(සිතුම් චතුරංග)
කොළඹට රැගෙන යාමට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 16ක් වටිනා කේරළ ගංජා කිලෝ 12 යි ග්‍රෑම් 730 පණ්නන්කන්ඩි ප්‍රදේශයේ වෙල්යායක තිබී සොයා ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
වෙනත් ප්‍රදේශයක සිට රැගෙන විත් කොළඹට රැගෙන යාමට සූදානම් කර තිබෙන මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් කිලිනොච්චිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරියකුට ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමක දී කේරළ ගංජා තොගය සොයා ගෙන තිබේ.
සොයා ගත් කේරළ ගංජා තොගය යාපනය හෝ මන්නාරම ප්‍රදේශයේ සිට මෙරටට රැගෙන ආ කේරළ ගංජා තොගයක් බවත් එම කේරළ ගංජා රැගෙන ආ ජාවාරම්කරු වැටලීම සිදුකරන අවස්ථාවේ පලාගොස් සිට ඇත.
කේරළ ගංජා තොගය රැගෙන ආ ජාවාරම්කරු හදුනාගෙන ඇති අතර ඔහු විසින් දීර්ඝ කාලයක සිට මත්ද්‍රව්‍ය කොළඹට ප්‍රවාහනය කර ඇති බවත් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බවත් පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ලක්ෂ 16 ක කේරල ගංජා තොගයක් අල්ලයි