IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


ලංකාව ත්‍රස්ත ප්‍රහාරවලින් බේරා ගන්න විශේෂඥ කණ්ඩායමක් අවශ්‍යයි

ශ්‍රී ලංකාව අනාගතයේදී ත්‍රස්තවාදී ප්‍රහාරවලින් බේරා ගැනීමට නම් වත්මන් ආණ්ඩුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමයේදී පැවැති ආකාරයට සමාන ඉහළ පෙළේ විශේෂඥයන්ගෙන් සමන්විත කණ්ඩායමක් ස්ථාපිත කළ යුතු යැයි මෙරට හිටපු ඇමෙරිකානු තානාපති රොබට් ඕ බ්ලේක් මහතා ඊයේ (7) පැවැසීය. 

සැප්තැම්බර් 11 වැනිදා එල්ල වූ ප්‍රහාරයට පෙර සහ පසු ඇමෙරිකාව කරන ලද වැරැදි අඩුපාඩුවලින් ශ්‍රී ලංකාවට පාඩම් ඉගෙන ගත හැකි යැයි ද බ්ලේක් මහතා කීවේය. 

 “ඇමෙරිකා එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තිය චීනයට සහ දකුණු ආසියාවටත්, එය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය” යන තේමාව යටතේ අදහස් දක්වමින් බ්ලේක් මහතා එම කරුණු පැවැසීය.

‘ශ්‍රී ලංකා ඇපරල් (ජොයින්ට් ඇපරල් ඇසෝෂියේෂන් ෆෝරම් ශ්‍රී ලංකා)’ හි සහයෝගීත්වයෙන් පාත්ෆයින්ඩර් ආයතනය මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි. 

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති එම දේශනයේදී තවදුරටත් අදහස් දැක්වූ බ්ලේක් මහතා මෙසේ ද කීය. 

“ඉහළ පෙළේ විශේෂඥයන්ගෙන් සමන්විත කණ්ඩායමක් ස්ථාපිත කිරීමෙන් ශ්‍රී ලංකාවට අනිවාර්යෙන්ම වාසි ලැබිය හැකියි. ඒ වගේම 2001 සැප්තැම්බර් 11 වැනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට පෙර සහ පසු ඇමෙරිකාව කරපු වැරැදිවලින් ද ශ්‍රී ලංකාවට පාඩම් ඉගෙන ගන්න පුළුවන්. 

බුද්ධි අංශ සහ නීතිය ක්‍රියාත්මක ආයතන අතර නිසි සන්නිවේදනයක් පවත්වා නොගැනීම සැප්තැම්බර් 11 වැනිදා ප්‍රහාරවලට මූලික හේතුව සහ ඇමෙරිකාව කරපු ලොකුම වැරැද්දයි. විශේෂයෙන්ම එෆ්.බී.අයි. සහ සී.අයි.ඒ. යන සංවිධාන සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන අතර හරිහැටි සම්බන්ධයක් සන්නිවේදනයක් වුණේ නැහැ. 

ඒ නිසා ආයතන සහ සංවිධාන අතර සන්නිවේදනය සහ උපායමාර්ගික සමායෝජනය වැඩි කිරීම ඉතාම වැදගත්. එවකට ඇමෙරිකාවේ ජනාධිපති බුෂ් ඒ වෙනුවෙන් නව කමිටුවක් ස්ථාපිත කළා. අදාළ බුද්ධි අංශ හා ආයතනවල මෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන සහ අධිකාරීන්වල ජ්‍යෙෂ්ඨ පුද්ගලයන් එම කමිටුවේ සාමාජිකයන් ලෙස පත්කළා. ඔවුන් සතිපතා මුණ ගැසුණා.

විශ්වාසනීය බුද්ධි තොරතුරු විශ්ලේෂණය කළා. ඒවා මත ක්‍රියාත්මක වුණා. තනි පුද්ගලයන්ට විශේෂ වූ වගකීම් පැවරුවා. ඒ වගේම විශ්වාසනීයත්වය තහවුරු කළා. සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව විදේශ ත්‍රස්තවාදී කණ්ඩායමකට ඇමෙරිකාව තුළ සාර්ථක වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. රට ඇතුළේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ප්‍රශ්න රැසක් තිබෙනවා. එහෙත් අයි.එස්.අයි.එස්. සහ අල්කයිඩා යන සංවිධානවලට පැරිසියේදී හෝ වෙනත් තැන්වලදී කරපු ආකාරයෙන් ඇමෙරිකාව තුළ ප්‍රහාර එල්ල කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. 

යුද්ධය සමයේදී ශ්‍රී ලංකාවේ එවැනි කණ්ඩායමක් හිටියා. එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලිකව ඊට මැදිහත් වී අදාළ වගකීම් ඉටු කළා. තොරතුරු බෙදාහදා ගත්තා. අදාළ ජ්‍යෙෂ්ඨයන් දැනුවත් කළා. ප්‍රහාර එල්ල නොවන බව තහවුරු කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගත්තා. ඒ නිසා වත්මන් ආණ්ඩුව එවැනි කණ්ඩායමක් ස්ථාපිත කිරීම ගැන හිතලා බලන්න ඕනේ. 

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් බොහෝ පිරිසක් මියගියා. තවත් බොහෝ පිරිසක් තුවාල ලැබුවා. එය ඔවුනොවුන්ගේ පෞද්ගලික ඛේදවාචකයක් පමණක් නෙවෙයි. ඒ වගේම 26 අවුරුද්දක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ පැවැති සිවිල් යුද්ධයේ තුවාල නැවත සිහිපත් කරනවා. එය හරිම කනගාටුදායක තත්ත්වයක්. 

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. වඩාත් වැදගත් වන්නේ මේ විමර්ශන වෘත්තීය මට්ටමින් සහ අපක්ෂපාතී ලෙස සිදුකිරීමයි. ඒ වගේම විමර්ශනවලදී ශ්‍රී ලංකාවේ සියලු දෙනාගේ අයිතීන්වලට ගෞරව කරන්න ඕනේ. ඒ වගේම විමර්ශනවලින් අලුත් ප්‍රශ්න වගේම මේ ඇති වූ සිද්ධිය දිග්ගැස්සෙන්න ඉඩ නොදිය යුතුයි. 

හදිසි නීති රෙගුලාසිවල කාලය සහ වපසරිය අඩු කරන්න ආණ්ඩුව පියවර ගන්න ඕනේ. මම පසුගිය දින කිහිපයේ හිටියේ කොළඹ අවට. ආරක්ෂක අංශ දක්නට ලැබුණා. ආරක්ෂාව සඳහා ගෙන ඇති පියවර දක්නට ලැබුණා. 

අයි.එස්. සංවිධානයට හෝ වෙනත් අන්තවාදී කණ්ඩායම්වලට ශ්‍රී ලංකාව තුළ මුල් බැස ගැනීමට ඉඩ නොදිය යුතුයි. ඒ නිසා ශ්‍රී ලංකා ඉතා පරෙස්සමෙන් කටයුතු කළ යුතු” යැයි ද ඔහු කීවේය. 

  ඇමෙරිකා එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වන රොබට් ඕ බ්ලේක් මහතා මේ වනවිට “මැක්ලාර්ටි ඇසෝෂියේට්ස්” ආයතනයේ ඉන්දීය සහ දකුණු ආසියානු කලාපය භාර ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි.

ඬේලිමිරර්

055

 



අදහස් (0)

ලංකාව ත්‍රස්ත ප්‍රහාරවලින් බේරා ගන්න විශේෂඥ කණ්ඩායමක් අවශ්‍යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 358 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 431 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 403 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site