ශ්රී ලංකාව ‘කොවිඩ්-19’ ආසාදිත විදේශිකයන්ට සැලකූ ආකාරය අනෙක් රටවල් ද අනුගමනය කළ යුතු යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.
පිටරටවල් එම රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් නැවත එවන්නේ නම් එය මානුෂීය අයුරින් කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකාව විදේශිකයන්ට සත්කාර කළ ආකාරයෙන් සැලකිය යුතු බවත් හෙතෙම කීය. එසේ වූ නම් ශ්‍රී ලංකාව දැන් මුහුණ දී තිබෙන ප්‍රශ්නයට මුහුණ නොදෙන්නේ යැයි ද ඔහු කීය. විදෙස් ගත සිටි වයිරස ආසාදිත ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීම හේතුවෙන් මේ වනවිට රටේ සෞඛ්‍ය පද්ධතියට පීඩනයක් එල්ල වී ඇතැයි ද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.
ජාත්‍යන්තර ප්‍රඥප්තිවලට අනුව සහ සියලු දෙනා පිළිගත් මානව හිමිකම් මෙන්ම ගිවිසුම් සහ පොදු සම්මතවලට අනුව රෝගියකු තවත් රටකට පිටුවහල් කිරීමට කිසිදු රටකට අයිතියක් නැතැයි ද හෙතෙම කීය.
විදේශවල සිරවී සිටින, කිසිදු පිළිසරණක් නැති සෑම ශ්‍රී ලාංකිකයකු මෙන්ම රෝගී ඕනෑම ශ්‍රී ලාංකිකයකු නැවත ගෙන්වා ගැනීමට ආණ්ඩුව කිසිදු විටෙක නොපැකිළෙන බවත් එහෙත් ඒ සඳහා යම් කාලයක් ගත වන බවත් ඔහු කීවේය.
ශ්‍රී ලංකාවෙන් හමු වූ පළමු ‘කොවිඩ්-19’ ආසාදිත රෝගිය චීන ජාතික සංචාරක කාන්තාවක බවත් ඇය සම්පූර්ණයෙන් සුවය ලබන තෙක් ශ්‍රී ලංකාවේ නවතාගෙන ප්‍රතිකාර කළ බවත් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙහිදි සිහිපත් කළේය.
‘‘කොවිඩ්-19 ආසාදිත ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීමේදී එම ගුවන් යානා අතර යම් කාල පරතරයක් තබාගැනීමට සිදුවෙනවා. මෙලෙස වයිරස ආසාදිත ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීමට සිදුවීමත් සමඟ කොරෝනා වයිරසයට එරෙහිව අපි ගෙනයන සටනට යම් පීඩනයක් එල්ල වී තිබෙනවා. අපි දැනට කොවිඩ්-19 ආසාදිත පොකුරු තුනක් හඳුනාගෙන තිබෙනවා. අපි අහඹු ලෙස සමාජයෙන් තෝරාගෙන පී.සී.ආර්. පරීක්ෂණ කළා. එහිදි වයිරසය ආසාදනය වී තිබුණේ නාවික හමුදා භටයන්ට සහ විදෙස් ගතව සිට මෙහි පැමිණි අයට පමණයි.
අපිට දැන් තියෙන ලොකුම අභියෝගය විදෙස් ගතව සිට පැමිණෙන බොහෝදෙනකුට වයිරසය ආසාදනය වී තිබීමයි.
ඉකුත් දා කුවෙට් සිට පැමිණි 97 දෙනකුට වයිරසය ආසාදනය වී තිබුණා’’ යැයි ද වෛද්‍යවරයා කීය.
ඩේලිමිරර්
055
COMMENTS
මැවිලා පෙනේවි ජාතික ලැයිස්තුව...
