(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති විශේෂ කොමිසමේ නිලධාරීන් වනාතවිල්ලුවට පැමිණ ලැක්ටෝ වත්ත පිළිබඳ තොරතුරු ප්‍රදේශවාසීන්ගෙන් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් අද (07) ලබාගත් බව එම ඒකකයේ නිලධාරියෙකු පැවසීය.
කොමිසමේ නිලධාරින් වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ලැක්ටෝ වත්තට අයත් කරඩිපුවල් ග්‍රාම නිලධාරී වසමේ සේවය කළ ග්‍රාම නිලධාරීවරයා සහ දැනට එහි සේවයේ නිරත ග්‍රාම නිලධාරීවරයාගෙන් ද ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.
එහිදී මෙම ලැක්ටෝ වත්ත අයත් කරඩිපුවල් ග්‍රාම නිලධාරී වසම බාරව සිටි පොලිස් නිලධාරීන් පිළිබඳවද විස්තර ලබා ගත් බව එම කොමිසමේ නිලධාරියෙකු පැවසීය.
වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් පුහුණුවීම් සිදුකළ ස්ථානයක් වන අතර අක්කර 75 කට ආසන්න මෙම ඉඩමේ පිහිටි නිවස ආසන්නයේ සඟවා තිබූ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් 2019 වසරේ ජනවාරි 16 වැනිදා සොයාගනු ලැබූහ.
එම ස්ථානයේ රැඳී සිටි සැකකරුවන් සිව් දෙනෙකුද එහිදී අත් අඩංගුවට ගෙන තිබේ.
පාස්කු ප්‍රාහාරයෙන් පසුව මෙම ලැක්ටෝ වත්ත අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ දැඩි පරීක්ෂාවට ලක්කර ගිනි අවි තොගයක් ද සොයා ගෙන තිබුණි.
කිසියම් පිරිසක් මෙම ඉඩමට ඇතුළු වී කිසියම් දෙයක් සොයන්නට වෙහෙස වී ඇති බව පොලිසිය පැවසීය.
මෙම සිද්ධියත් සමඟ අවස්ථා කිහිපයක්දී ලැක්ටෝ වත්ත රජයේ රස පරීක්ෂකවරයාගේ පරීක්ෂාවටද ලක්වී තිබේ.



2025 දෙසැම්බර් මස 18
165
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
151
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
958
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලැක්ටෝ වත්ත ජනාධිපති කොමිසමේ නිලධාරීන්ගේ පරීක්ෂාවට
kukarathiyala alagiyawanna Wednesday, 08 January 2020 12:48 AM
මේ වත්තේ ආසාවත් අතහරින්න වෙයි වගේ ? මල්වානේ වත්ත වගේ.....