IMG-LOGO

2024 සැප්තැම්බර් මස 16 වන සඳුදා


ලක්ෂ 12 ක හෙරොයින් සමග ප්‍රධාන ජාවාරම්කරුවකු අත්අඩංගුවට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
ලක්ෂ 12 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග මෝටර් රථ දෙකක්, යතුරු පැදි දෙකක්, ලක්ෂ තුනකට ආසන්න මුදලක් සමග ප්‍රධාන පෙලේ හෙරොයින් ජාවාරම්කරුවකු පුත්තලම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අද ( 12 ) අලුයම අත් අඩංගුවට ගෙන ඇත.
 
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේ පදිංචි කරුවකු වන 42 හැවිරිදි  අයෙකි.
 
මෙම සැකකරු කුලී පදනමට යොදා ගත් මෝටර් රථ යොදා ගනිමින් මෙම ජාවාරම සිදුකර ඇති බව කියයි.
පුත්තලම පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණ තොරතුරක් මත පුත්තලම නගරයේ හෙරොයින්  බෙදාහැරීම සදහා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී රැකවල් ලා සිට අත් අඩංගුවට ගත් බව කියයි. සැකකරු සන්තකයේ තිබු හෙරෝයින් ග්‍රෑම් 75 ක් සමග හෙරෝයින් ජාවාරමෙන් අද අලුයම ලබා ගත් රුපියල් 2 62,500  මුදලක් ද සොයාගෙන ඇත.
 
අත් අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදි හෙළි වී ඇත්තේ මෙම සැකකරු එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් ගිනි අවි අලෙවි කිරීමේ ජාවාරමක්ද මෙහෙය වු අයකු බවයි.අදාල සැකකරු මෙම ගිනි අවි ජාවාරම සම්බන්ධව ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් 2008 වසරේ ටී.56 ගිනි අවි තුනක් පිස්තෝලයක් සමග අත් අඩංගුවට ගෙන තිබු බවත් 2018 වසරේදි නිදහස් කර ඇති බවය.
 
අත් අඩංගුවට ගත් සැකකරු හෙරොයින්, වාහන සමග මුදල් පුත්තලම මුලස්ථාන පොලිසියට බාර දී  තිබේ .
පුත්තලම පොලිසය මගින් මෙම සැකකරු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
 
 

 



අදහස් (5)

ලක්ෂ 12 ක හෙරොයින් සමග ප්‍රධාන ජාවාරම්කරුවකු අත්අඩංගුවට

අනුර Saturday, 12 September 2020 05:34 AM

2018 වර්ෂයේදී මෙම පුද්ගලයා නිදහස් කර ඇත්තේ LTTE සමග අවි ජාවාරම් කළ බව නිසි පරීක්ෂණ නොකර බව පැහැදිලිය. ඔන්න යහපාලන සමයේ වැඩ...

:       0       0

Lakmal Saturday, 12 September 2020 06:40 AM

රටට කුඩු ගේන මහමුල් ටික අල්ලන් නැතුව රට ඇතුලේ කුඩු බෙදාහරින්නෝ ඇල්ලුවා කියලා කුඩු උවදුර නැති කරන්න බෑ. කාවද මේ රවට්ටන්න හදන්නේ?

:       0       0

vikum Saturday, 12 September 2020 08:24 AM

බලාගෙන ගියාම රටේ හොඳම ආදායම හා ව්‍යාපාරය කුඩු බිස්නස් වෙලා තිබිලා තියෙන්නේ..., දැන් ඔය අල්ලන මිනිස්සු ටික කාලෙකින් ආපහු නිදහස් වෙනවා. ආයෙත් පුරුදු ජොබ් එක කරනවා ඒක නිසා හොඳම විකල්පය, හමුදා ආරක්ෂාව යටතේ ඔවුන් රජයේ සනීපාරක්ෂක කටයුතු සඳහා ජීවිතානතය තෙක් දායක කරගැනීම, දැන් හිරගෙවල්වල 30000ක් විතර ඉන්නවා කියලා කියනවා.. එ්ක නිසා වැව් අමුණු සුද්ද කිරීමට මොවුන් දායක කරගැනීම වඩාත් උචිතයි.

:       0       0

Hector Saturday, 12 September 2020 09:50 AM

එන්න නරඹන්න අලුත්ම පිට වාර්තා පිට වාර්තා තියමින් දැන් කුඩු තිරයේ පෙන්වනු ලැබේ. ජය වේවා..!!! 

:       0       0

අංජන Saturday, 12 September 2020 07:36 PM

හෙරොයින්.. වමතින් දකුණතට...

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ට්‍රම්ප්ට ආයෙත් වෙඩි තියන්න හදලා
2024 සැප්තැම්බර් මස 16 116 0

යළිත් වරක්, ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එයින් ට්‍රම්ප්ට කිසිදු අනතුරක් සිදු නොවුණු අතර, වෙඩි තැබීම කළ පුද්ගලයා


යුරෝපා තානපති නිලධාරීන්ට මැතිවරණ නීරීක්ෂණය බෑ
2024 සැප්තැම්බර් මස 15 1517 0

මෙරට යුරෝපා සංගමයේ තානාපති කාර්යාලවල සිටින රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ලබන 21 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වෙන අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ නිරීක්ෂණ කණ්ඩායමට


ජනපති බැකප් යානය කාර්මික දෝෂයකින් කටියාව වෙලට ගොඩ බායි
2024 සැප්තැම්බර් මස 14 6031 19

ස්වාධීන ජනපති අපේක්ෂක, ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ගමන් ගන්නා හෙලිකොප්ටර් යානය පසුපසින් පැමිණෙන හෙලිකොප්ටර් යානයේ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් එ


හොරිවිල වෙද මැදුර හදන්න උතුරුමැද පළාත් කාර්යාලයෙන් ලක්ෂ 51ක් දීලා
2024 සැප්තැම්බර් මස 14 4134 29

රජයේ නියාමනයට යටත් නොවන කිසිදු සහන ගාස්තු ක්‍රමයක් නොමැතිව ක්‍රියාත්මක වන හොරිවිල වෙද ගෙදර වාට්ටු සංකිර්ණයක් ඉදිකිරිම සදහා උතුරැ මැද පළාත් සභාව මගින


මුතියංගන විහාරයේ ‘මධූ‘ හස්තියා වළකට වැටී මරුට
2024 සැප්තැම්බර් මස 13 5626 16

මහියංගණ රාජමහා විහාරයේ ඇසළ පෙරහර මංගල්‍යයට රැගෙනවිත් සිටි බදුලු මුතියංගණ රාජමහා විහාරයට අයත් ’මධූ’ නමැති හස්තියා ඊයේ (12) පස්වරුවේ හසලක සෙවෙල බෝක්කුව


සිසු ගැටුමක් ජපුර වහයි
2024 සැප්තැම්බර් මස 12 2509 18

සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අද (12) සවස 6.00 සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවර ගෙන තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 54 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2113 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 975 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site