බහුභූත කතා කරනවා තව අවුරුදු කීයක් ඕනෑද? ඔය කියන ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ දැනට මාස 2 1/2ක ඉඳන් ලංකාවට එන්න අයදුම් කරනවා.. ඔය සියලු දෙනාම කොරෝනා රෝගීන් නොවේ.. ඔවුන් ලංකාවට ගෙනත් නිරෝධායනය කරන්න මාස 2 1/2 හොඳටම ඇති.. ලංකාවේ වහලා තිබෙන සංචාරක හෝටල් වල ඔය ශ්‍රමිකයන් ගැනත් නිරෝධායනය කරන්න හොඳටම ඉඩ ප්‍රස්ථාව තිබෙනවා.. සෞඛ්‍ය පද්ධතියට දරන්න බැහැ කියලා කියන්නේ ලංකාවේ රජයේ රෝහල් මෙන්ම පුද්ගලික රෝහල්ද තිබෙනවා.. චීන ගැහැණියෙක් සුවකළා කියලා අරාබි කාරයින්ගෙන් සමාවක් ලැබෙන්නේ නැහැ.. අරාබිකාරයන් කියන්නේ හිතු දේ කරන ජාතියක්... ඔවුන්ට හිතුණොත් එහෙ ඉන්න ශ්‍රී ලාංකිකයන් ටික කොහේ හරි තිබෙන කඳවුරකට ගාල් කරලා වතුරවත් නොදී මැරෙන්න අරිවී. එතකොට ඔය මරණ වලට ඔබ වගකියනවද? රටක පුරවැසියෙකුට ඕනෙම අවස්ථාවක ඇතුල් වෙන්න දෙන එක මූලික මිනිස් අයිතිවාසිකමක්... ඒක අපේ ව්‍යවස්ථාවෙත්... ලියලා තිබෙනවා. එම අයිතිය නැති කරන්න ඔබට කිසිම නීතිමය හෝ සදාචාරාත්මක අයිතිවාසිකමක් නැහැ. ලබන ඡන්දෙන් මේ ආණ්ඩුව පැරදිලා වෙන ආණ්ඩුවක් ඇවිත් මිනිස්සු නඩු දැම්මොත් ඔබට එල්ලුම් ගස් යන්න වෙන්න පුළුවන්...
මොවුන්ව ගෙන්වීමේදී විශේෂ වැඩපිළිවෙළක් තිබිය යුතුයි. රටේ ආරක්ෂාවට...
ඡන්දෙට හදන් ආපු ඉලක්කම් සෙල්ලම පොඩ්ඩක් අවුල් වුණාම රට විරුවන් මිනිස් බෝම්බ කියලා ආණ්ඩුවේ ඇමතිලාම කියන කොට ඉතින් ජාසිංහ මහත්තයලත් වෙන මොනවා කියන්නද...?
මාස 02කට කළින් පොදු සමා කාලය කුවේට්වලින් ශ්‍රී ලංකාවට දැනුම් දී තිබ්බ වෙලාවේ ලංකා ආණ්ඩුව පොල් ගෑවද? අනික වීසා තිබෙන ශ්‍රමිකයින්ට කිසි ප්‍රශ්නයක් නැහැ.
එහෙම කරයි... ඒ රටවලුත් කළු පාට ඒවා සුදු පාට කරලා දෙන රටවල් නම් මහත්තයෝ...
ලංකාවේ කොහෙද අාසාදිතයන් හිටියේ? නියම අාසාධිතයෙක් හිටිය නම් ඔය මැට්ටො මේ වෙනකොට කැලේ හැංගිලා ඉන්නවා දකින්න තිබුණා! දැන් නියම ලෙඩ්ඩුන්ව එ් රටවලම තියාගන්නලු!!
අපේ රටේ තරම් මානුෂික සැලකිලි වෙන රටවලින් බලාපොරොත්තු වෙන්න බැහැ සර්...
මොකක්ද මේ කතාව? දැන් ජනාධිපතිතුමාගේ පටන් ඇමැතිනියගේ පටන් මුළු ආණ්ඩුවම කිව්වනේ කොරෝනා පාලනය කරපු ලෝකේ හොඳම රට ලංකාව කියලා. ලෝක නායකයොත් ප්‍රසංශා කළා කියලා ලොකුවට පත්තර වල ගියා. ලෝකේ පුරා ඉන්න ලෙඩ්ඩුන්ටත් එන්න කිව්වා. දැන් මොකක්ද මේ කියන්නේ? තමන්ගේම පුරවැසියන් ලෙඩ වුණාම ප්‍රතික්ෂේප කරන එකම රට ලංකාව. දැන් මේක දාන එකකුත් නැහැ. ඕනෑම විදේශ රටකට පුළුවන් ශ්‍රී ලාංකිකයන් නැවත එවන්න. එහෙම බැහැ කියලා කොහේවත් නීතියක් නැහැ. අනික අනවසරයෙන් ඉන්නවා නම් හොඳටම පුළුවන් එවන්න. අනික ඕනේ නම් විදේශ රටවලට කියන්න පුළුවන් තමන්ගේ රටට වඩා හොඳට ලංකාව කොරෝනා පාලනය කරන නිසා ඒ රටවල ලෙඩ වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන් මානුෂික හේතුමත ඒ රටේ වියදමෙන්ම ලංකාවට එව්වේ ඔවුන්ව සනීප වෙනවා දකින්න කැමති නිසා කියලා... හදවතක් නැති ආණ්ඩුවක් මේක...
