(විනීතා එම් ගමගේ)
දේශීය වෛද්‍යවරු කොවිඞ් 19 වයිරසයට ප‍්‍රතිරෝධී, එකිනෙකට වෙනස් විකල්ප බෙහෙත් වර්ග 50කට ආසන්න ප‍්‍රමාණයක් හඳුන්වා දුන් නමුත් රාජ්‍යය සිසාරා පැතිර ඇති බටහිර වෛද්‍ය ක‍්‍රමය හේතුවෙන් ලෝකය බේරාගත්, රාජ්‍යය යන ගෞරව නාමය අපට අහිමි වූ බව රජයේ මාධ්‍ය ප‍්‍රකාශක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අද (09) පැවති ආණ්ඩුවේ පක්ෂ නායකයින්ගේ මාධ්‍ය හමුව අමතමිනි.
බටහිර ගැති ආකල්පවල ගැලී ජීවත් වන විපක්ෂය දේශීය වෛද්‍ය ක‍්‍රම ඔස්සේ සොයාගන්නා බෙහෙත් අපහාසයට උපහාසයට ලක්කරමින් සිටින්නේ යැයි ද ඔහු කියා සිටියේය. ඔවුන් විද්‍යාව ලෙස දකින්නේ බටහිරෙන් ඇති වූ විද්‍යාව පමණකැයි ද ඔහු කියා සිටියේය.
නමුත් ඊට වඩා දියුණු දැනුම ලබා ගැනීමේ ක‍්‍රම දේශීය වෛද්‍ය කර්මයේ ඇති බවත් අධ්‍යාත්මික දැනුම ලබා ගැනීමේ ක‍්‍රම පවා ඇති බවත් ඒ ක‍්‍රම සමග බටහිර ක‍්‍රමවේදයන් සංසන්දනය කිරීමේ දී බටහිර වෛද්‍ය විද්‍යාව දණ ගාන අවදියේ සිටිතැයි කිව හැකි බවත් අමාත්‍යවරයා කීය. ශ්‍රී ලාංකේය වෛද්‍ය කර්මය ඇතුළු සම්ප‍්‍රදායික දේ ගරහන්නන් එසේ ගරහන්නේ මේ ජාතියේ අභිමානයට බව මතක තබා ගත යුතු යැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.
ප‍්‍රතිශක්තිකරණ ඖෂධ යනු බෙහෙත් නොවන බවත් රෝග වැළ`දීමේ ශක්තිය වැඩි දියුණු කිරීම පමණක් වන අතර වයිරසවලට බටහිර බෙහෙත් නැතත් දේශීය වෙදකමේ බෙහෙත් ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. දේශීය දැනුමට නිගා නොකරන්නැයි විපක්ෂයනේ ඉල්ලා සිටින බව ගම්මන්පිල මහතා තව දුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තයි සර්....
ඉතින් මේක විපක්ශයේ ආන්ඩුවක් නෙමෙයිනෙ ඔයාලගෙ ආන්ඩුවක්නෙ... ඔයාලට ඔය හැදෙන ලෙඩ්ඩුන්ට දෙන්නෙ පුලුවන්නෙ... ආයෙ ඒකටත් විපක්ශෙට බැන බැන ඉන්නෙ ...
පරගැතිකම අවජාතක ලක්ෂණයක්...
මෙයා නේද ඉස්සර පන්සලට දන්බත් දුන්නේ? බුදුදහම විනාශ කරන අය තමයි පාර්ලිමෙන්තුවට කඩා වැදිලා ඉන්නේ...
වයිරසවලට බටහිර බෙහෙත් නැතත් දේශීය වෙදකමේ බෙහෙත් ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
ආණ්ඩු පක්ෂයේ ඉදගෙනත් තවත් විපක්ෂයට බැන බැන ඉන්න එපා. 2/3ක බලයක් තිබිලත් වැඩක් කරන්න බෑ කියන්නේ නොහැකියාව මිසක් වෙන දෙයක් නෙමෙයි. අපේ දේශීය වෙදකමේ විශ්ම කර්ම වැඩ තියනවා තමයි. ඒක අවතක්සේරු කරන්නේ නෑ. යම්කිසි බෙහෙතක් හොයාගත්තානම් නිසි පරීක්ෂණ සිදුකර එහි සාර්ථක අසාර්ථක බව තහවුරු කර ජනයා අතරට පත් කිරීමට කටයුතු කරන්න. අමතක කරන්න එපා දැන් ඔයාලා ඉන්නේ ආණ්ඩුවේ. ඒ හින්දා පුරුද්දට වගේ කාටවත් බැන බැන ඉන්න එපා. වැඩ කරලා පෙන්වන්න.
දනගාන බටහිර බෙහෙත් හොයාගෙන හොරපාරෙන් බඩගාගේන යන්නෙත් මෙයාලම තමයි.
මොන අහිමි වීමක්ද? තවමත් කාලය තියෙනවනේ? ඔය කියන ඖෂධවල ක්‍රියාකාරිත්වය පරික්ෂා කර බලලා ඊට පස්සෙනේ ඔය වාගේ ප්‍රකාශ නිකුත් කරන්ඩ වටින්නේ?
