
(අංජුල මහික වීරරත්න)
විදුලි බල ඇමතිවරයා විදුලි කප්පාදුවක් නොවන බව කියද්දී විදුලි බල මණ්ඩලය විදුලි කප්පාදුවකට වේලාවන් ප්‍රසිද්ධ කරනවා නම් ජනතාව පිළිගත යුත්තේ කුමන ප්‍රකාශයදැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රශ්න කළේය.
ඇමතිවරයා විදුලිය නොකපන බව ප්‍රකාශ කළත් ඔහු ඒ ප්‍රකාශය කළ දිනයේ පවා ප්‍රදේශ ගණනාවක විදුලිය කප්පාදු වූ බැවින් ජනතාවට දැන් ඉටිපන්දම් පෝලිම්වලට යන්නට සිදුව ඇතැයි ද විජයවර්ධන මහතා සඳහන් කළේය. ලෝකයේ සියලු රටවල් තාක්ෂණයෙන් විද්‍යාවෙන් ඉදිරියට යද්දී ලංකාව නැවත විදුලිය නැති ගල් යුගයට ගමන් කරමින් සිටින්නේ එජාප නියෝජ්‍ය නායකයා කීවේය.

COMMENTS
හේතුව තමයි ඔබලා වැනි දේශපාලුවන් .ඒ නිසා තමයි බුරුතු පිටින් තරුණ ළමයි එම්බසි ගාව පෝලිමේ ඉන්නේ
මහත්තයෝ ලෝකය විද්‍යාවෙන් ඉදිරියට යනකොට විදුලිය කපන්න බැරිද? වෛද්‍ය විද්‍යාව දියුණු උනාට කකුල කපන්න ඕනෙනම් කපන්න වෙනවා.