(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලාංකිකයන් අද ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නින්දිත හැසිරීම නැවත වරක් දුටු බව කොළඹ බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස් මහතා සඳහන් කර ඇත.
පාර්ලිමේන්තුවේ අද (16) ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍යය මහ කොමසාරිස්වරයා එම කරුණු සඳහන් කර තිබේ.
බ්‍රිතාන්‍යය මහ කොමසාරිස්වරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ ද දැක්වේ.
“ශ්‍රී ලංකාව පුරා සිටින ඡන්ද දායකයන් පාර්ලිමේන්තුවට සාමාජිකයන් පත් කරනු ලැබුවේ වැදගත් රාජකාරියක් වෙනුවෙන්. එහෙත් ශ්‍රී ලාංකිකයන් අද නැවත වරක් ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නින්දිත හැසිරීම දුටුවා. එය ඔවුන්ට කිසිසේත් සුදුසු නැහැ. එමෙන්ම පාර්ලිමේන්තුව උතුම් ආයතනයකට ගැලපෙන්නේ නැහැ.
පාර්ලිමේන්තුවක සාමාජිකයන් විසින්ම එහි කටයුතුවලට බාධා කරන විට කිසිදු පාර්ලිමේන්තුවකට එහි කාර්යභාරය ඉටු කරන්න බැහැ”යනුවෙනි.
මේ අතර ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපද, ජපන්, ඉන්දීය සහ ඕස්ට්‍රේලියාව යන රටවල නියෝජිතයන් සිංගප්පූරුවේදී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බවත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට අනුව ප්‍රශ්න විසඳා ගැනීමට ශ්‍රී ලංකාව දිරිමත් කරන බවත් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.
COMMENTS
අනේ ඔබතුමාලටම තමයි මේවත්... ඒවා නැවත අරගන්න.
අපි බ්‍රිතාන්‍ය රජයේ නින්දිත හැසිරීම දුටුවේ 1815 සිට. එය නැවත 2009 දී උපරිමයෙන් දුටුවා කොටි බේරගන්න කරපු බලපෑම් වලින්. දැනටත් දකිමින් ඉන්නවා අපේ විනය ගරුක හමුදාවලට ගෙනෙන අභුත චෝදනා සමගින්.
හොඳ අදහස, ඔබලා රටෙ අභ්‍යන්තර කටයුතු වලට අත නොගසා සිටිනවා නම් අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය අරක්ෂා වෙන බව වටහාගත යුතුය. මුදල් වියදම් කර රට අවුල් කරන්න උත්සාහ ගන්න එපා.
ඕවා ගණන් ගන්න එපා. අපේ කට්ටිය තාම ඉන්නේ 18 වැනි සියවසේ.
සහතික ඇත්ත කතාව.
විනයක් සදාචාරයක් නොමැති අයුතු දෙයින් ධනවතුන්වූ පිරිස් පාර්ලිමේන්තුවට පත්කිරීමට නාම යෝජනා දුන් දේශපාලන පක්ෂ නායකයින් මේ රට ලෝකය ඉදිරියේ අපකීර්තියට පත්කිරීමට වගකිව යුතුය. ඒ නිසා දැන්වත් මැරයන් පාර්ලිමේන්තුවට පැමිනීම වැලැක්වීමට පියවර ගතයුතුය