අයියො මෙ සබාවෙ මිනිස්සු මොන තරම් දේශපාලනික වශයෙන් අසු වෙනවද?
අවුලක් නෑ.. සර් ඇමරිකන් නිසා..
මෙයාලා මෙ ලෑස්ති වෙන්නේ බටහිරෙන් ගෙනෙන එන්නත් ටික තමන්ට තියාගෙන මෙසන් බාස්ලා හදන වසවිස දුප්පත් අපිට පොවන්න. මෙ කතා හොදයි ඉතින් මෙයාලගේම අනුගාමිකයින්ට ....
එතකොට දැන් කොවිඩ් පැතිරුණේ දොස්තරලාගේ වරදින්... ඒ ප්‍රශ්නෙදීත් ආණ්ඩුව දිනුම්..
ලෝකය හිනස්සන රාජ්‍යය නොවුණා නම් ඒ ඇති.
ඔබට බලය ලැබි ඇති නිසා කරන්න බැහැ කියලා අඩන්න ඔනෑ නැහැ. ඔබගේ නොහැකියාවට අනික් අයට දොස් පැවරීම නුසුදුසුය.
ඔය කතාව කියවනකොට මට හිනා ගියා.
අනේ මහත්තයෝ ගොන් ටෝක් නැතිව යමක් ඇත්නම් එය නියමාකාරව ජනතාවට ලබාදෙන්න. තවත් නාගයා නම් වඩම්මවන්න එපා.
සිංහල වෙදකම නිවැරදි විදිහට පුරාණයේ තියෙන්නට ඇති. ඒත්, අද එහි කිසිදු පර්යේෂණ මට්ටමක් නැහැ. බොහෝ සිංහල වෛද්‍යවරුන් ලෙඩ වුණාම බෙහෙත් ගන්නේ ඉංග්‍රීසි වෛද්‍යවරුන්ගෙන්.... දේශීය වෛද්‍යවරුන් අතර හොඳ අය ඉන්නවා. ඒත්, බොහෝ හොරුන්, සමාජය පිළිනොගන්නා හොරුන් වංචනිකයන්, නූගතුන් ඒකට රිංගලා. මේසන් බාස්ලා, වඩු බාස්ලා වැනි අයද ඒ වෙදකම කරණාවිට මිනිසුන්ගේ ගෞරවය නැතිවී යනවා. මේවා හෝ ජාතිවාදය අවුස්සා රටේ පවතින ගැටළුකාරී ප්‍රශ්ණ අමතක කරවීමට ඇතැමුන් කරනා උප්පරවැට්ටි වලට ජනතාව මුලා නොවිය යුතුය.
විපක්ෂය දේශපාලන වාසිගන්න මොනවා කිව්වත් අදටත් හොඳට වෙනිවැල්ගැට, කොත්තමල්ලි, විකිනෙනවා. අපේ රටේ බහුතරයකගේ ඇගේ දේශීයත්වය තියෙනවා. තාමත් අපේ රටේ බහුතරයකට දේශීය බෙහෙතේ ගුණ දැනෙනවා. දේශීය චින්තනය දුටුගමන් හිත රිදෙන, ඇඟ කසන සුළුතරයක් කොහොමත් ඉන්නවා. මේ පරගැතියන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ දේශීය චින්තනයට ගරහලා ඒක විනාශ කරලා වාසි ගන්න විතරයි.
තවදුරටත් කතන්දර උවමනා නැත. කළ යුත්තේ නිසි පරිදි පරීක්ෂා කොට රෝග නිවාරණයට යොදා ගැනීමයි. එය සත්‍ය වශයෙන්ම ප්‍රතිඵලදායක නම් එයට එරෙහිව නැගෙන සියලු චෝදනා ඉබේම ප්‍රතික්ෂේප වී යනු ඇත.
ගොන් කතා කියල අපේ රටේ ජනතාව එතරම් මෝඩ තැනකට ගෙන යන්න තරම් සාමාන්‍ය මිනිස්සු මෝඩ නැ. ඔහෙගේ සහ සෞඛ්‍ය ඇමති ඇතුලූ මේ රජයේ සෙට් එක කරපු කිසිම වැදගැම්මකට ඇති වැඩක් තියෙනවද දේශීය බෙහෙත් ජත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් ඇති විදිහට ටෙස්ට් පර්යේෂණ කටයුතු කරන්න? නැහැ නේද? නිකන් මිත්‍යා මත, බොරු ගොන් වැඩ වල එල්ලිලා දෙකයි පනහේ තුට්ටු දෙකේ කතා, කියන්නේ. ඔයට වඩා හොඳයි අර ගඟට දාපු මුට්ටියක් ඔය ඔළු ගෙඩි යට දාගත්ත නම්. නුඹලා වගේ අය කොහේ රට ගොඩනගන්නද? තව අගාධයට ඇද ගෙන යනව ඇරෙන්න. පින් බත් ගිල ගිල මහජන මුදල් නාස්ති කර කර...
