීවිරෝධී දැව ප‍්‍රවාහනය කිරීමට දැව ජාවාරම්කරුවන් මෙලෙස කටයුතු යොදා ඇත.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලක්ෂ 20 ක දැව ගෙන ගිය ලී මෝල් හිමියකු ඇතුළු තිදෙනෙකු අල්ලයි
sharm warn Monday, 17 February 2020 04:07 AM
ගස් ටික කපන්න කලින් අල්ල ගන්න බැරි වුනාද ? වන සංරක්ෂණ නිලධාරීන් ගොඩක් වෙලාවට කලේ අස්සයෝ ටික පැනල ගියාට පස්සේ ඉස්තාල වහන එක. මේ රටේ ගහකොළ ගැන කතා කරන්න සටන් කරන්න ඉන්නේ ගෑහැනියෙක් විතරද ?