IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


ලංකාව යහපත් රටක් කරන්න දේශපාලනඥයන්ගේ කාර්යයට වඩා විද්වතුන්ගේ කාර්ය වැදගත්

(හර්ෂණ තුෂාර සිල්වා)

ආර්ථික සහ සමාජ මට්ටම්වලින් ඉහළට යමින් තාක්ෂණයෙන් සහ විද්‍යාවෙන් දියුණුව අත්පත් කරගනිමින් ශ්‍රී ලංකාව යහපත් රටක් බවට පත් කිරීම සඳහා දේශපාලනඥයන්ගේ කාර්යයට වඩා විද්වතුන්ගේ කාර්ය වඩා වැදගත් යැයි තමන් විශ්වාස කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (2) ප්‍රකාශ කළේය.

ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් සහ බුද්ධිමත් තරුණ තරුණියන්ගෙන් සමන්විත මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් දැනට වඩා විවෘත මනසකින් බැලිය යුතු බවත් විවෘතභාවයකින් යුතුව සමාජයට එක්විය යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. 

රටේ විද්වත් ප්‍රජාවගේ දැනුම හැකියාවන් යනාදිය එක්තරා සීමාවකට කොටු වී ඇතැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීය. 

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට වසර 60ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කර තිබෙන ‘නවෝත්පාදන සහ නව නිපැයුම් - ඉනවේට් 2019’ ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම කරුණු සඳහන් කළේය. 

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ, සිරිමාවේ බණ්ඩාරනායක ශාලා පරිශ්‍රයේ දී මෙම ප්‍රදර්ශනය පැවැත්වේ. 

එහිදි තවදුරටත් උත්සව සභාව ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.

“නිදහස් අධ්‍යාපනයත් සමඟ විශ්ව විද්‍යාලවලින් බිහිවන උගතුන් බුද්ධිමතුන්, විශිෂ්ඨයන් පෙන්වන දක්ෂතා, ලෝකයේ දියුණුව වෙනුවෙන් කරන කටයුතු ලෝකයේ අනෙක් රටවලට දෙවැනි වන්නේ නැහැ. අපේ විශිෂ්ටයන් ලෝකයට දෙවැනි වී නැහැ. එය ඉතිහාසයෙන් ලද උරුමයක් බව කිව යුතුයි. අද අපි තාක්ෂණය ගැන කතා කරනවා. එදා අනුරාධපුර පොළොන්නරු යුගයේ තිබූ තාක්ෂණය පරාජය කරන්න හැකි වෙලා නැහැ. ඉතිහාසයේ අපේ විශිෂ්ඨත්වය සිහිපත් කළ යුතුයි. 

අදට සහ හෙටට අවශ්‍ය දේ අපි කවුරුත් තේරුම් අරගෙන තිබෙනවා. අපේ ආර්ථිකය සහ සමාජ පරිසර තත්ත්ව ගැන සතුටු විය හැකි කරුණු මෙන්ම සතුටු විය නොහැකි කරුණුත් තිබෙන බව අපි තේරුම් ගන්න ඕනේ. විශ්ව විද්‍යාලවල සිටින ආචාර්ය මහාචාර්යවරු, සිසු සිසුවියන් රටේ ප්‍රශ්න ගැන විවෘත සහ පුළුල් මනසකින් බලන්න ඕනේ. ඒ බව මම නිරන්තරයෙන් කියනවා. රටේ විශ්ව විද්‍යාල පද්ධතිය සමාජයට දැනට වඩා වැඩි දායකත්වයක් ලබා දෙන්න ඕනේ. සමාජය හා එක්වෙන්න ඕනේ. ඔබේ හැකියාවන්, දක්ෂතා, පරිණතාභාවය, විද්වතුන්ගේ, ආචාර්ය මහාචාර්යවරුන්ගේ බහුශ්‍රැතභාවය එක්තරා සීමාවකට කොටුවෙලා. 

