අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.ඒ.එස්. වීරවංශ
ලෝකාන්තය නැරඹීමට පැමිණ ඉන් පහළට ඇද වැටුණු ජර්මන් ජාතික සංචාරක තරුණියකගේ සිරුර ලෝකාන්ත බෑවුමෙන් අඩි තිහක් පමණ පහළ ගසක රැඳී ඇති බව ගුවන් හමුදා හෙලිකොප්ටරයක් මගින් කළ සෝදිසි මෙහෙයුමකදී නිරීක්‍ෂණය කළ බව සමනලවැව පොලිසිය පවසයි.
අනතුරට පත් තරුණිය තවත් සංචාරකයන් පිරිසක් සමඟ අද (11) ලෝකාන්තය නැරඹීමට පැමිණි අවස්ථාවේ පහළ නිරීක්‍ෂණය කරද්දී ඇය පහළට ඇද වැටුණු බවට මුලික තොරතුරු වලදී අනාවරණය වී තිබේ.
සිරුර රැඳී ඇති ප‍්‍රදේශය පට්ටිපොල පොලිස් වසමට අයත් බව පැවසූ සමනලවැව පොලීසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ලෝකාන්තයෙන් ඇද වැටුණු ජර්මන් කතගේ සිරුර සොයාගනී
nisar Sunday, 11 November 2018 07:45 AM
සැතපුම් හයක් විතර කන්න බොන්න නැතිව පයින් යන්න ඕන තැනක් ඕක. ඔතනින් වැටුන් නැති මිනිස්සුත් බාගෙට මැරිලා තමයි එළියට එන්නේ. හදිසියේ ලිස්සුනත් අල්ල ගන්න තුත්තිරි ගහක් වත් අහල පහළ නැහැ. ඇතුළට යවන්නේ නම් හරියට ගුවන් තොටුපල පිටත් වෙන පර්යන්තයෙන් වගේ චෙක් කරලා. පොඩි ළමයන්, වයසක අය නම් යන්න එපා...
Perakum Sunday, 11 November 2018 11:01 AM
වෙනත් රටවල නම් මෙවැනි ස්ථාන වල සංචාරකයින්ගේ ආරක්ෂාවට නොයෙක් ක්‍රියාමාර්ග ගන්නා නමුත් අපේ රටේ එවැන්නක් නැත. සංචාරකයින් සඳහා නැරඹුම් මැදිරි සකස් කිරීම එවැනි එක් ක්‍රියාමාර්ගයකි. හදිසියේ කෙනෙක් වැටුණොත් රඳවා ගැනීමට හැකි අන්දමේ ආරක්ෂක බාධක සවිකිරීම තවත් සුදුසු ක්‍රමයකි. රජයේ බලධාරීන් මේ ගැන වහාම අවධානය යොමු කොට නිසි ක්‍රියාමාර්ග නොපමාවම ගත යුතුයි...