(කේ. බුද්ධික කුමාරසිරි)
කොළඹ බම්බලපිටියේ සමාජ ශාලාවක බලපත් රහිතව අලෙවිකිරීම සඳහා තිබූ රුපියල් ලක්ෂ තුනක් වටිනා විදේශීය මත්පැන් තොගයක් සමඟ එහි කළමනාකරු අද(18) අත්අඩංගුවට ගත් බව කොළඹ සුරාබදු කාර්යාලය පවසයි.
සුරාබදු බුද්ධි නිලධාරීන් ලද තොරතුරක් අනුව මෙම වැටලීම කර ඇත.
උපාය දූතයන් දෙදෙනෙකු යොදවා, රුපියල් 33,000ක් ගෙවා සමාජ ශාලාවට ඇතුළු වී බලපත්‍ර රහිතව අලෙවි කිරීමට නියමිතව තිබූ මෙම මත්පැන් බෝතල් තොගය සිය බාරයට ගත් බව නිලධාරීහු පැවසූහ.
සැකකරු අද මාළිඟාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සහකාර සුරාබදු කොමසාරිස් (බ/ප) ශාන්ත දේව සිල්වා සහ සුරාබදු අධිකාරී ෂාමන් රත්නායක මහත්වරුන්ගේ උපදෙස් මත, කොළඹ නාගරික සුරාබදු මධ්‍යස්ථානයේ ස්ථානාධිපති චානක නානායක්කාර අධීක්ෂණයෙන්, සුරාබදු පරීක්ෂක සංජය නිශාන්ත, සැරයන් මේජර් රුවන් කුමානායක, සුරාබදු නියාමකවරුන් වන ධනංජය පුෂ්පකුමාර කේ. එල්. ඉන්දික උපුල් නිලන්ත රාජපක්ෂ, ලංකා සංජීව යන නිලධාරීහු මෙම වැටලීමට එක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාජ ශාලාවක් තියෙනවානම් එක වැඩි ලාබ ලබන්න හොඳ ක්‍රමයක්.