මේ රට යහපත් කිරීමට, ආර්ථික සහ සමාජ මට්ටම්වලින් ඉහළට යෑමට, තාක්ෂණයෙන් සහ විද්‍යාවෙන් දියුණුව අත්පත් කරගැනීමට දේශපාලනඥයන්ගේ කාර්යභාරයට වඩා විද්වතුන්ගේ කාර්ය වඩා වැදගත් බව මම විශ්වාස කරනවා.  නවෝත්පාදන ආර්ථිකයක් ගැන කතා කරන යුගයක මෙම ප්‍රදර්ශනය කාලීන පියවරක් බව සිහිපත් කළ යුතුයි. අපි නීල ආර්ථිකය හරිත ආර්ථිකය ගැනත් කතා කරනවා.

තාක්ෂණයෙන් ඉහළ යන යුගයක, භෞතික සංවර්ධනය සොයා යන සමාජයක, වේගයෙන් සංවර්ධනය වෙන අධි තාක්ෂණික කාලයක දී මිනිස්සු මිනිස්සු විදියට මිනිස්සුන්ට ආදරය කරන රටට ආදරය කරන්න මිනිස්සු අවශ්‍ය වෙනවා. මිනිස්සු තාක්ෂණයට යට නොවිය යුතුයි. හැම වෙලාවෙම තාක්ෂණයට උඩින් මනුස්සකම තියෙන්න ඕනේ. තමන්ගේ අධ්‍යාපන සහ විභාගවලට අදාළ නොවුණත් සියලු දෙනා සාහිත්‍ය, කලාව සහ ඉතිහාසය යන විෂය ඉගෙන ගන්න ඕනේ. එසේ නොකරන සියලු දෙනාගේ මනුස්සකම අඩු වෙනවා. ඔවුන් තුළ තිබෙන ආදරය නැති වෙලා යනවා. රටට ආදරේ වෙන්නේ නැහැ, මිනිස්සුන්ට ආදරේ වෙන්නේ නැහැ.

රටක් දියුණු කරන්න තාක්ෂණය අවශ්‍යයි. තාක්ෂණික ලෝකය ජයගන්න ඕනේ. තාක්ෂණය සමඟ බද්ධ වෙන්න ඕනේ. එසේ වුවත් රටක් සංවර්ධනය කරන්න නම් තාක්ෂණය පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. තාක්ෂණයත් සමඟ ඉදිරියට යන ඉතිහාස්‍ය. සාහිත්‍ය, කලාව වගේම මනුස්සකම දන්න දැනුවත් මිනිස්සු ඕනේ. ශ්‍රේෂ්ඨ සහ ආඩම්බර ජාතියක් ගොඩගන්න එහෙම මිනිස්සු ඕනේ.

මේ සියල්ල අවසානයේදී අපි අපට තියෙන අභියෝග හඳුනාගන්න ඕනේ. මත්ද්‍රව්‍ය, සියදිවි නසා ගැනීම් වැනි රට මුහුණ දෙන ප්‍රශ්න විසඳා ගැනීම සඳහා රටේ උද්ගතුන් මීට වඩා ඔවුන්ගේ දැනුම, කාලය, සහභාගීත්වය ලබා දිය යුතුයි. 

එහිදි අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මෙසේ කීය.

“නවෝත්පාදනය, නව නිපැයුම් නැතුව රටකට පැවැත්මක් නැහැ. නවෝත්පාදනය, නව නිපැයුම් නැතිව රටකට ඉදිරියට යන්න බැහැ. නවෝත්පාදනය, නව නිපැයුම් පැමිණිය යුත්තේ සමාජයෙන්. අපේ මේ ප්‍රදර්ශනයෙන් නවෝත්පාදනය, නව නිපැයුම් ඔස්සේ රටේ ප්‍රශ්න රැසකට පිළිතුරු හා විසඳුම් සොයාගෙන තිබෙනවා. විසඳුම් ලබාදී තිබෙනවා. මේ ප්‍රදර්ශනයෙන් අපේ රටට බොහෝ සෙයින් අදාළයි. 

