
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
නිට්ටඹුව නගරයේ ජංගම දුරකතන වෙළෙදසැලක් කඩා රුපියල් ලක්ෂ දහඅටක් වටිනා දුරතකන 48 ක් සොරාගත් පුද්ගලයකු සොරාගත් දුරකතන සමග අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ පදිංචි මත් ලෝලියකු බව පොලිසිය සදහන් කරයි.
මසකට පමණ පෙර රාත්‍රී කාලයේ නිට්ටඹුව වේයන්ගොඩ පාරේ පිහිටි වෙළෙදසැලෙහි ඉදිරි පස වීදුරුව කඩා ඇතුල්වී මෙම දුරකතන තොගය සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි
කිසිවෙකු එහි වීදුරුවට ගල් පහරක් එල්ල කර බිද දමා මෙම සොරකම සිදු කර ඇති බව මූලික පරීක්ෂණවලදී හෙලිවී ඇත.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.