IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලංකාවත් කෙන්යාවේ සෝමාලියාවේ තත්ත්වයට පත්වීමේ අවදානමක්

(නිමල කොඩිතුවක්කු)    
   
රටේ පවතින දේශපාලන අර්බුදය විසඳා ගැනීමට විධායකය,  ව්‍යවස්ථාදායකය සහ  අධිකරණය උත්සුක නොවන බැවින් එය තව තවත් වර්ධනය වෙමින් රට කෙන්යාව, සෝමාලියාව වැනි තත්වයට පත්වීමේ අවදානමක් ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා කොළඹදී අද (5) පැවසීය.

පවතින අර්බුදයට කෙටිකාලීනව දිය හැකි හොඳම විසඳුම මහමැතිවරණයක් කැඳවීම බවත් පෙන්වා දුන් දිසානායක මහතා එසේ නොමැති නම් ඒ සඳහා සුදුසුම යෝජනාව ඉදිරිපත් කරන ලෙසට මහමැතිවරණයකට යාම ප‍්‍රතික්ෂේප කරන පිරිස් වලින් ඉල්ලා සිටින බවද  කියා සිටියේය.

ප‍්‍රජාතාන්ත‍්‍රික එකමුතුව කොළඹ මහවැලි කේන්දු‍්‍රයේ පැවත්වූ  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධම්ම දිසානායක මහතා මෙසේ ද කීවේය.

 ‘‘ රටේ මතුවී තිබෙන දේශපාලන ව්‍යාකූලත්වය ක‍්‍රමානුකූලව  විසදෙන පැත්තකට යොමුවෙනවා වෙනුවට ඉතාමත්ම ගැඹුරු පැත්තකට  ගමන් කරමින් තිබෙනවා.  මෙම ව්‍යාකූලත්වය  තව තවත් වර්ධනය වුණොත් එහි ප‍්‍රතිඵලය  කෙන්යාව,  සම්බාබ්වේ, සෝමාලියාව වගේ රටක් බවට අපේ රට පත්විය හැකියි.

විධායකය,  ව්‍යවස්ථාදායකය, අධිකරණය කියන  සියලූ ආයතන මෙම අර්බුදය විසඳා ගැනීමට කටයුතු කරන බවක් අපිට පේන්න නැහැ. අර්බුදය ව්‍යාප්ත කිරීම  සහ ගැඹුරු කිරීම  සඳහා මේ ආයතනවල තීරණ බලපානවා නම් ඒ හැමදේටම වඩා මෙම අර්බුදය  විසඳාගැනීම පිද අවධානය යොමුකරන්න කියලා අපි මෙම ආයතන තුනටම කියනවා.

මෙම ව්‍යාකූලත්වයෙන් ගැලවීම  සදහා මහමැතිවරණයකට යන්න  ඕන කියන කාරණාව අපි දිගින් දිගටම මතු කළා. නමුත්  මහමැතිවරණයකට යන්න  ඕන කියන කාරණාව  විවිධ පාර්ශව ප‍්‍රතික්ෂේප කරමින් සිටිනවා.

බොහෝ දුරට  ඒ සදහා බලපාලා තියෙන්නේ තම තමන්ගේ  දේශපාලන බල වයාපෘතියි. ප‍්‍රජාතාන්ත‍්‍රික එකමුතුව විදියට අපි මේ කිසිම පාර්ශවයක් සමග ගැටුමක් හෝ කිසිම පාර්ශවයක පැත්තක් ගැනීමට අපි සූදානම් නැහැ.

මහමැතිවරණයකට යාම නොවේනම් මේකට තියෙන විසදුම මොකක්ද ඔබ යෝජනා  කරන විසදුම කියළා එම පාර්ශව  වලින් අපි විමසනවා. ඒ විසදුමට අපි උදව් කරන්න කැමතියි. 