අපි වස විස නැති රටක් ගැන කතා කරනවා. පළතුරුවල විස, රසායනික ද්‍රව්‍ය අඩංගු දැයි සොයාගන්න පුළුවන් ජංගම දුරකතන මෘදුකාංගයක් හඳුන්වා දී තිබෙනවා. කර්මාන්තශාලාවලින් ගංඟාවලට වර්ණකාරක, රසායනික ද්‍රව්‍ය එකතු වෙනවා. එය විශාව වශයෙන් සිදුවෙනවා. එයින් ජලය අපවිත්‍ර වෙනවා. අපේ සිසුන් එම ජලය පිරිසුදු කළ හැකි බැක්ටීරියාවක් සොයාගෙන තිබෙනවා. මේ ආකාරයෙන් රටේ ප්‍රශ්නවලට විසඳුම් දෙන නවෝත්පාදන සහ නව නිපැයුම් රැසක් හොයාගෙන තිබෙනවා. මේ ප්‍රදර්ශනයේදී ඒ සියල්ල බලාගන්න පුළුවන්. නව නර්මාණ 200කට ආසන්න සංඛ්‍යාවක් මේ ප්‍රදර්ශනයට එක් කර තිබෙනවා”. 

 

    



අදහස් (19)

ලංකාව යහපත් රටක් කරන්න දේශපාලනඥයන්ගේ කාර්යයට වඩා විද්වතුන්ගේ කාර්ය වැදගත්

Bamunuarachchi Tuesday, 02 April 2019 05:37 PM

අධිකරණයටත් ඉහලින් ක්‍රීයා කරන්න හදන නුගත් දේශපාලුවෝ විද්වතුන් කියන දේවල් අසාවිද?

:       0       59

චමින්දWednesday, 03 April 2019 01:14 AM

උගතුන් බුද්ධිමතුන් ලෙස සැලකෙන මහාචාර්ය වරු පවා දේශපාලන පක්ෂවල තනතුරු භාරගෙන වැඩ කරනවිට ඔවුන්කරන්නේත් නූගත් දේශපාලුවන් කියනදේවල් විය හැකියි. එනිසා උගතුන් හා බුද්ධිමතුන් යයි කියන පිරිස් පක්ෂ දේශපාලන කඩතුරාවෙන් වැසී සිටින තුරු සාර්ථකත්වයක් ඇතිවිය නොහැකිය .........

:       1       5

RaveendraWednesday, 03 April 2019 02:10 AM

සහතික ඇත්ත දැන් මේ දේශපාලනඥයන් කියලා කිව්වේ කාටද මන්ද ? අප රටේ දේශපාලනඥයන් කොහෙත්ම නැති බව සැමවිටම අමතක වෙන හැටි අම්මපා... නැවත වරක් අප රටේ "මුල් පුරවැසියා ඇතුළු සියලුම දේශපාලුවන්ට " දේශපාලනඥය යන වචනයේ නියම අර්ථය සදහන් කිරීමට කැමැත්තෙමු. දේශපාලනඥය යනු තම උපන් මව්බිමේ ආරක්ෂාව, රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව දියුණුව රටේ දියුණුව වෙනුවෙන් ඥානාන්විත ලෙසෙ තීන්දු තීරණ කිසිදු බියකින් තොරව ගන්න මෙන්ම තම නාමය පමණක් බෝඩ් කෑලිවල ලියාගන්න පහත් මානසිකත්වයකින් තොර මෙන්ම තම මඩිය ගැන නොසිතන නිහතමානි අවංක මහත්මා ගතිගුණවලින් පරිපුර්ණ පුරවැසියාටය.

:       1       3

BamunuarachchiWednesday, 03 April 2019 11:22 AM

එ්කනේ මම දේශපාලුවෝ කියන්නේ...

:       1       0

VajiraWednesday, 03 April 2019 07:13 AM

එකනේ බමුණු විද්වතුන් කොච්චර කිව්වද මත්තල ගුවන් තොටුපොල හදන්න එපා කියලා. කොහෙද ඇහුවේ නෑනේ. ඊට වඩා ලොකු වුනා කොමිස් කුට්ටිය.

:       0       64

Manux Tuesday, 02 April 2019 09:36 PM

ජනාධිපති මෛත්‍රිපාල පැවසූ දේ සම්පූර්ණයෙන්ම නිවැරදි ය. වර්තමානයේ සමාජයේ විද්වතුන් සහ වෘත්තීයවේදීන් සම්පූර්ණයෙන්ම වගකිව යුතුය. ඔවුන්ගේ හිඟකම සහ ආත්මාර්ථකාමිත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ බොහෝ ගැටලු නිර්මාණය වී ඇත.

