(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විද්‍යුත් මුදල් හුවමාරු ක්‍රමයට හෙරොයින් මත්කුඩු ජාවාරම කළ පුද්ගලයකු සහ මත්කුඩු මිලදීගත් පුද්ගලයන් හත්දෙනෙකු රුපියල් ලක්ෂ පහකට අධික මත්කුඩු තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු 33 හැවිරිදි වියේ පසුවන්නෙකි.
ප්‍රධාන සැකකරු කුලී පදනම මත ලබාගෙන තිබූ මෝටර් රථය, මත්කුඩු මිලදීගැනීමට පැමිණි පුද්ගලයන් සතු යතුරුපැදි තුනක් හා මත්කුඩු ග්‍රෑම් 32ක් පොලිසිය බාරයට ගෙන ඇත.
මෙම සැකකරු හොරණ ප්‍රදේශයෙන් නිවාස තුනක් කුලියට ගෙන මත්කුඩු ජාවාරම කර ඇතැයි පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු මීට පෙර රත්නපුර ප්‍රදේශයේ හෙරොයින් මත්කුඩු ජාවාරමක් සහ රන්මාල කොල්ලකෑමේ සිදුවීමේ කිහිපයකටද සම්බන්ධ වූවෙකු බවත් පොලිසිය කියයි.
සැකකරු හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


COMMENTS
මත්කුඩු අල්ලන්න එන පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප නම, ගම, තනතුරු දාන ලෝකේ එකමරට ලංකාව වෙන්න ඇති....