අදහස් (22)

ලංකාවත් කෙන්යාවේ සෝමාලියාවේ තත්ත්වයට පත්වීමේ අවදානමක්

Sanath Kandy Wednesday, 05 December 2018 09:41 AM

මහමැතිවරණයකට යාම තමයි විසඳුම. එ්ත් ඊට පෙර ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ බහුතර කණ්ඩායමට ආණ්ඩුව භාරදිය යුතුයි. මහින්දට අවශ්‍ය ආණ්ඩුබලය අතේ තබාගෙන සියලුම රාජ්‍ය සම්පත් භාවිතා කරමින් ඡන්දයට යාමට. එයට ඉඩදිය නොහැකියි.

:       2       982

RaveendraWednesday, 05 December 2018 01:24 PM

සනත් කැන්ඩි මයා වෙත, ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු. පළමුව මහින්ද හොඳයි... රනිල් හොඳයි.. මෛත්‍රී හොඳයි කියා අප කිසිවිට කිසිවකුගේ වන්දිභට්ටයන් නොවන්නෙමු. "ආණ්ඩුබලය අතේ තබාගෙන සියලුම රාජ්‍ය සම්පත් භාවිතා නොකර " අවංකව මැතිවරණයකට ගියේ කිනම් පක්ෂයක්ද යන්න අපගේ සිතට එකඟව සොයා බැලුවොත් අපට ලැබෙන පිළිතුර නම් නැත යන්න නොවේද? කතාවෙන් මේ (225ම) හැම මහජන නියෝජිතයෙක්ම පුදුම ලෙස රටට සේවය කරන්නන් නොවේද? එබැවින් මේ 225ම අවංක භාවය ඒ අයගේ රෙදි අස්සෙන් බේරෙනවා නොවේද?

:       72       151

VajiraWednesday, 05 December 2018 05:33 PM

225 න් 6ක් අඩු කරන්න කරුණාකරලා. රටට ආදරය කරන හය දෙනෙක් ඉන්නවා ඒ 225 දෙනා අතර.

:       0       55

NissanakaWednesday, 05 December 2018 05:44 PM

රවින්ද්‍ර මයා, ඔබ වන්දිභට්ටකම් කරන්නේ කාටද කියා අපිට තේරෙනවා ඔබේ අනිත් කොමෙන්ට් කියවනකොට. ජනාධිපති වරයා පාර්ලිමේන්තුව විසිර වීමට කලින් අලුත් ආණ්ඩුවක් පත් කළේ මැතිවරණයේදී ඒ අයට උවමනා විදිහට රාජ්‍ය දේපළ, රාජ්‍ය, ජනමාධ්‍ය, පාවිච්චි කිරීමට අවස්ථාව ලබා දීමටයි. මහමැතිවරණයකට යාමට පෙර ඒ වරද නිවැරදි කළ යුතුයි.

:       0       34

විජිත්Wednesday, 05 December 2018 08:23 PM

බොහොම හොඳ, ඒවගේම ඇත්තම කතාවක්. ඇත්ත තිත්තයි කියලා කතාවක් තියෙනවානේ.ඒ නිසා ඇත්ත කියනකොට සමහරුන්ට රිදෙනවා. නමුත් ඇත්ත ඇත්තමයි. 1948 දී සුද්දාගෙන් නිදහස ගත්දා සිට අද වෙනකම් රට පාලනය කළ අවංක දේශපාලකයින් හිටියානම් හිටියේ අතෙහි ඇඟිලි ගණනටත් අඩු ප්‍රමාණයක්. කෙසේ වෙතත් ඩඩ්ලි සේනානායක මහතාගේ යුගයෙන් පස්සේ අදවෙනකම් හිටිය, ඒවගේම ඉන්න එකම එක දේශපාලකයෙක්වත් නැහැ. ඒ වෙනුවට හිටියෙත්, අද ඉන්නෙත් " දේශපාලුවන් " රැසක්.උන් මේ රට නැත්තටම නැතිකළා.විනාශ කළා. මතු උපදින පරම්පරාව රුපියල් කෝටි ගණනකට උගස්කලා. මීළඟ මැතිවරණයේදීවත් අපි මේ " ලේ බොන්නන්ගෙන් " මිදී නව පක්ෂයක්, නව නායකත්වයක් යටතේ අපේ රට නැවත ගොඩගන්න බලමු.