:       4       0

NissankaWednesday, 03 April 2019 07:09 AM

විද්වතුන් මොන සැලසුම් හැදුවත් අන්තිමේදී ක්‍රියාත්මක වෙන්නේ දේශපාලනඥයින්ට ඕන දේවල්. විදුලි අර්බුධය විසදන්න විද්වතුන් හදපු සැලසුම් ක්‍රියාත්මක උනානම් අද විදුලිය කපන්න වෙන්නේ නැහැ නේද?

:       0       106

Sanath KandyWednesday, 03 April 2019 07:19 AM

විද්වතුන්ගේ සැලසුම් ඕනනම් මිට මස දෙකකට කලින් ජවිපෙ මුල්වලා හදලා ජනගත කරපු ජාතික විද්වත් සැලැස්ම තියෙනවා. ඉල්ලා ගන්න. ලංකාවේ ඉහලම පෙලේ ආචාර්ය මහාචාර්ය වරු, වෘත්තිකයෝ අවුරුදු දෙකක් විතර කරුණු එකතු කරලා මහන්සි වෙලා රටට ගැලපෙන ලෙස සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වෙන පරිදි හදපු ජාතික විද්වත් සැලැස්ම. ඔන්න විද්වතුන්ගේ සැලසුම් ක්‍රියාත්මක කරන්න කැමතිනම් ඕනෑම කෙනෙකුට පුළුවන් ක්‍රියාත්මක කරන්න.

:       0       158

Dr. Vajira FernandoWednesday, 03 April 2019 08:50 AM

මේ ජාතික විද්වත් සැලැස්ම ජනගත කරන්න මාධ්‍ය වලින් ලැබුන සහයෝගයනම් අන්තිමයි. මේ වගේ වටිනා වැඩක් කරනකොට පක්ෂ භේද අමතක කරලා ප්‍රචාරය කරන එක ජාතික මාධ්‍යවල වගකීම. කොහෙවත් ඉන්න පීචන් නිලියක් දික්කසාද වුනොත් හෙඩ්ලයින් දාන මාධ්‍ය මේ උතුම් වැඩේ ගැන වචනයක් කතා කළේ නැහැ. ඒ අතින් ගත්තම අපි හරිම කුහක ජාතියක්. විද්වත්තු නෙවෙයි මැණික් ගල් හංගලා තිරිවානා වර්ණනා කරන මාධ්‍ය තමා තමන්ගේ වගකීම පැහැර හැරලා තියෙන්නේ

:       0       178

BamunuarachchiWednesday, 03 April 2019 05:28 PM

පීචන් නිලියන් ගැන කතා කරනවට කැමති නැහැ වගේ.

:       0       0

liyanage Tuesday, 02 April 2019 09:48 PM

අධිකරණයටත් ඉහලින් ක්‍රීයා කරන්න හදන නුගත් දේශපාලුවෝ විද්වතුන් කියන දේවල් අසාවිද? ඔබගේ කතාව සහතික ඇත්ත,

:       0       11

Mahee Wednesday, 03 April 2019 12:05 AM

විද්වතුන් දැනුමෙන් පරිපුර්ණ වෙන්න වෙන්න තේරම් ගන්නවා තමන් සියල්ලම නොදන්නා බව. මෝඩ දේශපාලුවන් කපටිකමෙන් පරිපුර්ණ වෙන්න වෙන්න හිතනවා තමන් සියල්ලම දන්නා බව. ඒ හින්ද විදවතුන් කියන්නෙත් තමන්ටමයි කියල උන් හිතනවා. ඉතින් කොහේ ජනාධිපතිතුමෝ රටක් හදන්නේ?.

:       0       1

vidya Wednesday, 03 April 2019 01:57 AM

අපොස සාපේ වැදිච්ච ටිකක්නේ පාර්ලිමේන්තුවේ ඉන්නේ. උගතුන් කියන දේ පිලි ගන්න තරම් බුද්දියක් නෑනේ.

:       0       9

sena Wednesday, 03 April 2019 04:53 AM

හැමදාම මොකක් හරි විහිළු කතාවක් කියනවා එච්චරයි

:       0       8

Jehaan Wednesday, 03 April 2019 08:26 AM

මේක විද්වතුන්ට ඉන්න පුළුවන් රටක් නම් , යන්තම් උපාධියක් තිබෙන පුරවැසියන් දරු පවුල් පිටින් ඇමෙරිකාවේ ඕස්ට්‍රේලියාවේ ස්ථානගත වේවිද ?