ඔටුවන්ට බණ කියලා වැඩක් නැහැ... බණ තේරෙන්නේ මිනිස්සුන්ට. බයවෙන්න එපා එහෙ ඔය ලෙඩේ වැඩිවෙන විදියට ඔටු රැලටම වැලිගම්පිටි යන්න වෙයි.
අනේද කියන්නේ උම්මා දෙන්නද කියන්නේ...?
ඕක අපි කළා නම් මානව හිමිකම් එවුන් මෙලහකට මේ රට දෙවනත් කරලා...
මම චීනයේ ඉන්න කොට සමහර රෝහල් මාව බැලුවේ නැහැ.. සාමාන්‍ය රෝගයකට වත්...
ඔව් ඔබ දැං කිව්වානේ. අනිවාර්යයෙන් සලකයි දැං එතෙර අපිට... මෙහෙම කියන එව්වා නවතා නිසි වැඩපිළිවෙලක් සකස් කර විදේශයන්හි අන්ත අසරණ වෙලා ඉන්න අයව ගෙන්වා ගන්න. හැම රටක්ම ඔවුන්ගේ ජනතාවට ආපහු එන්න අවස්ථාව ලබාදුන්නා. මෙච්චර පුංචි රටක් වෙලත් තාම බැරිවුණා ඒක කරගන්න.
සත්‍ය වශයෙන්ම අපගේ ජාසිංහ මහතා ප්‍රමුඛ අදාළ සියලු දෙනාට ජාතියේ ප්‍රණාමය... එහෙත්, කොරෝනාවට මුවාවී සමහර දෙනා පුම්බන්න තවත් සමහර දෙනා දැඩි උත්සාහයක් ගන්නවා පෙනුණා. ජාසිංහ මහතාගේ කතාවට උඩින් සෞඛ්‍යය ගැන නොදත් අයත් තම මතය ඉහළින් හුවා දක්වන්නට වෙර දරනු පෙනුණා... එවිට ජාසිංහ මහතා නිහතමානීව නිහඬ වුණා. ඒ වුණාට කරුණු දන්නේ කව්ද? නොදන්නේ කව්ද කියා දන්නා අය දන්නවා.
ඇත්තටම මේක ලොකු ප්‍රශ්නයක්. දැනට නිවිච්ච ගිනිකන්දක් වගේ තියනවා. නමුත් අපේ අවාසනාවට අලුතින් සමාජයෙන් පොකුරක් ආවොත් ඒ ලෙඩ්ඩු දමන්න තැනක් නැතිවෙනවා. මේක වෙන්න බැරිදෙයක් නොවන බව ළඟ දිනෙක දිනපතා ඉංග්‍රීසි පුවත්පතකට අගනා ලිපියක් ලියපු මහාචාර්යවරයෙක් ගණිතමය ආකෘති ඇසුරෙන් පැහැදිලි කරලා තිබුනා. දැන් දැන් මිනිස්සුන්ගේ "පරිස්සම " අඩුයි කියල පාරතොට දිහා බැලුවම පේනවා වගේ . කව්රු කව්රුත් "තමන් ආසාදිතයකු " නොවෙන්න. පරිස්සම් උනේ නැත්නම් රටම අනතුරේ...
ඔබතුමා දේශපාලනය නවත්වන්න හිතුවොත් නරකද? ඒක ඔබතුමාගේ රැකියාවට ගැලපෙන්නේ නෑ...
අනේ මොලේ කළඳක්වත් තියෙනවා නම් ඔහොම කියන්නේ නැහැ. ඒ වගේ රටවල්වල හැටි තවම දන්නේ නැද්ද? දැනගන්න පුළුවන් ඔය ඉඩම් අල්ලන අයට, බෝම්බ ගහන අයට රට දෙන්නකෝ, එතකොට තේරෙයි. ලංකාවේ මිනිස්සුන්ට ජීවත් වෙන්න ආර්ථිකයක් හදපල්ලා... මෝඩයින් වගේ වැඩ කරන්නේ නැතිව. අැයි ගුවන් තොටුපළ වැහුවේ? Ciizens ලාට එන්න ඉඩ දෙන්නේ නැතිව. ඔය අහිංසක මිනිස්සු කොච්චර කිව්වද ගෙන්න ගන්න කියලා, දැන් පෙට්ටි වලින් ගෙන්න ගන්න.