:       0       24

පෙරුමාල්Thursday, 06 December 2018 05:04 AM

ඔබ නිවැරදියි. බලයේ සිටි හැම රජයක්ම තමන් යටතේ පැවතුනු මැතිවරණ වලදී බලය අවභාවිතා තල බව ඇත්ත. නමුත් පාර්ලිමේනතුවේ බහුතර කැමැත්ත ඇති මන්ත්‍රීවරයා සහ ඔහු ඇතුළත් කණ්ඩායමට ආණ්ඩු බලය නොදී මැත්වරණයකට යාම අනාගතයට ඉතා භයානක පූර්වාදර්ශයක්. එහෙම වුනොත් මීට වඩා පිස්සු කෙලින ජනාධිපතිවරු බිහි වේවි. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමා කියනවා විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන තුනම මේ අර්බුදය විසඳා ගැනීමට උත්සුක නැහැ කියල. දැනට සිදුවන ක්‍රියාකාරකම් ගැන එක්කො එතුමා දැනුවත් නැහැ. නැත්නම් එතුමා ගේ මනසත් ව්‍යාකුල වෙලා. මේ වගේ උගතුන් තමයි දේශපාලන ලොක්කන්ට උපදෙස් දෙනව ඇත්තේ

:       8       4

Amila Wednesday, 05 December 2018 09:45 AM

කථිකාචාර්ය වුණාට වැඩක් නෑනේ.. ගැටළුව තේරුම් ගන්න තරම් මනසක් නැතුව... නිකන් හරි රනිල් අායෙත් දින්නොත් අරයා අායෙත් විසුරුවලා ඡන්දයකට යාවි. අායෙත් රනිල්ම අාවොත්, අායෙත් ඡන්දයකට යාවි. හොඳම දේ ගැටළුව විසඳගෙන ඡන්දයකට යෑම. මේ යන විදියට මහමැතිවරණයකට ඉස්සෙල්ලා බොහෝ දුරට ජනාධිපතිවරණයක් ඒවී.

:       9       348

shantha Wednesday, 05 December 2018 09:48 AM

රනිල් මහතාට අගමැතිකම දීල ඔහුට බහුතරය ලබාදීමට උදව් කල දෙමළ සන්ධානය සමග වූ එකගතාවයට අනුව නව ව්‍යවස්ථාවෙන් උතුරට ෆෙඩරල් දෙමු. එකනේ සම හරක්ට ඕනේ.

:       1666       1714

pradeep Wednesday, 05 December 2018 10:08 AM

දේශපාලනයනම් නියම විශ්ලේෂණයක් ලබා දෙන්න

:       0       5

ගම රාල Wednesday, 05 December 2018 10:24 AM

මෙවැනි අර්බුදයක් ඇති වුණේ කොහොමද කියලා අමතක වෙලා එහෙම නැත් නම් හිතා මතා අමතක කරලා .ජනාධිපතිතුමා අගාදයකට ඇදලා දැම්මේ ස්ථාවර ව තිබුණු පාර්ලිමේන්තුවක් සහ ආණ්ඩුවක්. එවැනි ආණ්ඩුවක් ව්‍යවස්ථා විරෝධී ව වෙනස් කරේ ඇයි ද කියන එක තේරෙන්නේ නැති එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ .මොකද ඔහුගේ දේශපාලන ව්‍යාපෘතිය තතු දත්තෝ හොඳින්ම දන්නා බැවිනි .මෙම ව්‍යාකූලත්වය ට හොඳම විසඳුම වන්නේ මහමැතිවරණයක් නම් පැවති නීිත්‍යානුකූල රජය යටතේ එවැන්නක් පැවැත්වීමට කිසිදු බාධාවක් නොතිබුණ බව විශේෂයෙන් අවබෝධ කර ගත යුතුය .