ජනතාව පත්කළ නියෝජිතයන් යනු එරට ජනතාවගේ පිලිඹිබුවයි. එකිනෙකාට ගරු නොකිරීම, තමන් උසස් යැයි අනෙකාට හැඟවීම, තමන්ගේ ක්‍රියාකාරකම් කිසිවකුට නොදෙවැනි විය යුතුයි ඇති පුහු ආකල්ප ශ්‍රී ලාංකික බහුතර ජනයා අතර මුල්බැස ඇත. අඳින පළඳින, කන බොන ආකාරය අනෙකා අබිබවා යාමට මිස අවශ්‍යතාව අනුව නොවේ. ගෙවල් වාහන අසල්වැසියා අභිබවා යාමට මිස සරිලන ප්‍රමාණයට නොවේ. ගමේ මරණාධාර සමිතියේ නිලදාරී මඩුල්ල මෙන්ම සියලු සමිති සමාගම් , රාජ්‍ය ආයතන, මණ්ඩල ,දෙපාර්තුමේන්තු මෙන්ම අඩුම තරමේ ත්‍රී වීලර් පාක් එකෙත් ලොක්කන් යනු ගැම්ම්මෙන් ඉන්නා, අධ්‍යායාපනය අඩු , දේශපාලන රැකවරණය ලබන ගහ මරා ගන්නා පිරිසකි. තමන් පත්කරන ඕනෑම නියෝජිතයෙකු, පාර්ලිමේන්තු යවන මන්ත්‍රීගෙන් හෝ ඇමතිගෙන් බලාපොරොත්තුවන්නේ රට ගම හැදීම නොව, ලයිසන් නැතිව, වැලි ට්‍රැක්ටරය , මෝටර් සයිකලය , හෝ වාහනය පොලිසියෙන් ඇල්ලූ විට කෝල් එකෙන් නිදහස් කරගැනීමට, කසිප්පු ටික පෙරා ගැනීමට , ගස් ටික කපා ගැනීමට , මාළු ලෑල්ලට ,මස්කඩේට , මරණෙට මගුලට දුවගේ කොටහළු මගුලට සහබාගි වීමටය. ළමයින් පාසලට දමාගැනීමට නිකන් ඉඳන් පඩි ගන්න රැකියාවකට තමන්ගේ වගකිවයුතු කතිරය යොදාගනී ,
මහත්තයෝ අපි ඔහෙලගේ නින්දිත හැසිරීම් 1815 ඉඳලා දකිනවා.
අහිංසක රටවල් යටත් කරගෙන, පන්සල්, වෙහෙර විහාරවල් කඩකඩා, හාමුදුරුවරු ඝාතනය කරකර, ඔහෙලගේ නින්දිත හැසිරීම් මතක්කරලා දෙන්නද මහත්තයෝ?
කවුද ඔහෙට එන්න කිව්වේ?
හිරේ ඉන්න ඕනෑ අය පාර්ලිමන්ට් යැව්වම ලැබෙන ප්‍රතිඵල තමා මේ. මේවට වගකියන්න ඕනෑ වහල්ලු වගේ ඡන්දය දෙන ගොන් ජනතාව නෙමේද?
අපි වගේ පුංචි රටවල් කොල්ලකාලා මහා රාජ්‍ය ගොඩනගපු එක ගැන ඔයාලා මීට වඩා හුඟක් ලැජ්ජා වියයුතුයි.. හොඳේ..
දැන් ඔබට තේරෙනවද නිදහස දුන්නේ අපරාදේ කියලා. එහෙම නිදහස නොදුන්නා නම් දැන් පාර්ලිමේන්තුවේ ඉන්න අය ඔබලාගේ බංගලාවල ආයලා අප්පුලා හැටියට තියාගන්න තිබුණා...
මහ කොමසාරිස්තුමනි, මේවා ලෝකෙටම කියන්න පාදඩයින්ට ආණ්ඩු කරන්න බාරදීලා සිරිසේන අපිට බණ කෙලිනවා කියලයි.
ඔබලා අපිට උපදෙස් දෙන්න ඕනි නැත.
බටහිර රටවල් ලංකාවට දක්වන්නේ ආධාරයකින් නෙමෙයි. ඔවුන් කතාකරන්නේ උනන්දුවෙන්නේ දෙමළ ඡන්ද ටික ගන්න. කම්කරු සහ කොන්සේර්වටිවේ පක්ෂ දෙමල ඡන්ද සදහා තරග කරනවා.
රැළට අාරාධනා කළේ කවුද ඕවා බලන්න එන්න කියලා... පාර්ලිමේන්තුවේ රට පවා දෙන හැතිකරුන්ට බොහොම අමාරු ඇති මැදපෙරදිග රටවලට, ඇෆ්ඝනිස්තාන්වලට, අප්‍රිකානු රටවලට කරාවගේ ලංකාවටත් කරන්න.
හරි වැරැද්ද මොනවා වුණත් ඔබවගේ තානාපතියෙකුට බැහැ... රටක අභ්‍යන්තර කටයුතු ගැන ප්‍රකාශ නිකුත් කරන්න. අපේ රට මේ දේශපාලකයින් නිසා අසරණ තත්වයේ තියෙන නිසා ඔබලා බය නැතුව කියවනවා. බැරිවෙලාවත් ඉන්දියාව, තායිලන්තය වගේ රටක ඔයා ඔය කතාව කිව්වා නම් ඔයාගේ සුදුහම බලන්නේ නැහැ, එවෙලේම එලවනවා..