මේ අය මුලින්ම ගෙන්නුවා නම් තත්ත්වය වෙනස්. මේ අය කියන විට ගෙන්නුවේ සල්ලිකාර දේශපාලකයින්ගේ ළමයි.
පළමුව පාතාලය අනුකම්පා විරහිතව මර්ධනය කළයුතුයි. සමහර විට පසුගිය ආණ්ඩු ජවිපය එක මර්ධනය කළා වගේ දෙවනුව කොරෝනා...
ඔය පරතරය අදාල නැහැ. දේශපාලන න්‍යායන්ට පක්ෂ විපක්ෂ අයගේ ළමෝ ලපටි ගෙන්වා ගත්ත රටට සත පහක් එවන්නේ නැත. ද්විත්ව පුරවැසියන් අැල්ල ළඟ වලව්වේ අයත් ගෙන්න ගත්ත අපි මරණ බයේ මෙහෙ ඉන්නවා...
බොරුවට දොඩවන්න එපා. මේ මිනිස්සු කොයිතරම් නම් බැගෑපත් වුණාද ගෙන්නන්න කියලා... ඇහුණේ නෑ වගේ හිටියා... රට ඉඳලා එන ඇමැති පුතාලව, සල්ලි දීලා ඉගෙන ගන්න ගිය සිසුන්ව ගෙන්න ගත්තා. රටට ආදායම ගේන මේ මිනිස්සුන්ව අමතක කරලා දාලා නීති මානව හිමිකම් ගැන කතා කරනවා. ඒ මිනිස්සු බලන්න කලින් අපි බැලුවානම් නේද හොඳ? දැන් වැඩ වරද්දා ගෙන කිඹුල් කඳුළු හෙලනවා..
මුලින් රට විරුවෝ කියල කිව්වා. දැන් බෝම්බ කියනවා. අපිට හොඳ වැඩේ.. අතින් සල්ලි දීලා ඡන්දෙ දාලා පත් කරගත්තේ... අනිත් රටවල් පලි නැහැ ඕවට... කොයි තරම් නම් ඒ මිනිස්සු එන්න කියලා ඇහුවද? මොකුත්ම කලේ නැහැ..
ඉතින් ආණ්ඩුවට කරන්නේ මොකද? ශීෂේල්ස් වලින් ලෙඩ්ඩු ආනයනය කරපු තමුන්නාන්සේලා තමන්ගේ රටේ (තමුන්නාන්සේලාට පඩි ගන්න රට ඉදලා සල්ලි එවන) මිනිස්සු එවපු එකට අඩන්නේ මොකද?
ලංකාව ආසාදිත විදේශිකයන්ට සැලකූ ලෙස අනික් රටවල් ද ක්‍රියා කළ යුතුයි. ඒ වගේම ලංකාව දේශපාලකයන්ගේ අවමගුල් උත්සව ගන්නා ආකාරයද අනෙක් රටවල් ආදර්ශයට ගත යුතුයි.
’ලංකාව ආසාධිත විදේශිකයින්ට සැලකූ ලෙස අනික් රටවල්ද ක්‍රියාකළ යුතුයි’ ඒ අපේ රට බෞද්ධ සංස්කෘතියක් තිබෙන රටක් නිසා. මැරෙන්නෙත් දෙවියන්ගේ කැමැත්තට... මැරුණු ගමන් ස්වර්ගෙට යනවා කියලා හිත මිනිසුන්ට ජීවිතයේ වටිනාකමක් නැත. එවැනි මිනිසුන්ගේ ජීවිත බේරා ගැනීමට ප්‍රථම ජීවිතයේ වටිනාකම දන්නා මිනිසුන්ගේ ජීවිත බේරාගත යුතුයි...
ජාත්‍යන්තර ප්‍රඥප්ති මානව අයිතිවාසිකම් මතක් වෙන්නේ අපිට කෙලවෙන කොටයි... එවුන්ට කෙලවෙන කොට ඒවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ සහා ඇඟිලි ගැසීම්. මේවට දෙපැත්තක් තියෙන බව වටහාගත යුතුයි.