(ඩී.කේ.රත්න)
රුපියල් ලක්ෂ 20 ක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ ග‍්‍රෑම් 68 ක් කැබ් රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අද (20) තණමල්විල කහකුරුල්ලන්පැලැස්ස දී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ගැනුම්කරුවකුට අලෙවි කිරීම සඳහා මෙම පුද්ගලයා මෙම ගංජා තොගය බොලේරෝ වර්ගයේ කැබ් රථයකින් ප‍්‍රවාහනය කිරීමේදී කැබ් රථයත් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකායට කොටුවී ඇත.
තණමල්විල කහකුරුල්ලන්පැලැස්ස ප‍්‍රදේශයේ පුද්ගලයකු ගංජා තොගයක් ප‍්‍රවාහනය කරන බවට සූරියවැව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පුද්ගලයා ගංජා සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා ගංජා තොගය සහ කැබ් රථය සමග තණමල්විල පොලීසියට බාරදී තිබේ.
සැකකරු වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
349
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
402
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලක්ෂ 20 ක ගංජා ගෙන ගිය අයෙක් අත්අඩංගුවට