:       233       592

amara Wednesday, 05 December 2018 11:12 AM

කෙන්යාව දියුණු වෙමින් පවතිනවා... මෙතුමා මොකක් ගැනද කියන්නේ මේ?

:       66       103

dias Wednesday, 05 December 2018 11:19 AM

මහින්ද මහත්තයට බලය දීලා චීනෙට ලංකාවෙන් භාගයක් දෙමු. මේ දෙන්නටම බලය නොදිය යුතුයි. විකල්පයක් හොයමු.

:       130       553

විජිත් Thursday, 06 December 2018 11:40 AM

ඔබේ අදහසට මමත් එකඟයි .

:       0       0

Sam Wednesday, 05 December 2018 11:47 AM

කෙන්යාවේ තියෙන ප්‍රශ්නේ මොනවද? මම කෙන්යවේ ඉන්නේ. මට නම් මේ කියන තරම් ප්‍රශ්නයක් දකින්න නැහැ...

:       0       2

d.upul Wednesday, 05 December 2018 01:52 PM

පොළොන්නරුවේ ගොවි මහත්තුරු අම්බරුවන් හොයනවා කියලා ආරංචියි. ඔන්න චාන්ස් එක අපේ ජනාධිපතිතුමාට.

:       223       245

kalinga Wednesday, 05 December 2018 03:21 PM

මෙයා බැසිල්ගේ උපදේශකයෙක් , පොඩ්ඩක් හොයලා බලමුද?

:       0       0

kalinga Wednesday, 05 December 2018 04:09 PM

මෙයා බැසිල්ගේ උපදේශකයෙක්..

:       158       148

Dr sumeda warnakulasooriya Wednesday, 05 December 2018 04:39 PM

පිළිතුර හරිම සලරයි . මේ ජනාධිපති බහුතරයට ගරු කරන්නේ නැහැ . ආයෙම ඡන්දයකින් ඔහු අකමැති කෙනෙක් අගමැති කරන්නෙත් නැහැ 225 කැමති උනත් බහුතරය තිබුණත් . හොදම උත්තරය ජනාධිපති වරණය ප්‍රථම . එවිට ව්‍යවස්ථාවට ගරු කරන ජනාධිපති කෙනෙක් යටතේ මහා මැතිවරණයක් පැවැත්විය හැක . දැන් බහුතරය තිබෙන යට ඉඩදී ජනාධිපති වාරණයක් පවත්වා මෙය පහසුවෙන් කල හැක . බහුතරයත් පිළිගන්නේ නැතිනම් ඔහුගේ ගෙය වටලා ජනතාවගේ ශක්තිය පෙන්වමු .

:       0       1

ටි ඉන්දික Wednesday, 05 December 2018 05:26 PM

ඔක කියන්න සිදුවීමම ලොකු දෙයක්...............

:       0       0

chutta Wednesday, 05 December 2018 11:31 PM

පළමුවැනි විසදුම විරුද්ධව විස්වාසභංග යෝජනාවක් ගෙන එ්ම , දෙවනුව හොර ගුහාව විසුරුවා හරිම.

:       1       0

aruna Thursday, 06 December 2018 04:23 AM

නියම දේශපාලන විචාරකයෙක්. මොහු හදන්නේ ලංකාව බල ලොභී දේශපාලකයන්ගේ කෙලි බඩුවක් කරන්න. එදාට මේ රට සෝමාලියාවට අන්ත වනවා සිකුරු. පළමුව නීතිමය තත්ත්වය නිවැරදි කරන. දෙවනුව ව්‍යවස්ථාවට අනුව මැතිවරණයකට යන්න. සියලු දේ ව්‍යවස්ථාවට අනුව විය යුතුය.

:       0       1

කර්තිනි රහීම් Thursday, 06 December 2018 05:37 AM

සිරිසේන ජනාධිපතිට පුළුවනි 2020 වෙනක් පාලනය ගෙනයන්න! ඔහු කෙලින් තීන්දු ගන්න නායකයෙක්.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31147 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13286 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site