:       0       1

KANDEPOLA Wednesday, 03 April 2019 09:02 AM

එතකොට අපේ ජනාධිපතිතුමා දේශපාලනඥයෙකුත් නෙවෙයි, විද්වතෙකුත් නෙවෙයිද?

:       0       1

BamunuarachchiWednesday, 03 April 2019 11:20 AM

ඔබලා විද්වතෙකු මනින මිම්ම මොකක්ද? උපාධියද? පිළිතුර ලැබුණු විටම ඉතිරිය අසන්නම්.

:       1       0

Farah Wednesday, 03 April 2019 09:23 AM

අනේ රටේ වර්තමාන තත්වය ගැන ගොඩක් ලොකු කලකිරීමක් තියෙන්නේ. ඇස් දෙකට නොපෙනි රටක් අගාධයට යනවා නම් එ්ක වෙන දෙයක්... නමුත් සිදුවන්නට යනදේ ගැන තේරුමක් තිබිලත් කිසිවක් කර කියා ගන්න බැරුව අසරණ වෙච්ච ජාතියක් හැටියට ඉන්න එක තමයි ඉවසන්න බැරි.. අනේ රටවැසියෝ හැටියට අපි ඔක්කොම එකතු වෙලා මොනවා හරි කරන්න බැරිද? මම නම් හිතන්නේ හැමෝගෙම ආකල්පවල වෙනස් වීමක් සිදුවිය යුතුයි.. නිකන්ම රට හොඳ පැත්තට හැරේවි. ඉතින් මේකට කීයක් නම් එකඟ වෙයිද දන්නේ නෑ..

:       0       1

de silva Wednesday, 03 April 2019 11:25 AM

ෆ්‍රෙඩී සිල්වා දැන් නැති නිසා දේශපාලකයාගේ කාර්ය භාරය සතියෙන් සතිය එකඑක අලුත් කතා කියමින් ගැලරිය පිනවන කතාකියමින් ජනතාව කුල්මත් කිරීම, ජනතාව කුල්මත්වෙලා අත්පුඩි ගහනකොට හෙමින්සැරේ ඔවුන්ගේ පොකට් එකට ගහලා දේශපාලකයාට කොටස දෙන එක දේශපාලකයාගේ ගෝලයන්ගේ කාර්යය.., රටේ ඉතුරු වැඩ ඔක්කොම විද්වත්තු කරන්න ඕනේ...

:       0       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිස්පති අවුලට ව්‍යවස්ථා සභාවත් උණුසුම්
2024 ජුලි මස 27 594 0

පොලිස්පතිවරයා පත් කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී අද (26) සිය විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.


ආර්ථිකය හදන ගමන නොකැඩී ගෙන යමු
2024 ජුලි මස 26 512 0

මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කරන බ


සුමන්තිරන්ලා වෙනත් පක්ෂයක එල්ලෙති
2024 ජුලි මස 26 2109 2

දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම් .ඒ සුමන්තිරන් මහතා පැවසීය.


‘‘අගමැතිට නඩු අහන්න කියන්න‘‘
2024 ජුලි මස 26 2131 1

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට රටේ ජනාධිපතිවරයා හා ව්‍යවස්ථායකය බැඳී සිටිනවා , පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී එම අධිකරණ


විහාරහල්මිල්ලෑවේ ගොවීහු කුඹුරට යන්න පාරක් නැතිව හූල්ලති
2024 ජුලි මස 26 223 0

කැබිතිගොල්ලෑව විහාර හල්මිල්ලෑව ගමේ ’’මහ කාඩිගල’’ වැව යටතේ ඇති කුඹුරු යායට පාරක් නොමැති නිසා ගොවීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බව මහා කාඩිගල කුඹුර


‘තරුණ පරපුර ඉල්ලූ වෙනස දෙන්න මම එනවා’
2024 ජුලි මස 26 2566 3

රටේ තරුණ පරපුර වෙනසක් ඉල්ලා ගාලුමුවදොර අරගලයක් කළ බවත් ඔවුන් ඉල්ලා සිටින වෙනස ලබාදීමට තමන් ඉදිරිපත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site