( දිල්රුක්ෂි ග්‍රේරු)
මාකදුරේ මධුෂ් සමඟ ඩුබායිහිදී පැවැති සාදයකදී අත්අඩංගුවට ගත් සංගීත ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ බන්ධනාගාර නියාමකවරයකු වන කෝදාගොඩ ආරච්චිගේ ලලිත් කුමාර නැමැත්තා ලංකාවට පැමිණිමෙන් පසු අද (27) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
කටුනායක ගුවන්තොටුපොළහි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදු කරේ.
ඩුබායි රටෙන් පිටුවහල් කරනු ලැබූ මෙවෙුන් දෙදෙනා අද උදෑසන ලංකාවට පැමිණිමෙන් පසු රේගු නිලධාරීන් විසින් අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට බාර දී තිබේ.
ඔවුන් සම්බන්ධයෙන් ලංකාවේ වෙනත් චෝදනා ඇත්දැයි සොයා බලා කිසිදු චෝදනාවක් නොමැති නම් ඔවුන් මුදා හැරීමට කටයුතු කිරීමට නියමිත බවද පොලීසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.


ඡායාරූප - ටී.කේ.ජී.කපිල
COMMENTS
දැන් ඉතින් අපේ රටේ ඉන්න අයට කරටි කඩෙන තර්ක ගෙනල්ල මුන්ව නිදහස් කරලා ගානක් හොයාගන්න පුළුවන්.......මෙයාව විතරක් නෙවෙයි මෙයාගේ තාත්ත, මධුෂ් ඇතුළු පිරිසව 'නිදොස්කොට නිදහස් කරවන්න සල්ලි විතරමි ඕනේ..
නදීමාල් පෙරේරා වෙත…... නරක තාත්තෙකුට දාව උපන් පුතකු වශයෙන් ප්‍රසිද්ධිය ලබා ගැනීම හරහා ඔබද ලංකාවේ දේශපාලන කෙළිබිමට ප්‍රවිෂ්ටව බඩපිණුම් ගැසීමට සුදුසුකම් ලබා සිටින බව ලංකාවේ ඡන්දදායක මීහරකුන් වන අපි මෙයින් සතුටින් සහතික කර සිටිමු.
නළු නිලි සංගම්, ගායක ගායිකා සංගම් එකී නොකී ඔක්කොම එකතුවෙලා ලොකු ලොක්කන්ට දේශපාලුවන්ට කතා කරලා මේ වෙනකොටත් මෙයාව ගොඩ දාගන්න කතා කරලා ඇති. අන්තිමට හිරේ යන්නේ නිකම්ම නිකම් සිරිපාලලා ගුණදාසලා සෝමක්කලා විතරයි. ඔය කවුරු මොනවා කිව්වත් මාකදුරේ මධුෂ්ගේ තාත්තගේ මල ගෙදරට මල් ඉහින්න හෙලිකොප්ටරය අරන් දුන්න කෙනා කිසි විටෙක හෙළි නොවෙනු ඇති. එයට හේතුව කුඩු සල්ලි වලට ඕනෑම වැඩක් කරලා දෙන අය ඉහළම තැන්වල ඉන්න නිසා. පුලුවන්නම් අල්ලන්න කියන්න හෙලිකොප්ටරය අහසට නගින්නට අවසරය ගන්නට උදවු කල අය. මෙන්න කැට. එය කවදාවත් නොවෙන දෙයක්. එහෙව් රටක් මේක.
අර පොහොට්ටුවේ මන්ත්‍රී ගිහින් නැද්ද ගුවන්තොටුපොළට පිළිගන්න?
මෙයා අනිවාර්යෙන්ම පුන්රුත්තාපන කදවුරක දාල ගන්න ඕන තරුණයෙක් .....
දරුවෝ බල්ලොත් එක්ක බුදිය ගත්තොත් මැක්කොත් එක්ක නැගිටින්නවෙනවා කීවේ කට කහනවාට නොවෙයි. ඉතිරිටික පසුව කියන්නම්.
සමාජය පරිස්සම් විය යුත්තේ මෙවැනි අයගෙනි. මොවුන් තමන්ගේ "ජනප්‍රිය" භාවය උපයෝගී කර ගනිමින් මත්කුඩු ව්‍යාපාර කරන අයවලුන්ය...
වැරදි තිබුණත් ප්‍රශ්නයක් නැහැ දැන් ඉන්නේ ලංකාවේ, කුඩුවලින් හම්බ කරපු සල්ලි මිටි ගණන් ඒවා. දැන් වියදම් කරන්න, සල්ලි දුන්නු ගමන් මේ දරුවා අසරණයි ස්වාමීනි කියන්න නිවටයෝ කෙල හලාගෙන පෝලිමේ ඉන්නේ..., ජනාධිපතිතුමන්ට පුළුවන්. මොවුන්ට දඬුවම්... කරවන්න පුතා හිස් අතින් ලංකාවට එන්නේ නැහැ. පෝලිමේ කුඩු නැව් එනවා මොවුන්ට සින්දු ලියන්න ඕන කුඩු එපා වෙන විදියට අපේ කට්ටියට. හෙට වෙනකොට මේ සේරම අමතකයි. අවුරුදු ගානක් ප්‍රභාකරන් ලේ බිව්වා.. දැන් ඇඟට නොදැනී ජීවිත බිල්ලට ගන්නේ තමන්ගේ උන්මයි. මොවුන්ට වරද තිබුණත් නැතත් එල්ලන්න..
අයියෝ කෝ මේ කළා කාරයෝ. මේ වගේ වීරයෙක් එතෙර නමක් තියලා එනකොට ගුවන් තොටුපොලේදී මෙහෙමද පිළිගන්නේ .