මේ වගේ මෝඩ කථා.... රටේ නායකයින් කියද්දි මගේ රට රට ගැන පුදුම දුකක් හිතෙන්නේ...
වැඩෙට පෙර දේශපාලන කයිවාරු ගැසීම් මීට හේතු වුණා.
මහර බන්ධනාගාරයෙදී මොලේ අවුල් වෙලාද කොහේද?
මෙයා තමයි වොෂින් මැෂිම... අනුන්ගෙ පව් හෝදන්න හරිම දක්ෂයා. මැතිවරණයක් කිට්ටු වෙනකොට මෙයා අත්‍යාවශ්‍යම කෙනෙක්. වැඩ වැරදුනහම මෙයා තමයි හෝදන්නෙ. ජාතිවාදය නොකියා අවුස්සනවා. ඩොක්ට් සාපි ගැන මිනිස්සු මොන තරම් බලාපොරොත්තු වුනාද? කෝ අද හඩක්වත් නැහැ.
තුනෙන් දෙකක බලයක් දුන්නේ විපක්සේ කියන විදියට වැඩ කරන්නද මහත්තයො? ඔය කියන එක අහිමි වුණා නම් එහෙම උනේ ඔබතුමාලගෙ වරදින්....
නූතන රජ වාසල කවටයා..
අනේ පවු .... මෙ වගේ ගොබිලෙක්...
උඩ බලන්න අන්කල් අහසෙ ඩෙටා පාවෙනවා... අහසේ වලාකුළුවල ඩෙටා තැන්පත් කරයි කියපු කෙනානේඉතින් මෙවා කියන්නේ....
අමතක කරන්න එපා දැන් ඔයාලා ඉන්නේ ආණ්ඩුවේ. ඒ හින්දා පුරුද්දට වගේ කාටවත් බැන බැන ඉන්න එපා.
මොලේ කොලොප්පන්ද?
මෙන්න මෙයාට ඔය පැණිය දීලා කොරෝනා වාට්ටුවට දාපල්ලකෝබලන්න කටෙ නරිවාදම ....
අහෝ ගම්මන්පිළ නොදිටි මොක්පුර... අර ඔස්ටෙලියන් කාරයින්ගෙන් හොරාට ලියාගත්ත ශෙයාර්ස් විදිහට යන්න පුළුවන්ද බලන්න.
මෙයා අපිට පේන්න ජාතික ඇදුම ඇදගෙන ඉන්නේ.වසූරිය, පෝලියෝ, මැලේරියාව, ලාදුරු, ගලපටලය, කක්කල් කැස්ස තුරන් කළේ ඔය කියන හෙළ වෙදකමින්ද?
දැන් ආණ්ඩුව තියෙන්නෙත් ඔබතුමාල අතේ. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකුත් තිබෙනවා. විපක්ෂය මොනතරම් විරැද්ධ වුනත් ඔබතුමාලට ඕන කරන තීරණ ක්‍රියාත්මක කරන එකේ මේ බෙහෙතට විතරක් ඇයි නහයෙන් අඬන්නේ.?ඇමතිතුමා හොඳට බිම බලන්න ඔබතුමාලා හිටගෙන ඉන්නේ ආණ්ඩුව පැත්තේ. ඉතින් ඇයි මේ වගේ ගොන් කතා කියලා නිකන් කුජීත වෙන්නේ මේකෙන්... රටේ මිනිස්සුන්ට පේන්නේ ඔබතුමාලගෙ නොහැකියාව විතරයි.
ඇයි ඔහෙලා අර දුම් හට්ටි, කුණ්ඩලිනි මුට්ටි, ඒළියන්ත් වයිට්ගේ කසාය, සුදර්ශනී පැණි ගෙනාවනේ .... දැන් ඒවා වැඩද? ඉතින් එහෙමනම් උණ, හෙම්බිරිස්සාව හැදෙන එක වළක්වන හෙළ ඔසුවක් හොයාගන්නකෝ.... ලෝකයම ප්‍රසිද්ධ වෙන්න.
ක්ෂය රෝගය හොදකරන්න ඉංග්‍රීසි ඛෙහෙත් මාස 06ක් බොන්න ඔනෑ... අනේ මහත්තයෝ... ඔය කට්ටියට කියලා වෙල් 3න් හොදවෙන හෙළ ඔසුවක් හොයලා දෙන්නකෝ... බුදුබව අත්වෙයි.
බොරුවෙන් ජීවත් වෙන්න හදනවා.
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න....... "අදහසක් නැත.!"
බයවෙන්න එපා මහත්තයෝ.... ගොන්කම නිසා තමන්වම විනාශ කරගත් ජාතිය විදිහට ගෞරවය අපිට මිස වෙන කාටවත් යන්නේ නැහැ.
පුළුවන්නම් ඔක ට්‍රම්ප්ට බෝතලයක් යවන්න.... මනුස්සයා බීලා දායි...